(අනීෂා මානගේ)
විදේශීය රටක නිෂ්පාදිත අධික වටිනාකමකින් යුත් කුඩා ප්‍රමාණයේ ස්වයංක්‍රීය බේබි රිවෝල්වරයක් හා මිලිමීටර නවය වර්ගයේ ජීව පතොරම් හතක් කෝටිපති ව්‍යාපාරිකයෙක් සමඟ තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශයේ හා කොට්ඨාස නීති බලගැන්වීමේ ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට ලද රහසිගත තොරතුරකට අනුව අම්බලන්තොට, මාමඩල, ජංසගම ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසක් පරික්ෂා කර මෙම කුඩා රිවෝල්වරය හා පතොරම් සොයාගෙන තිබේ.
හම්බන්තොට අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පොලිස් නිළධාරින් මෙම නිවස පරික්ෂා කරන අවස්ථාවේදී අදාළ ව්‍යාපාරිකයා නිවසට පැමිණ ඇත. මොහු ප්‍රදේශයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙක් බව පොලිසිය කියයි.
නිවසේ මුළුතැන්ගෙයි සිවිලිමේ කවුළුවක් සාදා සිවිලිමත් වහලයත් අතර කොටසේ ප්ලාස්ටික් පෙට්ටියක ඔයිල් යොදා ඒ තුළට රිවෝල්වරය හා පතොරම් දමා ආරක්ෂිතව සඟවා තිබී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ප්‍රාදේශීය සභා කාරයෙකුට පිස්තෝලයක් පාවිච්චි කරන්න පුළුවන් නම්, එයාගේ බිරිඳට මහපාරේ පිස්තෝලයෙන් රංගනයක් දාන්න පුළුවනි නම් කෝටිපති ව්‍යාපාරිකයෙක් සහ අපි පිස්තෝල පාවිච්චි කළාම ඇති වරද මොකක්ද? පළාත්සභා කාරයගේ ජීවිතයට විතරද වටිනාකමක් තිබෙන්නේ? අපේ ජීවිත අපිට වටිනවා.
අනේ හදිස්සියකට පාවිච්චි කරන්න ලඟපාත තියාගන්න බැරි ඔයවගේ දේවල්, මිනිස්සු මොකට තියාගන්නවද දන්නේ නෑ.
බොහෝ දුරට මේ පළාතේ තියන්නේ සෙල්ලම් පිස්තොල තමයි...
තමුන්ගේ ආරක්ෂාව තමුන්ම බලාගන්න කියලා තමයි ආණ්ඩුව කියලා තියෙන්නේ. කෝටිපති ව්‍යාපාරිකයෙකු වුනාම විශාල මුදල් ප්‍රමාණයන් නිතරම එහා මෙහා කරන්න ඕනෑ. ඉතින් හදිස්සියකදී පාවිච්චි කරන්න ආයුධයක් ළඟතබා ගැනීම ලොකු වරදක්ද? මේක කාටවත් තර්ජනය කරන්න පාවිච්චි කළානම් වැරදියි. යම් සිද්ධියක් වුනාම පොලිසිය එන්නේ අපරාධකරුවන් පැනල ගියාට පස්සේ... සමහර විට දේපල පමණක් නෙමේ ජීවිතත් අහිමි වෙලා එතකොට. චරිතවත් කෝටිපති ව්‍යාපාරිකයින්ට ආත්මාරක්ෂාවට ආයුධයක් ලබා ගැනීමට ක්‍රමයක් හදන එක රජයේ වගකීමකි. ඒ නිසා මෙයාට ලොකු දඬුවමක් අවශ්‍ය නෑ.
පැහැදිලිවම රටට අදායමක් ගෙනෙන රැකියා උපදවන ව්‍යාපාරිකයෙකුට ආත්මාරක්ෂාව වගේම දේපල ආරක්ෂාවට ෂොට්ගන් එකක් හෝ පිස්තෝලයක් ලබාගන්න සාධාරණ අවස්ථාවක් දෙන්න ඕනෑ. මොහු මිනී මරන්න ගිහින් නැහැනේ මේකෙන්... කොල්ලකමකදී පොලිසියෙන් එනවිට අපිව මරල සල්ලිත් අරන් ගිහින් ඉවරයි. මොකද ලංකාවේ පොලිසිය දියුණු රටවල වගේ විනාඩි 5න් 10න් එන්නේ නැහැනේ. මේක වරදක් නෙවේ.