(තිළිණි ද සිල්වා )
හුදකලා නොවී ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීම මඟින් ජාත්‍යන්තරයට උපරිම සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකාවට හැකිවන බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පැවසීය.
ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස සහ ජිනීවා නිරායුධකරණ සමුළු සභාපති ධූරයේ වැඩ අවසන් කරමින් ඉකුත්දා පැවති උත්සවයක දී මෙසේ කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවිනාථ ආර්යසිංහ මහතා කියා සිටියේ විශේෂයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව මධ්‍යයේ කේන්ද්‍රගතව ඔවුන් මෙහෙයවීම හරහා ලංකාවට ජාත්‍යන්තරය වෙත දායකත්වයක් ලබා දිය හැකි බවය.
සිය අවසන් දේශනය මඟින් දශක ගණනාවක් තිස්සේ නිරායුධකරණ ක්ෂේත‍්‍රයේ ශ්‍රී ලංකාව සිදුකළ මෙහෙවරද සිහිපත් කළ අතරම පසුගියදා අවසන් වූ නිරායුධකරණ සමුළු සභාපතිත්වය හරහා නැවත වරක් අර්ථවත් දායකත්වයක් ලබා දීමට හැකි වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා නොකිව්වට අපි ඒ දවස්වල ස්වාසිලන්තය, කෙන්යාව, නැගෙනහිර අප්‍රිකාව, ලිබියාව, ඉරානය වැනි රටවල් සමග එක්ව වැඩකලානේ. ඉරානයේ සමාගමක් ගෙන්වා මුළු බණ්ඩාරවෙලම නැතිකළේ නැද්ද?
බොහොම හරි. ජාත්‍යන්තර අධිකරණයක් වෙත යුධ අපරාධකරුවන් ඉදිරිපත් කිරීම සුදුසුයි කියන්නේ ඒ නිසා තමයි. ඔබ තුමා එය පිලි ගැනීම සතුටට කරුණක්!
ජාත්‍යන්තර ස්විස්ටර්ලන්තය නොවෙයි..
Rocky ආයෙත් පටලවාගෙන වගේ.
රට පාවා දෙන ද්‍රෝහීන්. මේ වගේ පිංගුත්තරයින්ගෙන් රටට වන සේවය කුමක්ද?
පිංගුත්තරයින්ගෙන් රටට වන සේවය කුමක්ද? රට පාවා දෙන ද්‍රෝහීන්...
මේ පිංගුත්තර නියෝජිතයින්ට රට පාවා දීම සුළු දෙයකි. විදේශයන් ඉදිරියේ දණින් වැටී කටයුතු කරයි. මේ නිවට ද්‍රෝහීන් ගැන ජනතාව දැනුවත් විය යුතුය.