(රංජන් කස්තුරි)
රැකියා විරහිත උපාධීධාරින් 20,000කට රජයේ රැකියා ලබාදීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එම උපාධීධාරීන් සංවර්ධන නිලධාරී තනතුරට බඳවා ගන්නා අතර ඔවුනට වසර දෙකක අභ්‍යාසලාභී පුහුණුවක් ලබාගැනීමට ද නියමිතය.
පුහුණු කාලය තුළ එම උපාධිධාරීන්ට දීමනාවක් ගෙවීමට නියමිත අතර ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සේවයට යෙදවීමට නියමිතය.
දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් උපාධීධාරින් බඳවා ගන්නා අතර ඔවුන් ඉදිරි දිනවලදී සම්මුඛ පරීක්ෂණ වලට ලක් කිරිමට නියමිතය.
උපාධිධාරීන්ට ලබන ජුනි මාසයේ සිට පත්වීම් ලබාදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල ගත්තට ඉතින් කිසිම වැඩක් නෑ. නිකන් පඩි අරන් ඉන්න තමා රජයේ සේවයට එන්නේ....
මෝඩ වැඩක්... ඔය මිනිස්සු කිසිම වැඩක් කරන්නේ නැහැ. ඔයිට වඩා හොඳයි තෝරාගත් අයට ව්‍යාපාර පටන් ගන්න මුදල් දෙන එක...
අපේ මුදලින්ම පිනට උගන්වලා, අපේ මුදලින්ම ජීවිත කාලයම ඔවුන්ව නඩත්තු කරන මේ නන්දිත ක්‍රමය මේ රටේ පවතින තාක්කල් අපට හා අපේ රටට පැවැත්මක් නැත. රජයේ බොහෝ ආයතන වල සිටින බොහොමයක් සේවකයින්ට ඔවුන්ගේ රාජකාරිය පිළිබඳ අල්ප මාත්‍රයක දැනුමක්වත් නැත. ජනතාව අපහසුතාවයට පත් කරමින් ඔළුවේ අං පටලවා ගෙන මහත් උජාරුවෙන් සිටින උද්දච්ඡයින් පිරිසක් සිටින බව අපි ඕනෑතරම් දැක ඇත්තෙමු. පගාවට සේවය කිරීමට සැදී පැහැදී සිටින මොවුන් අල්ලසට කඩිනම්ව රාජකාරිය සිදු කරන බව සැම දන්නා පොදු කාරණය වේ. මොවුන් විසින් සිදු කරන වැරදි සඳහා පැමිණිලි කළ හැකි වගකිව යුත්තෙක්ද නැත. මන්ද සැවොම එකම මට්ටමේ සිටි දේශපාලන ගැත්තෝය.
හැම ආණ්ඩුවක්ම ඡන්දය ලංවෙනවිට රැකියා විරහිත උපාධිධාරී ප්‍රශ්නයට අත ගහනවා. එහෙම කරලා රටේ නැති එක එක තනතුරු හදලා ඒවාට මේ උපාධිධාරින්ගේ කොටසක් තල්ලු කරනවා. අභ්‍යාස ලාභීන් හැටියට මැතිවරණ පොරොන්දු ඉටුකළ බව පෙන්වන්න හා බදවාගත් අය ස්ථිර කිරීමටත්, අනිත් අය ඊළඟට බඳවා ගන්නා බවට නැවත පොරොන්දු වෙමින් තම ඡන්ද පදනම රැක ගන්න. මේකෙන් රටට වෙන යහපතක් නැහැ. රටේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අවශ්‍යතාවයන්ට අනුකූල විදිහට මේ උපාධිධාරින් බඳවාගෙන ඔවුන්ට එම ආයතන හරහා නිසි පුහුණුවක් ලබා දෙමින් රටට වැඩ දායක පිරිසක් නිර්මාණය කිරිමේ කටයුත්ත සෑම ආණ්ඩුවක්ම පැහැර ඇර ඇත.
රාජ්‍ය ආයතනවලට කිසිසේත්ම අවශ්‍ය නැති තනතුරු ඇති කරමින් මේ බඳවාගැනීම් කරන්නේ රැකියාවල් දීමේ අරමුණ පමණක් ඇතිවයි. මේ සඳහා ඉල්ලුම් කරන්නේත්, වෙනත් තරඟකාරී රැකියාවකට ඉදිරිපත්වීමට හැකියාවක් නොමැති නාමමාත්ර උපාධිධාරීන් පමණයි. රටේ මහජන මුදල් නිස්කාරනේ වැයවීම හැර වෙන කිසිම ප්‍රතිඵලයක් නෑ මේ වැඩෙන්...
