රත්ගම සාමෙන්ර හිමි නමක් ඇතුළු පස් දෙනෙකුට කොරෝනා කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රත්ගම ප්‍රදේශයේ විහාරස්ථානයක සාමණේර හිමි නමක් ඇතුළු පස් දෙනෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට අද (17) තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 17 January 2021
කෝටියක් පමණ වටිනා කහ ප්‍රවාහනය කළ දෙදෙනකු අත්අඩංගුවට නීති විරෝධී අයුරින් මෙරට ආනයනය කළ බවට සැකකරන රුපියල් කෝටියක් පමණ වටිනා කහ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් දෙමටගොඩ බේස්ලයින් පාරේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය 17 January 2021
කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇගලුම් පොකුරු 69 ට නගී කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ ඇගලුම් කම්හල් 5 කින් අද (17) වන විට ආසාදිතයින් 69 දෛනකු වාර්තා වී ඇති අතර ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 1400 ක් පමණ නිරෝධායනයට ලක්කර ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි. 17 January 2021
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ අහඹු පරීක්ෂණවලින් 106කට කොරෝනා හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේ සිදු කරන අහඹු පී. සී. ආර්. පරීක්ෂනවලදි කොවිඩ් ආසාදිතයන් 106 දෙනකු හමුවී ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. 17 January 2021
අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කරයි මඩකලපුවේ අරසඩි ග්‍රාම සේවා නිලධාරි වසම හුදකලා කර ඇති බව දිස්ත්‍රික්ක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නාගලිංගම් මයුරන් මහතා පැවසීය. 17 January 2021
කටුනායක අධිවේගයේ සීදූව පොලිස් මුරපොලේ 5කට කොරෝනා කොළඔ කටුනායක අධිවේගී මාර්ගයේ ස්ථාපිත සීදූව අතරමැදි පොලිස් මුරපොළේ නිලධාරීන් 5දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි සීදූව මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී සුරේෂ් මහතා පැවසීය. 17 January 2021
බොරැල්ලේ නිවාස සංකීර්ණයකින් කෝටි 2ක හෙරොයින් සොයාගනී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 2කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු හා මුදල් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 17 January 2021
නෙළුවේ තවත් 13කට කොරෝනා නෙළුව ප්‍රදේශයේ කොරෝනා ආසාදනය වු අයගේ පවුල්වල සාමාජිකයින් 13 දෙනෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 17 January 2021
තුන්දූවේ අගුලු අරී ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර හා බටහිර ග්‍රාම නිලධාරී වසම් අද(17) මේ මොහොතේ සිට හුදකලා බවින් නිදහස් කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි. 17 January 2021
අදත් කෝවිඩ් මරණයක් අද (16) දිනයේ කෝවිඩ් මරණයක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. ඒ අනුව මියගිය මුළු කෝවිඩ් මරණ ගණන 256කි. 16 January 2021
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් දක්වා ඉහළට ඉන්දුනීසියාවේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් දක්වා ඉහල ගොස් තිබේ. 16 January 2021
ඉන්දියානු සාගරයට දිගුදුර බැලස්ටික් මිසයිල ඉරාන විප්ලවවාදී හමුදාව විසින් සිදුකළ හමුදා අභ්‍යාසයකදී ඉන්දියානු සාගරයට දිගුදුර බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. 16 January 2021
කොරෝනා කර්මාන්තශාලා 5කින් 435ක් නිරෝධායනයට ඉංගිරිය, බොරළුගොඩ කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලා 5 කින් ආසාදිතයින් 20 දෙනෙකු හමුවීමෙන් අනතුරුව කර්මාන්තශාලා 3ක් තාවකාලිකව වසාදමා ඒවායේ සේවකයින් 435 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කළ බව ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එල්.පී.එල්. ප්‍රියන්ත මහතා පවසයි. 16 January 2021
මුදල් - රන් භාණ්ඩ මංකොල්ලය ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 05ක් ගම්පහ - මිරිස්වත්ත මාර්ගයේ මූල්‍ය ආයතනයකට ආයුධ සන්නද්ධව පුද්ගලයින් දෙදෙනෙකු කඩා වැදී රුපියල් කෝටි 4 ක පමණ රන් භාණ්ඩ සහ මුදල් පැහැර ගැනීමට සම්බන්ධ කොල්ලකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇති බව පොලීසිය පවසයි. 16 January 2021
කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් කොරෝනා ආසාදිතයින් 54ක් කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් කොරෝනා ආසාදිතයින් 54 දෙනෙකු දින 06ක කාලයක් තුළ වාර්තා වී ඇති බවත් මෙම තත්වයත් සමග කොග්ගල වෙළඳ කලාපයේ පිහිටි අනිකුත් ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන් වෙතද කොරෝනා වසංගතය පැතිරීයාමේ අවදානමක් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි. 16 January 2021
