චමිල් රූපසිංහ
ආණ්ඩුවේ කැබිනට් ඇමැතිකම් දරන්නේ නම් ආණ්ඩුවට විරුද්ධ වීමට නොහැකි බවත්, අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයේදී ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන් ලෙස තව දුරටත් රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බවත් රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මහනුවර පුරපති ලෙස යළිත් පත්වූ කේසර සේනානායක මහතා එම ධූරයේ වැඩබාර ගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
විශ්වාස භංගයට පක්ෂව ඡන්දව දුන් ඇමැතිවරුන් දැන් කළ යුත්තේ වැදගත් ලෙස ඇමැතිධුර වලින් ඉවත් වීම බවත් පාර්ලිමේන්තුවේ මහත්මා දේශපාලනය එය බවත් හෙතෙම පැවැසීය.
තරුණයින්ට පක්ෂය තුළ වැඩ කරන්නට අවශ්‍යය පසුබිම ලබා දෙමින් මෙම මස අවසන් වීමට පෙර එජාප ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කරන බව ද රටට දැනෙන වෙනසක් කිරීමට සැළසුම් කර තිබෙන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව සහතික ඇත්ත.
විද්දෙ හාවට වැදුනෙ පඳුරට
දැන් ආණ්ඩුවක් තියනවද, තියෙන්නේ රටටම පාන්ඩුවක් මිසක්..
ඔයගොල්ලන්ම කරගෙන යන්න. කොහොමටත් කරගෙන ගියේ ඔයගොල්ලමනේ. තැටිය රත්විගෙන එන්නේ. ජනතාවට ඉක්මනටම රොටිය පුච්චගන්න ලැබේවායි අවංක පැතුමයි.
රට ගැන හිතන්න පුරුදු වෙන්න මහත්තයෝ. පක්ෂය හෝ ආණ්ඩුව නොව රට තමා වැදගත්.
ආණ්ඩුවට විරුද්ධයි කියන්නේ විරුද්ධ පක්ෂෙට පක්ෂයි කියන එකනේ. ඒ නිසා අඟේ ඉඳන් කන කෑමේ න්‍යාය අතහැරලා වෙන අතක් බලාගන්න එක රටට හොඳයි.
ඒ වගේමයි ලංකා බැංකුවේ මහජන සල්ලි වලින් පවුලේ අයත් එක්ක සැප ගන්න රට සවාරි යන්නත් බැහැ.