ඉතා හොඳ අර්ථවත් වැඩපිළිවලක්... කාලෝචිතයි.
මෙහෙ හරි ඒ ළමයින්ට රැකියාවක් ලබාදෙනවා නම් හොඳයි.
හැමදාමත් කලේ මේක තමයි..
උපාධිය තිබුණ පමණින් ඕනෑම රැකියාවකට සුදුසු නැහැ. තනතුරට අවශ්‍ය මූලික කුසලතා තිබේද බලන්න. නැති නම් තරු පේන්නේ මොවුන්ගෙන් සේවය ලබා ගන්න එන මහජනතාවට! සමහර උපාධිදාරීන්ට ඉංග්‍රීසියෙන් පරිගණක ලිපියක් ටයිප් කිරීම තබා ආචාරශීලිව පාරිභෝගිකයාට කතා කිරීම, කාර්යක්ෂමව කටයුතු කිරීම වැනි දේ ගැන කිසිම අවබෝධයක් නැහැ... උපාධියේ තත්වය පවා බාල්දු වෙන්නේ මෙවැන්නන්ට උසස්පෙළ සමත් පුද්ගලික අංශයේ කාර්යාල සහායකයෙකුට තරම්වත් වෘත්තීය දක්ෂතා නැතිවුණාම...
කවුරුන් හෝ හිතනවා නම්, මහපාරේ රිලා නැටුම් නටලා ගන්න උපාධිවල ප්‍රමිතියක් ඇතැයි කියා, එය මිත්‍යාවක්. මොලේ කොලොප්පන් වූ ගෝත්‍රිකයින් රෑනකට උපාධි තොප්පිය ඔලුවට දැම්මාම, සමාජ මෙහෙවරක් සිදුවෙනවා යයි සිතීම හාස්‍යයට කරුණක්. වර්තමානයේදී, දියුණු රටවල පමණක් නොවේ, සංවර්ධනය වෙමින් පවතින රටවල පවා, උපාධිධාරීන් උපාධිය ලබා ගැනීමටත් ප්‍රථම, ඔවුන්ගේ ජීවිතය තවකෙකු මත යැපෙන තත්වයෙන් මිදී හමාරයි. ඔවුන් විශ්ව විද්‍යාල උපාධි පාඨමාලා හදාරන කාලය තුලදී අමතර රැකියා කර ලබන අත්දැකීම් තුලින් උපාධියට සරිලන රැකියාවක් ලැබෙන තුරු, තම ජීවිතය තමන් විසින්ම ජීවත් කරවීමට තරම් ඔවුන් ශක්තිමත් වගේම බුද්ධිමත්... එ්ත්, අපේ රටේ අම්බරුවෝ තවමත් රෑන් පිටින් තප්පුලමින් මහපාරේ? රටේ අහිංසක ජනතාවට පව් නොදී ගැලපෙන හා තමන්ට යමක් තෝරා ගන්න මිනිසුනේ...
මමත් උපාධිදාරි රැකියාවක් ලැබුණු කෙනෙක්. මම එ්ක දමලා ආයිත් රට අාවා. මොකද මගේ හැකියාවෙන් කිසිම වැඩක් කරන්න දෙයක් එතන තිබුනේ නැහැ. අනික පුටු උඩට වෙලා වාඩිවෙලා කතා කරකර නිකන් පඩි ගන්න එක මට ඒ තරම් හුරු නැහැ. මේකේ කමෙන්ට් සේරම හරි. මේ රැකියා දීමෙන් වෙන්නේ රට තව තවත් දුප්පත් වෙන එක විටරයි. රටේ අවශ්‍යතාවයට වඩා දැනටමත් රජයේ රැකියා තියෙනවා. මේකෙන් රටේ නිකන් ඉගෙන සල්ලි ගන්න පිරිසක් නඩත්තු කිරීමේ බර අනිත් මහජනතාවට පැටවෙනවා.
උපාධිධාරීන්ට විදෙස් රැකියා වෙළඳපලේ ඉහළ ඉල්ලුමක් තියනවා. ආසියානු රටවල් අතරින් ඉන්දියාව මෙහි විශාල කොටසක් හිමිකරගෙන තිබෙනවා. හෙද සේවයට, ගුරු සේවයට, ගණකාධිකාරි, අයි.ටී වගේ විවිධ අංශවල රැකියා බොහොමයක් තිබෙනවා. නමුත් අපේ බලධාරීන්ගේ අවධානයට ඒ කරුණ යොමුවෙලා නෑ වගේ. මේ ගැන අවදානය යොමු කරන්න පුළුවන් නම් රටට විශාල මුදලක් ලබා ගන්න පුළුවන්..
