(ජූඩ් සමන්ත)
මුන්දලම-කටුපත,මනන්කට්ටුව වැවේ තිබී අද (10) අලුයම ජීව අත් බෝම්බයක් හමුවී ඇති බව පල්ලම පොලීසිය කියයි.
විදේශීය රටක නිෂ්පාදනය කරන ලද එස්.ජී.88 වර්ගයේ මෙම අත් බෝම්බයේ ආරක්ෂිත අගුල කොටස දිරා ගොස් ඇති බව පොලීසිය කියයි.
කිසියම් අයෙකු විසින් වැවට බෝම්බය විසි කර දමා තිබෙන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
බෝම්බය නිශ්ක්‍රීය කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට දැනුම් දීමට පොලීසිය කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd