ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් දෙනෙකුට කොරෝනා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වි ඇතැයි ත්‍රිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 18 January 2021
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොරෝනා කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට, බිරිඳට සහ දරුවාට ද කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අද(18) තහවුරු වූ බව කළුතර සෞඛ්‍ය විද්‍යාතනයේ ප්‍රකාශකයෙක් පැවසීය. 18 January 2021
‘ කාබනික පොහොර අධිකාරියක් පිහිටුවීමට යයි‘ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසුරුවා හැර එහි කාබනික පොහොර අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය. 18 January 2021
ඇමරිකාවට ඇතුළුවීමට පැමිණි සංක්‍රමණිකයන්ට බැටන්-කඳුළු ගෑස් ප්‍රහාර ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් පැමිණි මධ්‍යම ඇමරිකානු සංක්‍රමණිකයින් පිරිසකට ආරක්ෂක හමුදා විසින් ග්වාතමාලාවේදී බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ. 18 January 2021
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සිටින හෝටලයේ තවත් දෙදෙනකුට කොරෝනා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන ශ්‍රි ලංකා එංගලන්ත ක්‍රිකට් තරගයේ එංගලන්ත කණ්ඩායමේ ක්‍රිඩකයින් නතරව සිටින ගාල්ල දඩල්ලේ සුපිරි සංචාරක හෝටලයේ තවත් සේවකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට අද (18) තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 18 January 2021
කමලා හැරිස් සෙනට් සභික ධුරයෙන් ඉල්ලා අස් වීමට යයි ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරිය ලෙස තේරී පත්වූ කමලා හැරිස් මහත්මිය අද (18) ඇයගේ සෙනට් සභික ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත ය. 18 January 2021
රන්ජන් පාර්ලිමේන්තු ගෙන්වන්න’යි සමගි ජන බලවේගය ඉල්ලයි වසර හතරක බරපතළ සිර දඩුවම් ලැබ සිටින රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට අවස්ථාව දෙන ලෙස සමගි ජන බලවේගය කතානායකවරයාගෙන් අද(18) ඉල්ලීමක් කළේය. 18 January 2021
රන්බඩු බේරාගන්නා බව කියා ලක්ෂ 11 ක් කොල්ලකයි උකස් කළ රන් බඩු බේරා ගැනීමට කියා ගෙන්වා ගත් පුද්ගලයකු අත තිබූ රුපියල් එකොලොස් ලක්ෂයකට අධික මුදලින් අඩක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද( 18) අත් අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලීසිය කියයි. 18 January 2021
මත් ජාවාරමට අ’පුර පොලිස් පරීක්ෂකවරයෙක් දැලේ මත්ද්‍රව්‍ය ජාවාරමක අනුබල දීම සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ ඒකකයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අද (18) පෙරවරු 11.15 ට පමණ අනුරාධපුර මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 18 January 2021
ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් අලුත්ගම පොලිසියේ ම 5කට කොරෝනා අලුත්ගම පොලිසියේ කොවිඩ්-19 පැතිරයාම වැළැක්වීමේ ඒකකය, සෞඛ්‍ය අංශය එක්ව දර්ගා නගරයේ දී පුද්ගලයන් 100දෙනකු සඳහා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පොලිස් නිලධාරීන් 5දෙනකු හා සාමාන්‍ය පුද්ගලයෙකු ඇතුළු 6 දෙනෙකු එම ස්ථානයේදීම ආසාදිතයන් බව තහවුරුවී ඇතැයි අලූත්ගම පොලිසිය අද(18) පැවසීය. 18 January 2021
යාපනය තල් - පොල් සමුපකාර සමිතියේ දෙදෙනා 6 වැනි දිනටත් උපවාසයේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හයවන දිනටත් මාරාන්තික උපවාසයේ නිරතව සිටින යාපනය තල් හා පොල් සම්පත් සංවර්ධන සමුපකාර සමීතියේ සාමාජිකයින් දෙදෙනාගේ ජීවිත වලට යම් හානියක් සිදුවුවහොත් එහි වගකීම උතුරු පළාත් ආණ්ඩුකාරවරිය බාරගත යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා චෝදනා කරයි. 18 January 2021
පාර්ලිමේන්තු රැස්වීම් සතියට දින 2 යි කොවිඩ් 19 ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු සිටින බැවින් මෙවර පාර්ලිමේන්තු සතියේ රැස්වීම් දින දෙකකට පමණක් සීමා කර ඇත. 18 January 2021
නාවලපිටිය නගරයේ වෙළඳසැල් අද විවෘත කරයි විෂබිජහරණය සිදු කිරිමෙන් පසු නාවලපිටිය නගරයේ සියලුම වෙළදසැල් අද (18) දින උදැසන සිට විවෘත කර ඇති බව නාවලපිටිය නගර සභාව පවසයි. 18 January 2021
කලා-බළලු වැව් ඉස්මත්තේ රජයේ රක්ෂිත ඩෝසර් කරලා ධාතුසේන රජතුමා විසින් අතීතයේ කළ බව කියන කලා සහ බළලු වැව ආසන්නයේ රජයේ රක්ෂිතයේ ඇති මහ ගස් කොළන් කපා ඩෝසර් කර එළිපෙහෙළි කිරීමේ ක්‍රියාවලිය මේ දිනවල සිදුවෙමින් පවතින බව ප්‍රදේශය බාර වනජීවී නිලධාරීහු පෙන්වා දෙති. 18 January 2021
තවත් කොරෝනා මරණ 8 ක් කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් පසුගිය දින 5 තුළ පුද්ගලයින් අටදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 17 January 2021
