ඒඩ්ස් රෝගයට සමාන රෝග සහිත ඉස්සන් විශේෂයක් ලංකාවට ගෙන්වා ඇතැයි කියන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය ද්වේෂ සහගත ප්‍රකාශයක් යැයි ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති නීතීඥ උපාලි මොහොට්ටි මහතා පවසයි.
ලංකාවට ගෙන්වා ඇතැයි කියන ඉස්සන් විශේෂය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු මාධ්‍යට අදහස් දක්වමින් උපාලි මොහොට්ටි මහතා එසේ පැවසීය. ඔහු මෙසේ ද කීවේය.
‘ඒඩ්ස් වගේ බරපතල රෝග තියෙන ඉස්සෙක් ගෙනාවා කිව්වම ජනතාව අද ගොඩක් කලබල වෙලා තියෙනවා. මේ දේ ඉස්සන් කර්මාන්තයට මහත් බාධාවක්. මිනිස්සු සැකෙන් බලනවා. ඒ නිසා අපි ජනතාවට පැහැදිලි කරනවා මේ ප්‍රකාශ සම්පූර්ණයෙන් ද්වේෂ සහගත පදනමක් නැති ප්‍රකාශයක්. ජනතාවට මම කියන්නේ මේ කථාව සම්පූර්ණයෙන් අසත්‍යයක්.
අපිට හුවායි වලින් සහතිකයක් ලැබුනා රෝග දහයෙන් නිදහස් කියලා. අපි අද උදෑසන මේ ඉස්සන්ගෙන් සාම්පල් දහයක් අරගෙන පේරාදෙණියේ විද්‍යාගාරයක බත්තුලුවේ අපේ විද්‍යාගාරයකටත් යවලා පරීක්ෂණයක්ක කරනවා. හෙට උදෑසන වෙනකොට මේකේ වාර්තාව හම්බවෙනවා. මේ වාර්තාවෙන් එකදු රෝගයක් හෝ අපි හදුනාගත්තොත් මුළු සත්ව කාණ්ඩයම, සීයයම විනාශ කරන්න අපි ගිවිසුම් ගත වෙලා තියෙන්නේ.
ලංකාවට රෝග සහිත සතුන් ගෙන්වන එකට මුලින්ම විරුද්ධ වෙන්නේ ශ්‍රී ලංකා වගා සංවර්ධන අධිකාරිය. වගකීමෙන් වැඩ කරන ජලජීවි වගාව රටේ දියුණු කරන්න උත්සාහ කරන ආයතනයක් හැටියට රෝග සහිත සතුන් ගෙන්වන්න අපි ඉඩ දෙන්නේ නැහැ. සාඩා ආයතනයෙන්ම ඉල්ලපු සාඩා ආයතනයෙන්ම කාලයක් තිස්සේ සටන් කරපු ඒ වැනමි ගෙන්වන ව්‍යාපෘතිය තමයි මේ ආරම්භ කරල තියෙන්නේ.
විවිධ මාධ්‍ය වල ප්‍රවෘත්තියක් පළ වෙලා තිබුණා විශාල විෂ සහිත ඒඩ්ස් වැනි විෂ සහිත ඉස්සන් විශේෂයක් ලංකාවට ආනයනය කරන්න ශ්‍රී ලංකා ජලජීවි අධිකාරිය අවසර ලබා දීලා තිබෙනවා කියලා. මෙහි ඇත්ත නැත්ත පැහැදිලි කිරීම මගේ වගකීමක්. වැනමි කියන ඉස්සන් වර්ගය තමයි ලංකාවට ගෙනාවේ.
මේ ඉස්සන් විශේෂය ලංකාවේ 2012 වර්ශයෙත් ව්‍යාපෘතියක් විදියට පටන් අරගෙන තියෙනවා. නමුත් එය දිගටම කරල නැහැ. ඉන්දියාව, තායිලන්තය, වියට්නාමය වැනි රටවල් වල ඉස්සන් නිශ්පාදනයේ සියයට හැත්තෑවකට වඩා නිශ්පාදනය කරන්නේ වැනමි කියන ඉස්සන් වර්ගය.
මේ ඉස්සන් වර්ගය ලංකාවට ගේන්න කියල 2014න් පස්සේ වැඩිම ඉල්ලීමක් තිබුණේ අද ඔය ඒඩ්ස් වැනි වෛරසයක් තියෙනවා කියල ප්‍රචාරය කරපු සාඩා ආයතනය. සාඩා කියන්නේ ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන සංධානය. ඒ සංධානයේ එවකට ලේකම් 2015 මාර්තු 09 වෙනිදා මට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරනවා වැනමි ලංකාවට ගෙන්වන්න ඕන අවශ්‍යතාවය ව්‍යාපෘති වාර්තාවක් මගින් මා වෙත ඉදිරිපත් කලා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මේ ඉස්සන් වර්ගීකරණය කරන එක. ඇත්තටම මේ වනමි කියන්නේ රෝග කාරක ඇති විය හැකි නරක ඉස්සන් විශේෂයක්. මම හිතෙන්නේ මුදල් බලයට හෝ වෙනයම් හේතුවක් නිසා මේ ඉස්සන් වගා කරන්නට අවසර දෙන්නයි හදන්නේ.
මේ රටේ වෙන කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. මේ රට තනිකරම බොරුවේ උල්පත ඇති තැනක්. අද කියන එක හෙට වෙනස්කරන පිරිසක් ඉන්න මේ රටේ කාව මොකක් නිසා විශ්වාස කරන්නද? එපාද? කියලා වැටහෙන්නේ නැහැ. හොඳම දේ මේ රට ගැන නොහිතා ඉන්න එකමයි.
නමුත් අපි දන්නවා කොහොමද අපේ මිනිස්සු සල්ලි හමුවේ රසායනාගාර වාර්තා දෙන්නේ කියලා. ඒකට ඉහල නිලදාරී ඉදලම හවුල්.
මේකට අපි සම්පුර්ණයෙන්ම විරුද්දයි,මේ ඉස්සගෙන් ඒඩ්ස් රෝගය බෝවෙනවා කියල අපි දැන දැනම ඇයි මෙහෙ බෝ කරන්න යන්නේ ?
දැන් ඒඩ්ස් තියෙන ඉස්සෝ, කාලයක් වද පෙති,අයෙත් ප්ලාස්ටික් බිත්තර,ප්ලාස්ටික් සහල්, අනේ මෙහෙමත් රටක්,
ලෝකේ රටේ ගැන කිසිම දැනීමක් නැහැ. බොරුවට ගාල කඩාගෙන දුවනවා. හැබයි පම්පොරියනම් ලෝකේ හොඳම අධ්‍යාපනේ තියෙන්නේ මෙහෙලු.
මේ රටට අනාගතයක් තියේවිද ?
අපි ඉන්න ඇමරිකාවට සැම දිසාවකින්ම ඉස්සන් ආනයනය කරනවා. ඒ නමුත් මේ අලුත් වර්ගයේ ඉස්සන් ගැන අහලා නැත. ලංකාවේ අමුතු ලෙඩ තිබෙන බව නම් අහලා තිබෙනවා.
ඉස්සන්ගේ ඒඩ්ස් තිබුනත් වෙන මොන විෂබීජ තිබුනත් එකට බය වෙන්න එපා . සල්ලිවලට ඔය ඕනෑම බීජයක් යටයි. නේද මොහොත්තයෝ? මේක ලංකාවනේ. වෙන රටක නම් ඉතින් අපි දන්නේ නැහැ .