(රොමේෂ් මධුෂංඛ)
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (8) යාපනයේ පිහිටි නිවසේදී පැවැත්විණි.
දින තුනක සංචාරයක් සඳහා උතුරු පළාතට පැමිණ ඇති ආරුම්ගම් තොණ්ඩමන් මහතා පළමුව උතුරේ වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමු වී ඇත.
අවසන් වූ පළාත් පාලන මැතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා රැසක බලය හිමිකර ගැනීම හා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බව ලංකා කම්කරු කොංග්‍රසයේ මාධ්‍ය අංශය විසින් මෙම සාකච්ඡාව සිදු වූ බවට දැනුම් දෙනු ලැබීය .
මෙම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ ඌව හා මධ්‍යම පළාත් සභාවල අමාත්‍යවරුන් වන සෙන්දිල් තොණ්ඩමන් සහ එම්.රමේෂ්වරන් යන මහත්වරුන් ද සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට කියලා දුන්නේ පින්තූරේ ඉන්න දෙමල කෙනාත්, නොඉපදුණු දෙමළ කෙනාත් පමණක් විශ්වාස කරන්න කියලා. එ්ත් මේ පින්තුරේ නෙවෙයි...