සිතුම් චතුරංග
එල්.ටි.ටි.ඊ සංවිධානය සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (09) මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ඉඩමක තිබී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පොල් ඉඩමක් සුද්ධ පවිත්‍ර කිරීමේදී ඉඩම් හිමියාට පුපුරණ ද්‍රව්‍ය කොටස් කිහිපයක් හමුවීමෙන් අනතුරුව පොලිසිය විශේෂ කාර්ය බලකාය වෙත කළ දැණුම්දීමකට අනුව සිදුකළ සෝදිසියකදී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයාගත් බව විශේෂ කාර්ය බලකාය පැවසීය.
මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග අනුව මුලතිව් වැඩබලන මහෙස්ත්‍රාත් එන්.සුදර්ශන මහතාගේ අධීක්ෂණය යටතේ පුපුරණ ද්‍රව්‍ය හමුවූ ස්ථානය බැකෝ යන්ත්‍ර යොදාගෙන කැණීම් ආරම්භ කළේය.
එහි තිබී සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර ගුවන්යානා නාශක අවි සඳහා යොදන ජීව උණ්ඩ 1710ක් , එම්.පි.එම්.ජි. උණ්ඩ 2000ක් , මයික්‍රෝ පිස්තෝල උණ්ඩ 3000ක් , ආර්.පි.ජි උණ්ඩ 07ක් , යුදටැංකි නාශක උණ්ඩ 49 , මිලිමීටර 40 වර්ගයේ ජීව උණ්ඩ 41ක් හා මිලිමීටර 09 පිස්තෝල උණ්ඩ 1400 තිබේ.
විවිධ ප්‍රමාණයේ ක්ලේමෝ බෝම්බ 04ක් , ටි.82 වර්ගයේ අත්බෝම්බ 34ක් , එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නිශ්පාදිත තමිලන්ගුණ්ඩු නැමති අත්බෝම්බ 22ක් , අරුල්බෝම්බ 34ක්, පුද්ගලනාශක බිම්බෝම්බ 48ක් හා ඒවාට යොදන ෆියුස් , ඩෙටනේටර 06ක් , සේවානූල් මීටර 10ක් , විදේශ රටක නිශ්පාදිත පුද්ගලනාශක බිම්බෝම්බ 10ක් හා බෝම්බ පිපිරවීමට ගන්නා එක්ස් පෝඩර් නැමති උපකරණයක්ද සිදුකළ පරීක්ෂා කිරීම්වලදී හමුවූ අතර එල්.ටි.ටි.ඊ සාමාජිකයින් භාවිතා කළ නිලඇඳුම් කොටස් කිහිපයක්ද එහිතිබී සොයා ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසූයේ මෑත කාලයේදී මුලතිව් ප්‍රදේශයෙන් හමුවූ විශාලතම පුපුරණ ද්රව්යතොගය මෙය වන බවයි . මෙය පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානයේ ආයුධ ගබඩාවක් විය හැකි බවත්ය.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය ආරක්ෂිත ස්ථානයකදී නිශ්ක්‍රීය කරනු ලැබූ අතර ගුවන්යානා නාශක අවි සඳහා යොදාගන්නා උණ්ඩ සහ මිලිමීටර 40 ජීව උණ්ඩ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසල වෙත ලබාදීමට කටයුතු කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුනරුත්තාපනය වුන කට්ටිය මේ ස්ථාන ගැන දන්නවා ඇති.
මෙවැනි ගබඩා උතුරු නැගෙනහිර දහස් ගණනක් ඇති. ඒ නිසයි ද්‍රවිඩයින් හමුදාව උතුරු නැගෙනහිරින් යවාගන්න උත්සාහ කරන්නේ. මුළු උතුරු කරයම කණපිට පෙරලා සෝදිසි කර මිසක් හමුදාව අවුරුදු 500 කාටවත් ආපසුගන්න හිතන්නවත් එපා
මේ ඉඩම් ජනතාවට ලබා දීමට පෙර එම ඉඩම් අවම මීටර් 4ක් වත ගැඹුරට "මැටල් දිටෙක් ස්කෑන්" කරලා බලලා නෙවේද ජනතාවට ඉඩම් බාර දෙන්නේ මේ විදිහට බලපුවාම තව කොපමණ අවි ආයුද මේ පොලවේ යට සගවා ඇතිද? නිදන් හොයන්න කැලෑවල ස්කෑන් කරන්න පුළුවන් නම් ඇයි යුද්දයක් තිබුණු පළාත්වල නොකරන්නේ මේවා යලිත් අන්තවාදී කණ්ඩායම් අතට පත් උනොත් මොකද වෙන්නේ අඩි 4 හෝ 5 යට තියන බෝම්බ පමණ ඉවත් කරලා මේ ප්‍රස්නේ විසදෙනවද? මේ ගැන රටේ නායකයෝ අන්ධයෝ වගේ ඉන්නේ මගේ කාලේ ගෙවෙනකල් අවුලක් නොවී තිබුනොත් ඇති කියන නියායෙන්ද? බිම් බෝම්බ වලින් තොර කලාපයක් කියන්නේ පොලව යට ආයුද ගබඩා සහිත කලාපයක් කියන එකද? එන ජී ඔ කණ්ඩායම් මේ වැඩේට අත ගහල තියෙන්නේ රටේ යහපතට නෙවේ යලිත් කොටින්ට ඇවසි දේ ඒ ස්ථාන වල සගවා තබා ගන්න අවැසි පරිසරය නිර්මාණය කර උන්ගේ අනාගත පරමාර්ථයන්ට යටිතල පහසුකම් සලසා දෙන කොන්තරත්තුවද පෙරදැඩි කරගනය එදා සිට අද දක්වා කිසිම එන් ජී ඔ සංවිදානය රජය උපකාර නොකළ අතර ඔඋන්ගේ එකම පරමාර්ථය අන්තවාදීන් නාග සිටුවා දේශය දෙකඩ කිරීමයි ඒ සදහා ඔඋන් කල හැකි උපරිමය එදා මෙන්ම අදත් නොපසුබට ලෙස ඉටුකරලයි රතු කුරුස නියෝජිතයෙක් රුපවාහිනියේ ප්‍රසිදියේම කීවේ එයයි