(බිඟුන් මේනක ගමගේ )
ආගමික සහ වාර්ගික වශයෙන් සිදුවන හිංසන සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1956 නමින් කෙටි දුරකථන අංකයක් හඳුන්වා දී ඇතැයි ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය.
ජාතික හා වාර්ගික වශයෙන් හටගන්නා කලහකාරී තත්ත්ව කල්තියා වලක්වා ගැනීමේ අරමුණෙන් මෙම පියවර ගත් බව කී හෙතෙම ඊට සමගාමීව ග්‍රාමීය මට්ටමින් සහජීවන සංගම් පිහිටුවන බව ද අවධාරණය කළේය.
තරුණයින්, රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන්, ආගමික නායකයින්, ආන්තීකරණයට පත් වූ ජන කණ්ඩායම්, කාන්තාවන් අතර සාකච්ඡා පවත්වමින් ඊට අවශ්‍ය මූලික පියවර දැනටමත් ගෙන ඇති බව ද ඇමැතිවරයා කීය.
ඊට අමතරව සෑම රාජ්‍ය ආයතනයකටම ද්විභාෂා පරිවර්තකයන් පුහුණු කර යොමුකිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බව ද ඇමැති ගනේෂන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට දෙමළ - මුස්ලිම් අය සමග ඇති සහජීවනයක් නැහැ අනේ...
ජිනීවා එකඟතාවේ සැඟවුණු අදහසක් වෙන්න ඇති.. බෞද්ධයා මෙල්ල කරන්න.