සුජිත් හේවාජුලිගේ
විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා ගැන රටේම විශ්වාසය පළුදු වී ඇති හෙයින් ඔහු වහාම එම ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා දේශීයවත් ජාත්‍යන්තරවත් පුළුල් හඬක් නැගීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
අද හෙටම එම උද්ඝෝෂණ ව්‍යාපාරය අරඹන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.
මීට අමතරව සම්පන්දන් මහතා විපක්ෂනායක තනතුරෙන් ඉවත් කරන්නැයි කතානායකවරයාගෙන් නැවත වරක් ලිඛිතව ඉල්ලීමක් කිරීමට ද ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් ඉතින් 2020 වෙනකල් ආණ්ඩුවේ උළුගෙදර ලගින එක කල්දාගන්න කරන උප්පරවැට්ටියක්.
නියමයි තව කොටිගානක් හම්බ කරගන්න විදියක්. ජාතියට වඩා සල්ලි වටින අය ඉන්න රටේ. විස්වාශ භන්ගේ දිනනවා බොරු.
විපක්ෂ නායකතුමා රටේ දුෂණ වැඩ කර නැහැ . ඔය ඒකාබද්ධයේ ඉන්නවාද වත්කම් බැරකම් හරියට පෙන්නපු ? පීනන්න බැහැයි කියලා දැනගෙනත් වතුරට පැනලා ඔන්න දැන් එල්ලෙන්න කුමක් හෝ හොයනවා ... ලැබෙන්නේ නැහැ... මොවුන්ගේ දේශපාලනය ඔතනින්ම අහවර වෙනවා. රටේ පැවැත්ම උදෙසා එය එසේම විය යුතුයි.
විපක්ෂ නායකයා ජාත්‍යන්තරය මගින් බල ගැන්වූ රූකඩයක්...
සුළු ජාතිකයින් විරසක කර ගෝඨාගේ හීනය, හීනයක්ම කිරීමේ වෑයමකි.
තවත් විශ්වාසභංගයක්ද? මේ යක්කුන්ට කරන්න වෙන වැඩක් නැද්ද?
මේ දිනේෂ් කියන්නේ කිසිම දෙයක් බුද්ධිමත්ව නොදකින පරණ හොරාගේ කිසිම වැරද්දක් නොදකින පාර්ලිමේන්තුවේ ගෞරවය විනාශ කරන මොලේ කළඳක් නැති දේශපාලකයෙක්. දැන් සම්බන්ධන්ලා කොයිතරම් වෙනස්වෙලා අනිකුත් පක්ෂ සමග සහයෝගයෙන් ඉන්නවාද... මේ අය සමග අපි සහයෝගයෙන් ඉදිරියට යා යුතුයි. මේවා විනාශ කරලා නැවත හොර රෙජීමය බලයට ගේන්න තමයි ඔය දඟලන්නේ. මේ අය පාර්ලිමේන්තු ගිහිල්ලා මුළු රටම විහිළුවක් කරලා තියෙන්නේ...
අපි නම් දන්නා හැටියට විපක්ෂ නායක හොරකම් කරලා නැහැ ,එයට දුන්න වාහන වලින් භාගයක් පමණයි ගත්තේ. දෙමල මිනිහට පක්ෂව කතාකරන එක ඇත්ත. එත් ජනතාවගේ විශ්වසාහය බිඳිලා නැහැ.
මේ රට සුරා කාපු අය දුෂණ නඩු වලින් බේරෙන්න හැමදාම රටේ අවුල් ඇති කරලා, රටේ කාලේ නාස්ති කරලා මහජනතාව අපහසුතාවයට පත් කරලා, රටම අගාදයට පත් කරන සැලැස්මක් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ . දැන් බළධාරින් මේ සැලැස්මට සහයෝගය දෙනවා , මොකද ඒ අයවත් අවමාන තර්ජනයට ලක්කරගෙන තියෙන්නේ . එකයි කණපිට හැරිලා තියෙන්නේ.
රජයක් හරියට මේ හොරු රැළට දඬුවම් දෙනවද නැද්ද? නැත්නම් රටක් ඉතුරු වෙන්නේ නෑ... තව ටික දවසක් යනකොට නම්...
විපක්ෂ නායක ධුරය ප්රජාතන්ත්රවාදයට ඉතා වැදගත්... මේ විපක්ෂ නායක තම කාර්යය හරියට ඉටු කරනවාද? ආණ්ඩුව ගේන ජනතාවාදී නොවන අණ පනත් වලට එරෙහිව හඬක් නගනවාද? එසේ නොවේ නම් විපක්ෂනායක වරප්‍රසාද භුක්තිවිඳීම සදාචාරාත්මක නොවන අතර දූෂිතද වේ.
ඒකාබද්ද විපක්ෂයට තියෙන එකම වැඩේ උද්ගෝෂණ කරන වැඩේ විතරයි.
විරුද්ධ පක්ෂය හා එහි නායකයා කියන්නේ නමේ අර්ථය නොවේ.. තවද රජයට හා රජයේ ඉදිරිපත්කරන සියලු දේට විරුද්ධ වීම අනිවාර්ය නොවේ. බුද්ධිමත්ව රට වෙනුවෙන් කටයුතු කිරීම වගකීම වේ... එබැවින් එම නිලයේ හා එම කණ්ඩායමේ යුතුකම හා වගකීම වචනයේ අර්ථය නොවේ..!!
අර ජාතියේම විස්වාස භංගයක් ගෙනාවා නම් නේද හොඳ?
මේකත් අර 4 වෙනිදා රනිල් පැරදුනේ නැත්නම් 5 වෙනිදා ඉර පායන්නේ නෑ කිව්වා වගේ එකක්ද?