(අනීෂා මානගේ)
වැඩිකල් යන්න කළින් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලලා අපි පාරට බහිනවා. මේ ප්‍රේම ජවනිකාව සාර්ථක වෙන්නේ නෑ. දැන් ඩිවෝස් එක ෆයිල් කරලා ඉවරයි. නඩු තීන්දුව නැතත් දෙන්න හදවතින් ඩිවෝස් වෙලා ඉවරයි. කරුණාකරල මැතිවරණ කල් දාන්න පාවිච්චි කරපු තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා මැතිවරණයක් තියන්න. පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න. ජනතාවගේ ප්‍රශ්න විසදන්න පුළුවන් ජනතාවාදී ආණ්ඩුවක් තනන්න ඒ මැතිවරණය පාවිච්චි කරනවායැයි හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ පැවසූයේ අද (09) බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ නව මන්ත්‍රීවරුන් වැඩ භාරගත් අවස්ථාවට සහභාගී වෙමිනි.
වැඩුදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරය මෙසේද පැවසීය.
‘දැන් කමිටු දාගෙන එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න කට්ටියක් කථා වෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයලු සභාපති. අනේ පව් අර රනිල් මහත්තය අයින් කරල අලුත් අගමැති කෙනෙක් ගේන්න ඕන කියල අලුත් පක්ෂ නායකයෙක් ගේන්න ඕන කියපු අයට තමන්ගෙම පුටුව තමයි මාරු කරගන්න වෙලා තියෙන්නේ. කමිටුවේ ඉන්න අය තමයි කමිටුවේ පුටු මාරු කරන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය අනිත් පැත්තෙන් කියනවා අපිනම් යන්නේ නෑලු ඇමතිකම් දාලා. යන්න එපා කියල ජනාධිපතිතුමා කියනවලු. ඒ අයට එන්න ඕනේ. ඒ අය ඇවිල්ල විපක්ෂයේ වාඩි වෙන්න ඕන. මේ ආණ්ඩුවේ අදූරදර්ශී පාලනයට එරෙහිව විශ්වාසභංගයට ඡන්දෙ දුන්නා. විපක්ෂයේ ඇවිත් වාඩි වෙන්න ඕන. හැබැයි ජනාධිපතිතුමා කියනවා අනේ මාව දාලා යන්න එපා කියලා.
මේ තනිකර තමන්ගේ පක්ෂය ප්‍රතිපත්ති රට පාවල දීල දැන් මේ දෙන්නගේ ප්‍රශ්නේ තියෙන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න නෙවෙයි. තමන්ගේ ප්‍රේම ජවනිකාවේ දෙවෙනි අධියර පිළිබදව සාකච්ඡා කරන එක. අපි මේ ආණ්ඩුවට කියන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද? එයා දැන් සක්විති.. සක්විති රණසිංහ හිරේ. සක්විති වික්‍රමසිංහ සබේ.
ඔන්න පේනවා නේද හොර පෙරකදෝරුවගේ කතාව? දළදා මාලිගාව වටේ පව්ලට රේස් පදින්න ඕනෑ වෙලා වගේ ඉක්මණට...
එහෙම කොහොමද? ඉන්දියාව සහ බටහිරට අවශ්‍ය රිලා නැටුම් ටික ඉවර කරලා තමයි මැතිවරණයක් තියන්නේ.
විපක්ෂයේ ඉන්න හරිම අමාරුයිනේ! පාරට බැහැලා බැරි නම් එකෙක් දෙකක් මරලා හරි කමක් නැහැ බලයට එන්න තමයි දන්නේ... පරණ පුරුදු සෙල්ලම් ටික දාන්න.
මෙයාලට බලය ගන්න තියෙන තදියම වගේ ජනතාවට සේවය කරන්න නම් නැහැ නේද?
තාත්තාගේ නමත් කාලා. තව කියවන්නත් එනවා. අයවැය පරද්දලා ඡන්දයක් ඉල්ලනවා නම් කමක් නෑ. එහෙමත් බැරි නම් 2020 වෙනකම් ඉන්න ඕනෑ. කඩින් කඩ මැතිවරණ තැබීමේ සංස්කෘතියට තිත තැබිය යුතුයි.
සුදුසුකම් තියන නීතිඥයෙක් නම් මැතිවරණයක් ලබා ගැනීමේ නෛතික ක්‍රියාදාමයක් ගැන කතා කරනවා මිසක් මිනිස්සු පාරට බස්සලා ජන ජීවිතය අඩාල කිරීම ගැන කතා කරන්නේ නැහැ.
