අමදෝරු අමරජීව
පළාත් සභා මැතිවරණ සීමා නිර්ණය කිරිමේ කමිටුව විසින් සකස් කර ඉදිරිපත් කර ඇති වාර්තාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් යොජනාවලිය පිළිගත නොහැකි බවත් එය පුළුල්ව විමසා බලා ජනවර්ග අතර ගැටුමක් හෝ විරසකයක් නිර්මාණය නොවන පරිදි යළි සංශෝධනය විය යුතු බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතා පවසයි.
පළාත් පලාන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත යැවු ලිපියෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම යෝජනාව සිදුකර තිබේ.
කේ.තවලිංගම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පළාත් සභා මැතිවරණ නිර්ණය කමිටුව උතුරු නැගෙනහිර පළාත්වල සුළු ජන කොට්ඨාසයක් වන සිංහල ජනතාව නොසැළකිල්ලට හෙවත් පීඩනයට ලක් කිරිම හෝ එවැනි යෝජනා සකස් කිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
නොයෙල් තිත්තවැල්ල සීමානිර්ණ කමිටුවේ යෝජනාවට අනුව එතෙක් මුතුර් හා ත්‍රිකුණාමල දිස්ත්‍රිකක්ය වශයෙන් ආසන දෙකක්ව තිබු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට සේරුවිල නමින් තවත් ආසනයක් එක්වුයේ 1977 සිටය.
එය සිංහල ජනතාවට ලැබුණු සාධාරණ නියෝජනයක් වන අතර යෝජිත පළාත් සභා ආසන බෙදිමේදි 77 තිත්තවැල්ල කමිටුවෙන් ලබාදි ඇති යෝජනාද මෙම කමිටුවෙන් කප්පාදු කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
කේ.තවලිංගම් මහතාගේ සභාපතීත්වයෙන් යුත් පළාත් පාලන සීමා නිර්ණය කමිටුව දිස්ත්‍රික්කයට පැමිණ අදහස් හා යෝජනා ලබා ගත්තද ඔවුන් අවධානය යොමු කර ඇත්තේ ජනග්‍රහනය හා යෝජිත ආසන පිළිබඳව මිස ජාතින් අනුව ජනග්‍රහන ව්‍යාපෘතිය නොසළකා බවද ඇමැතිවරයා යැවු ලිපියේ තවදුරටත් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කියපු දේශපාලන සාස්තර බොහොමයක් හරි ගිහින් තියෙනවා.
නියෝජ්‍ය ඇමැති කිව්වට මෙයා මේ ආණ්ඩුවේ කකුලෙන් අදින කෙනෙක් නේද? මෙයාලා කියන දේවල් විස්වාස කරන්න පුලුවන්ද ?
චන්දන, දැන් හැමතැනම අසාධාරණය වෙලා තියෙන්නේ සිංහලයට.. මෙහෙම කෙනෙක්වත් ඒ වෙනුවෙන් කතා කරන එක ගැන සතුටු වෙන්න ඕනෑ...
මේ උන්දැගෙ මුහුණ දකින විට අපට "පොල් පරාල ඇණ" සිතට නැගෙනවා...
මෙයාලව ගණන් ගන්න එපා. මෙයාල ඇමතිවරු කියල අපි නම් හිතන්නේ නැහැ.
පරාල ඇණ ගහලා සිංහල කොල්ලන් මරණකොට සිංභලයා ගැන මෙයාට මොනවගේ සිතුවිල්ලක්ද දන්නේ නැහැ ආවේ...?
රටේ ආරක්ෂාවට අදාල ප්‍රධාන හමුදා කඳවුරු සුළු ජාතික පක්ෂවල අවශ්‍යතාව මත ඉවත් කරගැනීම සහ රට වෙනුවෙන් විශාල මෙහෙයක් කළ ආරක්ෂක අංශ ප්‍රධානීන් තොගපිටින් අත් අඩංගුවට ගන්නා අතරම ප්‍රධාන පෙළේ ත්‍රස්තවදී නායකයින් නිදහස් කොට ජාතිවාදී දෙමළ දේශපාලක පක්ෂ සතුටු කිරීම හා ඒ හරහා රටේ ආරක්ශාව පහත හෙලීම... උතුරු නැගෙනහිරදී සිංහල සුළු ජාතියට පොදු පහසුකම් සැලසීමේදි සිදුවන විෂමතා. සිංහල බහුතරය ඇති ප්‍රදේශ වල ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස තිබුණත් අන් ප්‍රදේශවලදී බෞද්ධ සිද්ධස්ථාන සහ බුදු පිළිමවලට එල්ල වන ප්‍රහාර. මෙය මුස්ලිම් බහුතරය සහිත ප්‍රදේශ වලදී වැඩි වශයෙන් දැකිය හැකි අතර එක් මුස්ලිම් අමාත්‍යවරයෙක් වරක් ප්‍රකාශ කලේ මහ මග අයිනේ දැකිය හැකි බුදුපිළිම නිසා මුස්ලිම් තරුනයන් ආයුධ අතට ගැනීමට ඉඩ ඇති බවයි. නීති විරෝධී ජාවාරම් වල යෙදෙන සුලු ජාතීන් දේශපාලන බලය යොදාගනිමින් නිදහස් කිරීමයි. ඒ මගින් ඔවුන් තව දුරටත් එවැනි කටයුතුවල යෙදීමට අනුබලදෙයි. ඉතාමත් ප්‍රසිද්ධ හෙල්මට් නීතිය. මෙම නීතිය මුස්ලිම් බහුතරය සහිත ප්‍රදේශ වලට අදාලම නැත. මුස්ලිම් රටවල පවා තහනම් ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් විය හැකි බුර්කා නැමැති මුහුනු වැස්මද පෙන්වා දිය හැක.