වැඩබැරි ටාසන්ලාට රැකියා දන්සලක් දී, සිදුකර ගන්නා මහා පුණ්‍යකර්මයම ඇති, ලබන ආත්මයේත් මේ සිරි ලංකාවේම ඉපදිලා දේශපාලකයෙකු වන්නට... රටේ දුප්පත් ජනතාවට ඉතින් හැමදාමත් අබ සරණයි!!
කරුණාකර මේ උපාධිදාරින්ට සේවාව ලබා ගැනීමට පැමිණෙන මහජනයාට ආචාරශීලිව කතා කරන හැටි ඉස්සෙල්ලාම උගන්වන්න. අවුරුදු තිස්ගානක් ගුරු සේවයේදී ලඟදී විශ්‍රාම වැටුප ලබා ගැනීමට කටයුතු ඉටු කරගන්න ගිය මගේ නැන්දාට මේ උපාධිදාරියෙකු ඇඟට ගොඩ වෙලා. කිසිම විචාර බුද්ධියක් නැති, රැකියාවට අත්‍යාවශ්‍ය කුසලතා නැති සමහරුන්ට ඉගෙන ගත්තේ මහජන මුදලින් කියලා මතක නැහැ...
ලෝකයේ කිසිම රටක නැතිව ඇති මෙහෙම රැකියා දීමේ ප්‍රතිපත්තියක්. දියුණු රටවල උපාධිය කියන්නේ ඕනෑම රැකියාවකට හරියන සුදුසුකමක් නෙවෙයි. අපේ කලා උපාධිය කළමනාකාර තනතුරු වලටත්, වාණිජ උපාධිය පාසලේ, සිංහල ගුරුකමටත් ගැලපිලා. කවුරුවත් කාටවත් රැකියා සොයා දෙන්න බැඳිලා නැහැ. නොමිලේ ඉගෙන ගත්තා මදිවාට රස්සාව! ඊළඟට ප්‍රස්ථාවත් මහජන මුදලින් කර දෙන්න කියාවි.
අපේ කාර්යාලයේ සේවයට පැමිණි එක්තරා උපාධිදාරී තරුණියක් කාර්යාලය ගෙදරකර ගත්තා. ඕනඕන වෙලාවට වැඩට පැමිණීම, බාර දුන් වැඩ කල් දැමීම , සෙසු කාර්යාල සාමාජිකයින් නූගතුන් ලෙස සලකා උද්දච්ඡ බැවින් කටයුතු කිරීම ඇගේ සිරිතක් වුණා. අන්තිමේ මුල්‍ය වංචාවකට අසුවී සේවයෙන් නෙරපුවා. මේ උපාධිදාරීන් සියලු දෙනාගේම තත්වය නෙවෙයි. නමුත් බහුතරයක් ඉතාම අකාර්යක්ෂම ප්රතිලාභ පමණක් ගැන සිතන, කාර්යාලයේ තමන්ගේ යුතුකම නොදන්නා කොට්ටාශයක්...
මෙතන ගොඩක් අය මේ ගැන ද්වේශයෙන් අදහස් දක්වලා තියනවා. එ්ක මිනිස් ස්වභාවය. තමන්ට එතනට යන්න උත්සාහ කරලා බැරි වුණාම ඔහොම කියනවා. අපේ පැරැන්නෝ නරියට මිදි තිත්ත වුණු කතන්දර හදලා තියෙන්නේ නිකන් නෙමේ. ඔයාලා කියන දේවල් හරි හැබැයි එ්කට මේ උපාධිධාරින් පලි නෑ. පිස්සන්ට මෝඩයින්ට විභාග පාස් වෙලා උපාධි ගන්න බෑ. උපාධිදාරීන් මෝඩයෝ නම් එ් උපාධියවත් ගන්න බැරි වූ තමුන්ලා කවුරුන්ද කියලා තමුන්ටම තේරුම් ගතහැකියි නේද? අධ්‍යාපනයේ තියන අඩුපාඩුවලටයි, දේශපාලකයින්ගේ වැරදි වලටයි... කට්ට කාලා ගත්ත උපාධිය හෑල්ලු කරනන එපා. මොනවා වුණත් රටේ රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න එපැයි. එ්කට මෙහෙම උපාධියක්වත් නැතුව ඉන්න තමුන්ලා ගන්න කියලද කියන්නේ? එහෙනම් සතුටුයි නේද? තමුන්ලා ගැන දුකයි.
