චන්ද්‍ර සේන ගමගේ
විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා පක්ෂයෙන් ඉවත් නොවන බවත් මොන තත්වයක් යටතේ වුවද පක්ෂය සමග බැදී සිටින බවත් සඳහන් කරමින් ලිඛිතව දන්වා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා අද(08) සවස වීරකැටියේ පැවති උත්සවයකදී පැවසීය.
ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම බව ද ඇමැතිවරයා කීවේය.
‘විශ්වාස භංගයේදි පවා අපි කටයුතු කළේ පක්ෂය ශක්තිමත් කරන තීන්දුවකට අනුවයි. අපේ 16 දෙනාට විරුද්ධව එ.ජා.ප. කටයුතු කරනවා නම් අපි ඊට ඉඩ දෙන්නේ නෑ. අපි අපේ පක්ෂයේ අය වෙනුවෙන් පෙනී සිටිනවා.
හෙට(09) පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී පවා බෙදී නොයන එකමුතුව වැඩ කරන්නට හැකි තීන්දු තීරන හැරෙන්නට වෙන කිසිදු තීරණයක් ගන්නේ නැහැ. විශ්වාස භංගයේදී එය ගෙනා පාර්ශවය ආණ්ඩුවට විරුද්ධව එය ගෙන ආපු දෙයක් බවට පරිවර්තනය වුණා. ආණ්ඩුව අපහසු තාවයට පත් වෙන තීන්දු වලට අපේ පක්ෂය යන්නේ නෑ.‘ යැයි ද ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි!!! මෙහෙමත් ඇමතිලා මන්ත්රීලාට මිනිස්සුත් ඡන්දෙ දෙනවනේ.? හැබැයි කීප දෙනෙක් නම් ලිස්ට් එකෙන් අාවේ. ඒ අයව නම් යවන්නම ඕනෑ. පිනට දුන්න ගුණයවත් නැති නිසා...
මේ අයට කටවල් කීයක් තිබෙනවාද? ඒවා කොහේ තියෙනවාද? ඒවායින් මොනවා කියවෙනවාද? ඒවාට දත් තිබේද? නොතිබේද යන්නවත්... මේ කට්ටිය නොදන්නා බව පෙන්නේ කියන අපබ්‍රංශ නිසායි.
සත පහක්වත් වටින්නේ නැති ජරා ඇමතිලා. අගමැතිට විරුද්ධව විශ්වාසභංගය දිනවන්න ඡන්දය දුන්නා වගේම දවසක ජනපතිට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවත් මේ අය කරන්නේ ජනපතිට විරුද්ධ ඡන්දෙ දෙන එක. ආණ්ඩුවේ ඉන්න අය ආණ්ඩුව අපහසුතාවයට පත්කරමින් මහින්ද, ඝෝඨාට කඩේ යන ඔවුන්ගේ වුවමනාවන් ඉෂ්ට කරන විෂබීජ....
විශ්වාසභංගෙට පක්ෂව ඡන්දය දීම ගැන කෘතඥ වෙනවා. නමුත් මේ ගොල්ලෝ ආණ්ඩුවෙන් දුම්මල ගහලාවත් යවන්න බැහැ. කව්ද හලෝ අනාත වෙන්න කැමති...
අප රටේ වැදගත් දේශපාලන පක්ෂයක් තුනට කැඩී ඇති වෙලාවක එහෙම උනේ කොහොමද කියා සොයන්නේ නැතුව ආණ්ඩුවේම අනෙක් කණ්ඩායමට දොස් පවරමින් "වෙලාව ලැබුනොත් කියන්න බැරුව හිටිය සේරම කියනවා" යැයි වහසි බස් දෙඩීම සිනාවට කරුණකි. අද වෙලා ඇත්තේ උදේට මහගම සේකර මාවතේද සවසට කිංසි පාරේද ගැවසෙනවා කියන කට්ටියක් කබල්ලෑවාගේ ගුහාවට රිංගාගෙන "අම්මේ මුත්තේ කීවත් යන්නේනම් නෑ" ගානට වැටී තිබීමය. මේ ආණ්ඩුව හැදුවේ අගමැති ප්රමුඛ පිරිසකි. රනිල් එලවීමට ගෙනා භංගයෙන් උනේ හාවට විද්ද ඊතලය අහක තිබු මාන පඳුරක් පසාරුකරගෙන යාමකි. අන්තිමේදී ඒකාබද්ධය ආණ්ඩුවෙන්16 දෙනෙකු ඩැහැගත්තේ "ඌරෝ කැකුණ තළන විට හබන් කුකුළන්ට රජ මගුල්" බව කියමිනි. දේශපාලනය කියන්නේ අප්‍රසන්න "ගේම්" එකකි. නොදන්නා ගේම් ගසන්නට ගොස් "අනුන්ට කැපු වලේ තමන්ටම වැටෙන්නට"සිදුවූ ආකාරය මෙහිදී පැහැදිලිවිය.
ජනාධිපතිවරයාගේ අදහස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම නම් ඇයි එදා තම පක්ෂය කඩාගෙන ඇවිත් පොදු අපේක්ෂකයා වුනේ? දැන් බොහෝ දෙනා කියන්නේ රටත්, පක්ෂයත් දෙකම අමාරුවේ දැම්ම කියායි.
එක්සත් ජාතික පක්ෂයට නම් මොනවා උනත් කමක් නැහැ නමුත් මේ රට හා එහි සම්පත් ආරක්ෂාකර ගතයුතුයී. ඒ නිසා පක්ෂයේ තනතුරුවලින් ඉවත්වනවාට වඩා වැදගත් ආණ්ඩුවේ තනතුරු වලින් ඉවත්වෙන එක.
මේ විහිලු කතා කියනවා. පක්ෂයේ විනයක් තියෙනවනම් මේ 16 දෙනා යහපාලනයට විරුද්ධව අර ඒකාබද්ධේ ගෙනාපු විස්වාශභන්ගෙට ඡන්දෙ දෙයිද?
ලබ්බට තියපු අත ම තමයි පුහුලට තියන්නේ එදාට ඇස් ඇරේවි... ඔය කට්ටියගේ අතීතය පොඩ්ඩක් මතක්කර ගත්තොත් හොදයි නොගත්තොත් පක්ෂේට අබ සරණයි.
මේ පොරොන්දුව නමට තමයි ඒ 16දෙනාට නම් පොහොට්ටුව තියෙනවා... නමුත් ඔබ තුන්දෙනාට ??