බිමල් ශ්‍යාමන් ජයසිංහ
විදේශ රටවලට ආනයනය කරන හොඳ තේ කොළ වලට කලවම් කිරීම සඳහා ලොරියකින් රැගෙන ආ කසල තේ කොළ කිලෝ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් කැලණිය පෙතියාගොඩ ගබඩාවකට ගොඩ ගසමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
තේ කොළ විදේශ ගත කරන පෙතියාගොඩ පිහිටි ලියාපදිංචි සමාගමක් තුල හොඳ තේ කොළ සමඟ කසල තේ කලවම් කිරීමේ ජාවාරමක් සිදු වන බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදු කර තිබේ.
ගබඩාව පරීක්ෂා කිරීමේදී නුසුදුසු තත්ත්වයේ තේ කොළ අඩංගු කිලෝ 30, 40,50 බැගින් අඩංගු බෑග් සියයකට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන්ද පැමිණ කසල තේ සාම්පල ලබා ගැනීමෙන් පසු කසල තේ ප්රවාහණය කළ ලොරි රථය සහ සැකකරුවන් තිදෙනා කැලණිය පොලිසියට බාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂ කාර්ය බලකායට ස්තුති වේවා.රටේ ආර්ථිකය හා තේ කර්මාන්තය වනසන මොවුන්ට දැඩි දඬුවම් දිය යුතුයි.
ගෙලිඔය දවුලගල ගෙවල්වල මේවා ප්‍රසිද්ධව කරනවා. කවුරුවත් මේවා බලන්නේ නැද්ද ?
ආනයනය කරන හොඳ තේ වලට කලවම් කිරීමටද නැත්නම් අපනයනය කරන හොඳ තේ වලට කලවම් කිරීමටද??
මේ කසල තේ රටේ හැමතැනම රහසේ ඇසුරුම් කිරීම් සිදුවෙනවා මේ දේවල් පාරවල් ගානේ රැකවල් යොදා ගෙනය ඒ අයව අත්අඩංගුවට ගන්නවා වෙනුවට මේ දේවල් මේ අයට රහසේ අලවි කරන තේ කර්මාන්ත ශාලාවන් හිමි අයට දඩුවම් නොකරන්නේ ඇයි? මේ දේවල් කර්මාන්ත ශාලාවල මුලිකත්වය නැතිව කිසිවෙකුට තනිවම කල නොහැකී ඔඋන් මේ ගනුදෙනුව මේ අය සමග කරන්නේ අවමය තේ කර්මාන්තශාලාවට 50% වත් මෙයි අදායමක් ලැබෙන නිසාවෙනි මේ අත්අඩංගුවට ගන්නා අයට තේ ලබා දුන් ආයතනය හදුනාගන ඒ තේ ලබාදුන් කර්මාන්ත ශාලා හිමිකරුට දැඩි දඩුවමක් හෝ ආයතනය තහනම් කිරීමක් හෝ රාජසන්තක කිරීමක් කලානම් අනෙක් අයවලුන් එයි පාඩමක් ඉගෙන ගනීවි කර්මාන්තශාලාවේ අයවලුන්ගේ පුර්ණ සහයෝගයෙන් මෙය සිදුවේ විශේෂ කාර්ය බලකායට ස්තුති වේවා!!!!!!!!!