ධනුෂ්කට තියෙන්නේ, පොතේ දැනුමට වඩා, පොත් පෙරලන දැනුමක් වගෙයි. මෙතන තමන්ගේ හීනමානය හා මෝඩකම ප්‍රදර්ශනය නොකොට ඉන්න. වැඩිය පිනි බාන වෙලාවට එලියට බහින්න එපා. ටිකිරි මොළය තවත් ලෙඩ වෙයි.
අවුරුදු 5 ක් කට්ට කාලා ගත්ත උපාධියට අවුරුදු 2 ක් යනකම් හම්බ වෙන්නෙ රු 20000 ඔයාලා කියන විදියට ලියන තරග විභාග වල ප්රතිපලවත් නෑ. හිතන්න අපිත් උසස් පෙළ නොකර හිටියානම් අද හොද තැන් වල. දැන් උපාධිය අරන් අවුරුදු 3ක් අපෙ වයස 28 ත් පැනලා
ධනුෂ්ක , උගත්කම කියන්නේ තමන්ගේ සහ රටේ දියුණුවට යොදා ගන්න පුළුවන් මෙවලමක් මිසක් අනුන්ට ගරහන්න පාවිච්චි කරන මඩ ගුලියක් නෙවෙයි. සමහර උපාධිදාරීන් ගේ පවුලේ ඔක්කොම පීඑච්ඩී කාරයන්ද ? ඔය ගොල්ලන් මව්පියන්ටත් උපාධි නැති මෝඩයන් කියලාද කතා කරන්නේ ? අද මහලු නිවාස වල සිටින බහුතරයක් අයගේ දු පුතුන් උපාධිදාරී උගත්තු. යන්තම් ඉගෙන ගත්තු ඔය කියන මෝඩයන් රටේ සංවර්ධනයට බදු ගෙවමින් යහපත් ලෙස ජීවත් වෙනවා. අවුරුදු ගණනක් ගුරු සේවයේ දීලා විශ්‍රාම වැටුප හදා ගන්න ගිහින් බැනුම් අහපු සරසිගේ නැන්දාට වුනදේම ඔබලාට වුන දාට තේරේවි.
අයියෝ, මේ ධනුෂ්ක තාමත් නරි මිදී තිත්තයි කියලා කියපු පරණ කතන්දර පොත් කියවන උපාධි කාරයෙක්නේ. ඔය වගේ කතන්දර කාරයින්ට ඉතින් දේශපාලකයින් සරණන් ම තමයි.
හෙට පාරට බහියි වැඩි පඩි ඉල්ලලා.
මේ අයව නම් පැත්ත පළාතේ වද්ද ගන්න හොඳ නැහැ. ගිය තැන විනාශයි තැනකට ගියොත් එතන තියන මුළු පරිපාලනයම අවුල් වන තැනට කටයුතු කරලා. ආයතනය තුල මාෆියා කල්ලියක් අටවා ගෙන රාජකාරිය මගහැර මුළු ආයතනයෙන ව්‍යුහයම අඩපන කරනවා. මොළ හෝදපු මනංකල්පිත ලෝකයක ජීවත් වෙන මුග්දයෝ වගෙයි හැසිරෙන්නේ. දන්නවා කියලා හිතුවට දන්නා දේකුත් නැහැ, මම මේ අත්දැකීමෙන් කියන්නේ. මෙතනම ලියල තියන සමහර මන්ද බුද්ධික අදහස් දෙස බැලුවාම පැහැදිලි වෙනවනේ. උගත්කමේ තරම. ඉගෙන ගන්න කාලය තුල එක දේශපාලක පක්ෂයකට කත් ඇදලා, නිසි වයස පැනලා රැකියාවක් ලැබුනම, තමයි මුදල් හම්බ කරන්න මතක් වෙන්නේ. ඊටපසුව බලය තියන දේශපාලන පක්ෂයකට කත් ඇදලා, පගා ගසමින් හෝ මුදල් රැස් කරන්න පෙලඹිලා අර කලින් ගතකල රස්තියාදුකාර ජීවිතය එලෙසම බුක්තිවිදිනවා. මෙන්න මේක තමයි රාජ්‍ය ආයතන වල අකාර්යක්ෂම බවට මුලික හේතුව හා විනයකින් තොරව ලබන අධ්‍යාපනයේ ප්‍රතිපලය.