( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා වීසා ලබා ගැනීමේදී යහපත් චරිත සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට වන නීතිය තාවකාලිකව අත්හිටුවා ඇතැයි ඩුබායි සහ උතුරු එමිරේටය සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය අද (09) නිවේදනය කළේය.
එමීරයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතාවය පිළිබඳ අමාත්‍යාංශය විසින් මෙම තීරණය නිල වශයෙන් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වෙත දැනුම් දුන් බවද එම කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.
ඒ අනුව වීසා ලබා ගැනීමේදී යහපත් චරිත සහතිකයක් ඉදිරිපත් කිරීම සඳහා වන අවශ්‍යතාවය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇතැයිද එම කාර්යාලය සඳහන් කළේය.
ලාංකිකයින්ට ඇතුළු සියලූම විදෙස් ශ‍්‍රමිකයින් විදේශිකයින් එරට රැකියා වීසා ලබා ගැනීමේදී යහපත් චරිත සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට එරට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත්දා තීන්දුවක් ගෙන තිබූ අතර මෙම නව නීතිය නිසා එරට පිහිටි බොහෝ තානාපති කාර්යාල අපහසුතාවයට මුහුණ දීමට සිදුවූ බව එරට පළවන ගල්ෆ් ඩිජිටල් නිව්ස් පුවත් සේවාව වාර්තා කර තිබිණි.
රැකියා ලබා ගැනීමේදී චරිත සහතිකය අනිවාර්ය කිරීමේ නීතිය එරට මානව සම්පත් අමාත්‍යාංශය විසින් ගෙන තිබූ අතර තම පුරවැසියන් එමීර් රාජ්‍යයේ රැකියා වලට ඉල්ලූම් කිරීමේදී චරිත සහතික අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ගෙන එන ලද නීතිය නිසා බොහෝ තානාපති කාර්යාලය විවිධ අපහසුතාවලට මුහුණදීම සැළකිල්ලට ගනිමින් මෙම නීය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට එරට මානව සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවද ගල්ෆ් ඩිජිටල් නිව්ස් පුවත්සේවා වාර්තාවේ සඳහන් වේ.
අදාළ කල්දැමීම පිළිබඳව එම අමාත්‍යාංශය විසින් සිය නිල ට්විටර් සමාජ ජාල ගිණුමේ ද සඳහන් කර ඇතැයි ගල්ෆ් ඩිජිටල් පුවත් සේවාව කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ චරිත සහතිකවල විශ්වාසනීයත්වය සීයට 50ක් විතර කියලයි මං හිතන්නේ. නමුත් පොලිස් වාර්තාව ඊට වඩා නිවැරදියි.
චරිත සහතිකය නැම් පුළුවන්නම් හොර මෙඩිකල් සහතිකය නවත්තන්න. බොරුවට අපේ සල්ලි කනවා.