අද කොරෝනා ආසාදිතයන් 749 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 428 දෙනෙකු අද (17) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.30 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 17 January 2021
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුදාධිකරණයට ගෙනයන්නයි උතුරේ පක්ෂ ඉල්ලති ශී‍්‍ර ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමටත් ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය බලපෑම් සිදු කරන්නැයි ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ සංවිධාන සකස් කළ යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් වෙත යවා තිබේ. 17 January 2021
මහනුවර දළදා මාලිගා පොලීසියේ 19 දෙනකුට කෙරෝනා මහනුවර ශ්‍රී දළදා මලිගා පොලීසියේ නිලධාරීන් පිරිසකට කොරෝනා ආසාදනය වීමෙන් වෙනත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් එහි සේවයට යොදවා කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 231 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසීය. 17 January 2021
පාර්ලිමේන්තුවේ 9 දෙනකුට කොරෝනා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් කාර්යාංශවලට අයත් පුද්ගලයින් පස් දෙනකු ද, ආරක්ෂක අංශයේ එක් අයෙකු මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ අනියුක්ත තිදෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි. 17 January 2021
43 වන සේනාංකය කරළියට පුරවැසි ව්‍යාපාරයක් ලෙස නම් කර ඇති 43 වන සේනාංකය එළි දැක්වීමේ උත්සවය පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර හෝටලයේදී අද (17) සිදු කෙරිණ. 17 January 2021
බස් වර්ජනය අත්හිටුවයි සියලුම බස් සංගම් ඒකාබද්ධව හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ බස් රථ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ. 17 January 2021
වොෂින්ටන් නුවර ආරක්ෂාව තර කරයි ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර ඇතුළු තවත් ජනපද රැසක ආරක්ෂාව තර කිරීමට එරට බලධාරීහු ඊයේ (16) සහ අද (17) පියවර ගත්හ. 17 January 2021
අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් බසයක ගිය පිරිසක් නිරෝධායනයට දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමේ අද (17) දින සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකදි බසයක පැමිණි එක් මගියෙකුට කොරෝනා ආසාදනයවි ඇතැයි තහවුරුවීමත් සමඟ එම බසයේ රියදුරු කොන්දොස්තර ඇතුළ පැමිණි මගින් 18 දෙනාම නිවෙස්තුල නිරෝධායනය කිරිමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 17 January 2021
හොරණ ඇගලුම් කම්හල් තුනක් වහයි හොරණ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා පහක සිදුකළ අහඹු පි සි ආර් පරීක්ෂණවලින් පුද්ගලයන් 19 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට අනාවරණය වීමෙන් පසුව කර්මාන්ත ශාලා තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එල් පි එල් ප්‍රියන්ත මහතා පැවසීය . 17 January 2021
කලුතර පොලිස් වසම් දෙකක් හුදකලා බවින් නිදහස් කරයි කොරෝනා වසංගත තත්ත්වය සමඟ හුදකලා කර තිබු ප්‍රදේශවලින් කලුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කිරීමට තීරණය කර ඇත. 17 January 2021
පල්ලෙබැද්දේ නීතිවිරෝධී හුණුගල් ව්‍යාපාරයක් හසුවෙයි සමනළ වැව ජලාශයට හානි සිදුවිය හැකිව තිබූ පල්ලෙබැද්ද කොස්වැටිය කන්දේ හුණුගල් කැඩීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් හා එම කැණීම් සඳහා යොදාගත් උපකරණ ද හා වාහන ද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශ්‍ය විසින් කළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන ඇත. 17 January 2021
60 පැන්න 166 ක් කොරෝනාවෙන් දිවිය හැරයති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මිය ගිය ආසාදිතයන්ගෙන් වැඩි ම පිරිස වයස අවුරුදු 60ත් 90ත් අතර අය බව, සංඛ්‍යා දත්ත අනාවරණය කරයි. ඒ අනුව, එම වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන් 166දෙනෙකු අද(17) උදෑසන වනවිට මියගොසිනි. එය ප්‍රතිශතයක් වශයෙන් 64.84 % කි. 17 January 2021
කොග්ගල වෙළඳ කලාපයේ ඇගලුම් කම්හල් වහන්නේ නෑ කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් පහකින් අද (17) වන විට කොරෝනා ආසාදිත සේවකයින් 70 දෙනෙකු හමුවී ඇතත් එම වෙළඳ කලාපයේ එකම කම්හලක් හෝ වැසීමට අවශ්‍යතාවයක් නැතැයි ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ උසස් නිලධාරියෙක් අද (17) පැවසිය. 17 January 2021
මිනුවන්ගොඩ-මාතලේ වසම් වල ග්‍රාම නිලධාරි වසම් කීහිපයක් හුදකලා කරයි මිනුවන්ගොඩ සහ මාතලේ පොලිස් වසමේ පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. 17 January 2021
දුර ගමන් දුම්රිය හෙට සිට යළි ධාවනයට කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුර ගමන් දුම්රිය සේවා හෙට(18) සිට යළි ධාවනයට එක්කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 17 January 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026