මෙයා කිව්වට මොකටද මැතිවරණ තියන්නේ, එව්වට කාල සටහනක් තියෙනවා. බලය නැතුව ඉන්න බැරි කෙනෙක් මොකද කරපු වැරදි එලියට එන බව දන්නවා
මේක ප්රජාතන්ත්රවාදී රටක්. එක එක්කෙනා පෙළපාලි ගිය පලියට මැතිවරණ තියන්නේ නෑ. මැතිවරණ තියන විදිහ ව්‍යවස්ථාවේ තියෙනවා.
අද ලංකාවේ දේශපාලනයේ තියෙන්නේ "මහජන සේවය" නොව "බල වියරුවකි".
හොඳ වෙලාවට මේ අයියා මලෝ සෙට් එකට ක්‍රිකට් ගහන්න බැරිවුනේ. ඉස්සර මේ සෙට් එක තරඟ සංවිධානය කරලා, මේ අයම ගහලා, මේ අයගේම චැනල් එකෙන් පෙන්නගෙන, මේ අයම දිනලා, මේ අයගේම තෑගි, විශේෂ අමුත්තන් වන මේ අයගේම දෙමව්පියන්ගෙන් මේ අයම ලබා ගන්නවා. හරිම ස්පෝටි දක්ෂයෝ ටිකක්...
පිටිගල අයියේ සම්පුර්ණ ඇත්ත. මේ අය ක්‍රිකට් ගැහුවා නම් ලෝකපූජිත මහේලලා, සංගක්කාරලා අද කොහේ ඉඳියිද?
බලාගෙන ඉන්න ආයේ මේ රටේ ඉන්න අය එක්ක රට වටේ ලෝකේ වටේ ගිහින් මගුල් නටන්න තමයි හදන්නේ. මහජන මුදල්වලින් හා මහජන දේපල විකුණා ඒවාගෙන් ලැම්බොගිනි ගේන්න ආයේ කාටවත් දේශපාලනේ රජ වෙන්න ඉඩ තියන්නේ නැහැ. අපි මේ රටවල දහදිය මහන්සියෙන් නොවිඳින දුක් විඳිමින් හම්බකරලා ලංකාවට එවපුවාම ඒවා ගසාකාපු කාලේ ඉවරයි. ආයේ එන්නේ නැහැ.
ඔන්න කට ඉස්සර කරගත්තා. තාත්තාට ගෙදර යන්න වුනෙත් ඔය ටිකිරි මොලේ නිසා තමයි. කිව්වොත් කියන්නේ මොන්ටිසෝරි කතාවක්...
මුළු ලංකාවම හොර ඔප්පු හදලා ලියාගෙනද දන්නෙත් නැහැ. දැන් අයිති නිසාද මේහෙම කතා කරන්නේ? හිතුන හිතුන දේවල් කියවන්නේ ඒ නිසයි. කල දේවල් ගැන කිසි ගානක් නැහැ. අපිට නම් මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මනුස්ස ආත්මයක් ලබාගන්න කොතරම් පින් කරන්න ඕනෙද?
මේ රටේ අනාගතය පාරට දාලා මහා ණය කන්දකට රට හිර කළේ කව්ද? කෝටි ගණන් හොරකම් කරලා රටේ සල්ලි අම්මගෙ, අප්පගේ බූදලේ වගේ තමයි මේ අය හිතුවේ... රටම කාලා තවත් කයිවාරු ගහනවා. තාජුදීන්ගේ ළමයට තාත්තව හොයලා දෙන්න... මේවට හෙන ගහනවා කවදා හරි...
මහත්තයෝ, විශ්වාසභංගේ පොඩ්ඩක් පත්තියන් වෙනතුරු වත් ඉවසලා හිටියොත් නරකද? දැන්මම පාරට බහින්න එපා...
ඔලුවේ වැඩ කරන්නෙම බලය ලබාගෙන තමන් සහ පවුලේ සාමාජිකින්, අතවැසි ගෝල බාලයින් කරපු වැරදි සම්බන්ධයෙන් ඇති නඩුහබ සහ ලැබිය හැකි දඬුවම් වලින් බේරීම සඳහා කෙටි මාර්ග සෙවීමයි. මේගොල්ල බලයේ සිටි කාලයේ කරපු දේවල්වලට තවමත් අහිංසක මහජතාව මත පැටවී ඇති බර මෙයාල නැවත බලයට ආවොත් හෑල්ලු කැර දෙතැයි විශ්වාස කළ හැකිද?
ඔබලාට බලය නැති විට තමා ජනතාව අවශ්‍ය වෙන්නේ ඔබලාට බලය තිබෙනකොට ඔලුවේ තිබෙන්නේ ලැම්බෝර්ගිනි කාර්, තරු පහේ හෝටල් හදන ඒවා