අංජුල මහික වීරරත්න
සිංහල දෙමළ අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් සිදු විය යුතු බව ජනාධිපති සහ අගමැති අතර පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ ඇති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසමි මහතා අද (08) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ජනාධිපති සහ අගමැති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අතර හමුවක් කොළඹ 07 මහගමසේකර මාවතේ පිටිහි ජනාධිපති නිල නිවසේදී ඊයේ (07) රාත්‍රීයේදී සිදු වී ඇත.
ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ජනාධිපති සහ අගමැති අතර දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වූ බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකිලගේ බයිලා අහලම එපා වෙලා. අද එකක් හෙට තව එකක්. පක්ෂෙ නායකයාව නූලෙන් බේරුණ එකේ දැන්වත් කොන්ද පණ ඇති ප්‍රකාශයක් කර එජාපයට බේරාගන්නවද? නැතිනම් තුට්ටු දෙකේ ප්‍රලාප දොඩවමින් පක්ෂයත් එජාප පාක්ෂිකයනුත් පාවා දෙනවද?
දැන් ඕක කී පාරක් වෙනස් කළාද? අපිටත් නිකන් දැන් පිස්සු වගේ.
මෙයා කොළඹ ඉඳන් බයිලා ගහනවා. අපේ ගමේ පාරවල් පාලම් කීපයක කුලියාපිටියේ මිනිස්සු නාපු ඔයට තමයි දැන් කුලියාපිටිය නගරයේ අය වැසිකිළි යන්නේ.. කුලියාපිටියේ ජනතාවට බොරු පොරොන්දු විතරයි.
බලමු, බාලගිරි දෝෂය අද නෙමේ හෙට. අර එජාපයේ ප්‍රතිසංස්කරණය වගේද කියලා...
මේ ආණ්ඩුව ආව දවසේ ඉදලාම කලේ රටේ සම්පත් විකුණලා විනාස කරපු එකයි හොරු අල්ලනවා කිය කියා හොරකම් කරපු එකයි කැබිනට් සංශෝධදන කරපු එකයි විතරමයි.
අවුරුද්ද කීවේ කොයි ශතවර්ෂයේද දන්නේ නෑ නේද?