ක.ග කරුණාරත්න
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත්ක කර ගැනීමේ ඡන්ද විමසීම උතුරු මැද පළාත් පාලන කොමසාරිස් වරිය විසින් අත්තනෝමතික හා අසම්මත ලෙස සිදුකරනු ලැබ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා සිටී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එක් අයෙකුට ඡන්ද දෙකක් දැමීමට අවස්ථාව සලසාදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභාපති ධූරය හිමිකර ගැනීමේ අවස්ථාව අහිමි කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මින්නේරිය ආසනයේ සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී අමර්කීර්ති අතුකෝරල මහතා හිගුරක්ගොඩ දී අද(08) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
හිඟුරක්ගොඩ ප්‍රාදේශීයය සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 33 ක් යැයි ද සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඡන්දය පාවිච්චි කර නොතිබියදීත් ඡන්දය දී තිබෙන මන්ත්‍රීවරුන් සංඛ්‍යාවේ එකතුව 44 ක් බව අතුකෝරල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 13 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමේ අත්සන් සහිත ලිපියක් උතුරුමැද පළාත් පාලන කොමසාරිස්වරිය වෙත භාර දුන් බවත් ඒ මහතා කියා සිටියේය.
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව මෙසේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 13 යි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 10 යි.
එක්සත් ජාතික පක්ෂය 08 යි.
ජනතා විමුක්ති පෙරමුණ 02 යි.
ඉකුත් සිකුරාදා (06) උතුරුමැද පළාත් පාලන කොමසාරිස් එම්. කොඩිප්පිලිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ ඩී.කේ උඩවත්ත මහතා ඡන්ද 16 ක්ද එම පක්ෂයේ එල්.පී නවරත්න මහතා ඡන්ද 14ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පියතිස්ස බණ්ඩාර මහතා ඡන්ද 13 ක්ද වශයෙන් ඡන්ද ලබා ගත්හ. ඔවුන් තිදෙනා ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ එකතුව 44 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර ඡන්ද 11 ක්ම දාලා තියෙනවා. මගේ ක්ලාස්මේට් කෙනෙක් 1982 ජනමත විචාරණයේදී ඡන්ද 16ක් දැම්මා කියලා මිනිහම මට කිව්වා.
ඡන්ද 16ක්ද එම පක්ෂයේ එල්. පී නවරත්න මහතා ඡන්ද 14ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පියතිස්ස බණ්ඩාර මහතා ඡන්ද 13 ක්ද??? අනේ මන්දා...
මෙතනත් හොර ඡන්ද දාලා. අනේ මෙහෙමත් නාඩගම්?
මේ රට මේ තරම් පහතට වැටී ඇති බව මේකෙන්ම පේනවා...