(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
අනතුරකින් මරණයට පත්වු ආණමඩුව සංඝට්ටිකුලම ප්‍රදේශයේ තරුණයකුගේ සිරුරේ හෘද වස්තුව හැර අනිකුත් සියලුම කොටස් තවත් ජීවිත හයක් වෙනුවෙන් දන් දිමට ඥාතින් කටයුතු කිරීමේ අපුරු පිංකමක් පිළිබඳව අසන්නට ලැබුණි.
පසුගිය 02 වැනිදා ආණමඩුව සංගට්ටිකුලම ප්‍රදේශයේදි තවත් තරුණයකු සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ගවයකු මාර්ගය හරහා ගමන් කිරිමත් සමඟ ගවයාගේ ගැටි විසි විමෙන් එම්.පි. සුමිත් ක්‍රිශාන්ත මහතා හදිසියේ අනතුරට ලක්ව මිය ගොස් තිබිණි.
එහිදි මෙම තරුණයා ආණමඩවුව දිසා රෝහලට ඇතුළු කර ඇති නමුත් ඔහුගේ කැමැත්ත මත තමන් ට අසාධ්‍ය නොවන බව පවසමින් ප්‍රථිකාර ලබා ගෙන නිවසේ සිටියදී පසුදින අසාධ්‍ය තත්ත්වයෙන් නැවත රෝහල්ගත කිරීමෙන් පසු දින තුනකට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ ස්නායු දැඩි සත්කාර එකකයේ ප්‍රථිකාර ලබමින් සිටි මෙම තරුණයා පසු ගිය 6 වැනිදා ජිවිතයෙන් සමුගෙන තිබුණි.
මෙම තරුණයා මරණයට පත්වන්නට පෙර ඔහු ගේ අවදානම් තත්වය වෛදවරුන් දෙමාපියන්ට ඥාතින්ට වෛද්‍යවරුන් පවසා ඇති අතර මරණයට පත්විමේන් පසුව සිරුරේ දැස් යුගළ , අක්මාව ,වකුගඩු, දනිස් , පාදවල පේශී ,කොටස් ඇතුළු තවත් කොටස් ගනනාවක් වෙනත් රෝගින්ට පරිත්‍යාග කිරිමට ද දෙමාපියන් ඥාතින් කැමැත්ත මත ලබා දි තිබිණි.
මේ වන විට මෙම තරුණයාගේ සිරුරේන් ලබා ගත් කොටස් රෝගින් හය දෙනෙකුගේ ජීවිත වෙනුවෙන් ලබා දි ඇති බව ඥාතින් පවසයි. පෙදරේරුවකු ලෙස රැකියාව කළ මියගිය සුමිත් අවිවාහකයකු වන අතර ඔහු තම එකම ශක්තිය වු බව ඔහුගේ මව්පියෝ පවසති. සහෝදර සහෝදරියන් සිව් දෙනෙකුගේ පවුලේ තුන් වැනියාය.
මේ වන විට ස්ථිර රැකියාවක් නැති පියා මව සහ තාමත් අධ්‍යාපනය හදාරන නැගණීය අසරණ වි ඇත්තේ වාසය කරන්නට පවා ස්ථිර නිවසක් නොමැතිව අසරණ වී සිටිති.සුමිත්ගේ අසරණ පවුල වෙනුවෙන් ඉදිරිපත් වී උපකාර කළ හැකි අයෙක් වේ නම් එය මහඟු පිංකමකි.
තම පුතුගේ වියෝවෙන් කම්පා වි ඇති සුමිත්ගේ පියා වන එම්.පි .කරුණාරත්න මහතා පැවසුයේ
“ අපේ පවුලේ අපිව ආරක්ෂා කරපු දරුවා දැන් අපිව දාලා ගිහින් .මේ දරුවා අපිට විතරක් නොවේයි ගමේ කාටත් හොද ළමයෙක් . ඇයි මේ දරුවාට මෙහෙම දෙයක් වුනේ කියලා අපිට හිතා ගන්න තවමත් බැහැ. අපිට පුතා නැති වුනා එයා අපිට අයේ ලැබෙන්නේ නැහැ නමුත් අපිට සතුටක් තිබේනවා.එයාගේ සිරුරේ කොටස් වලන් තව හය දෙනෙකු ජීවත් වෙනවා දකින එක ට ඒ සතුට විතරයි අපිට ඉතිරි වුනේ යැයි ඔහු හඬමින් පැවසිය .
සුමිත් මෙලොව හැර යන විට තම සිරුරේ අවයව වෙනත් ජීවිත ගණනාවක් වෙනුවෙන් ලබා දිමට ඥාතින් කටයුතු කිරිම සැබැම මිනිසත් කම ඉස්මතු කර තිබේ . මෙය හෙට දවසේ ඔබටද යම් ආදර්ශයක් වනු නියතය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට උපකාර කරන්න පුළුවන්, කොහොමද කරන්නේ?
කරුණාකර ගිණුම් අංකයක් දිය හැකිද?
මෙවන් අකල් මරණයක් මතු කවදාවත් ඔබට හිමි නොවේවා. ඒ වගේම නංගිලා මල්ලිලා අයියලා අක්කල වාහන (විශේෂයෙන් යතුරු පැදි) පදවද්දී බොහොම පරිස්සම් වෙන්න. ඔබට ඔබේ ජීවිතය වටිනවා වගේම , ඔබේ නිවසේ අයටත් ඔබේ ජීවිතය ගොඩක් වටිනවා. අම්මල තාත්තලා නොකා නොබී උස් මහත් කරපු ළමයි අකාලයේ නැතිවෙලා යනවා දකින්න ඒ අයට බෑ.
මෙම තරුණයාගේ දෙමාපියන් විසින් කරන ලද මහා පින්කමේ මහිමයෙන් මොහුට මෙවන් අකල් මරණයක් මතු කිසිම ආත්මයක සිදු නොවේවා!!! යන්න අප ප්‍රර්ථනා කරන්නෙමු.
මම කැමතියි ලංකාදීප මගින් මුදලින් ආධාරයක් කරන්න. තොරතුරු දන්වන්න.