ග්‍රාමසේවා වසම් 05ක හුදෙකලා තත්වයන් ඉවත්කරයි ඇහැලියගොඩ ග්‍රාමසේවා වසම් 05ක් හුදෙකලා තත්වයෙන් අද (16) සිට ඉවත් කර තිබේ. 16 January 2021
කරාපිටිය රෝහලේදී සිරකරුවෙක් පලා යයි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිර මැදිරියක ගෙල වැලලා ගෙන සිටියදී බේරා ගෙන ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ 25 වැනි වාට්ටුවට ඇතුළත් කර සිටි සිරකරුවෙකු අද (16) අලුයම පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි. 16 January 2021
ඇඹිලිපිටිය - බලන්ගොඩ නගර සභා සභාපති තනතුරු තාවකාලිකව අත්හිටුවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති වවුලන්බොක්ක ගමගේ ලලිත් ධර්මකීර්ති මහතාගේ සහ එක්සත් ජාතික පක්ෂයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන මහතාගේ සභාපති තනතුරු වහාම ක්‍රියාත්මකවන පරිදි තාවකාලිකව අත්හිටුවීමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා නියෝග කර ඇත. 16 January 2021
බැංකු ශාඛාවක් තාවකාලිකව වසා දමයි සේවකයින් 04 දෙනෙකු කොවිඩ් -19 ආසාධිත යයි හඳුනාගැනීමත් සමගම අද (16) සිට අම්බලන්ගොඩ බැංකු ශාඛාවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 16 January 2021
වර්ෂාවෙන් මඩකලපුවේ පවුල් රැසකට පීඩා මඩකලපුව දිස්ත්‍රිකයේ පසුගිය දින දෙකක් පුරා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පවුල් 10561ක, 34415 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවට මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ. කරුණාකරන් මහතා පැවසීය. 16 January 2021
මුදල් හා රන් භාණ්ඩ කොල්ලයක් ගම්පහ නගරයේ මූල්‍ය ආයතනයකට ඊයේ (15) සවස ගිනිඅවි රැගෙන කඩාවැදුණු කොල්ලකරුවන් දෙදෙනෙක් රුපියල් කෝටි 4 කට ආසන්න වටිනා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 16 January 2021
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු අද (15) පස්වරුවේ නිකුත් කෙරිණි. 15 January 2021
අද කොරෝනා ආසාදිතයන් 683 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 683 දෙනෙකු අද (15) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.49 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 15 January 2021
කොවිඩ් මරණ 255 ට නගී කොවිඩ් වයිරසය ආසාදනය වී අද (15) දිනයේ පුද්ගලයින් සිව් දෙනකු මරණයට පත්ව තිබේ. 15 January 2021
කොරෝනා මඬින්න එන්නත පෙබරවාරි මැද ලබාදෙනවා කොරෝනා වයිරසය මර්දනයට මෙරට ජනතාවට ’’ ඔක්ස්පර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ’’ නමැති එන්නත ලබන මාසයේ (පෙබරවාරි) මැද සිට ලබාදීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළාය. 15 January 2021
තවත් ප්‍රදේශ කිහිපයක් හෙට සිට හුදකලා බවින් මිදෙයි කොවිඩ් - 19 වයිරසය හේතුවෙන් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට (16) උදෑසන 5.00 සිට ඉවත් කරනු ලබන බව කොවිඩ් පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි. 15 January 2021
ගුවන් තොටුපලේ ආරක්ෂාවට සුනඛ බලකායක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපොළ ආරකෂක තත්වය තවදුරටත් තහවුරු කිරීම සදහා 20 දෙනෙකුගෙන් යුත් පුහුණුව ලත් සුනඛ කණ්ඩායමක් යෙදවීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. 15 January 2021
උතුරු කොරියාව ’ලොව බලවත්ම ආයුධය’ ප්‍රදර්ශනය කරයි උතුරු කොරියාවේ හමුදා ශක්තිය විදහා දැක්වීම සඳහා පවත්වනු ලැබූ පෙළපාළියකදී ’ලොව බලවත්ම ආයුධය’ ලෙස නම් කරනු ලැබූ, සබ්මැරිනයක සිට දියත් කරන බැලස්ටික් මිසයිල කිහිපයක් ප්‍රදර්ශනය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. 15 January 2021
ඇමැති ජොන්ස්ටන්ට නඩු පවරා ඇති ආකාරය නීතිවිරෝධියි ස.තො.ස. සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව සිය දේශපාලන කටයුතු වල යොදා ගැනීමේ දීරජයට රුපියල් කෝටි හතරකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් කොමිසම මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති ආකාරය නීතිවිරෝධී බව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (15) තීරණය කළේය. 15 January 2021
කොග්ගල ඇඟලුම් කම්හලක 829 ක් නිරෝධායනයට කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ ඇගලුම් කම්හල් දෙකක කොරෝනා වයිරසය ආසාදනය වු සේවක සේවිකාවන් 39 දෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස 829 දෙනෙකු හඳුනාගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 15 January 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026