ජූඩ් ශ්‍රාමන්ත ජයමහට එරෙහිව විදෙස් ගමන් තහනම දිගු කරයි ජනාධිපති සමාව ලැබ නිදහස්ව සිටින රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු වූ ජූඩ් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ නැමැත්තා විදේශ ගතවීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන ජුනි 11 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේය. 19 January 2021
මිහින්තලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාට ප්‍රාදේශීය සභා භුමියේදිම පහර දුනේ යැයි කියන එම පක්ෂයේම මන්ත්‍රීවරයෙකු අද (19) අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි. 19 January 2021
නැගෙනහිර පළාතේ හුදකලා හිමිවරුන්ට මරණ තර්ජන නැගෙනහිර පළාතේ පැරණි බෞද්ධ විහාරස්ථානවල හුදකලාව වැඩසිටින භික්ෂුන් වහන්සේලාට විවිධ ප්‍රදේශවලින්, විවිධ වෙස්ගෙන පැමිණ සිටින අපරාධකරුවන් සහ පැරණි කොටි සාමාජිකයන්ගෙන් මරණ තර්ජන එල්ලවෙන බව නැගෙනහිර පළාතේ ලංකාපටුන විහාරස්ථානයේ විහාරාධිකාරී හම්බෙගමුවේ අස්සජි හිමියෝ පවසති. 19 January 2021
හුදකලා කළ වසම් 2ක උද්ඝෝෂණයක් පොලිසිය මැදිහත්වී නවතයි හුදකලා කර තිබෙන අටුලුගම ගම්මානයට අයත්, එපිටමුල්ල සහ බමුණුමුල්ල ග්‍රාම සේවාවසම්වල පදිංචි පවුල් 200ක පමණ පුද්ගලයන් පිරිසක් එක්ව අද (19) සංවිධානය කිරීමට ගිය උද්ඝෝෂණයක් පොලිසියේ මැදිහත්වීම මත ඔවුන් විසින්ම නවතා දැමූ බව බණ්ඩාරගම පොලීසිය කියයි. 19 January 2021
කොවිඩ් නිසා බලපෑමට ලක්වූවන්ට විදුලි හා ජල බිල්පත් ගෙවීමේදී සහන කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ හුදෙකලා කළ ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින්ට, සිනමා ශාලාවලට සහ සංචාරක නවාතැන්පොළවලට විදුලි බිල්පත් ගෙවීමේදී සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 19 January 2021
දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කර තොරතුරු ලබාගැනීමේ ජනාධිපති කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 19 January 2021
මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයන් වෙල්ගම-මනූෂ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් පත් කරනු ලැබ ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(19) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. 19 January 2021
පනත් කිහිපයක් සංශෝධනයට කිරීමට කැබිනට් අනුමැතිය වර්තමාන අවශ්‍යතාවන්ට අනුව ගැලපෙන අයුරින් පනත් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. 19 January 2021
බාප්පොච්චිලා දෙදෙනෙක් ඥාතී දියණියට අතවර කරලා ආරච්චිකට්ටුවට නොදුර ප්‍රදේශයක අයියා මලෝ බාප්පොච්චිලා දෙදෙනෙකු තම 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දියණිය අපයෝජන කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකපිට අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 19 January 2021
මුහුදු සීමාවට පැන්න ඉන්දීයානුවෝ 33 ක් පිටුවහල් කරති ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වී සිටි ඉන්දීය ජාතික ධිවරයින් 33 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද (19) උදෑසන ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් ආපසු ඉන්දියාවට පිටුවහල් කළ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 19 January 2021
ෆේස්බුක් අන්තවාදියාගේ බැංකු ගිණුමේ කෝටි 7 ක් ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන වෛරී ප්‍රකාශ මුහුණු පොත මගින් ප්‍රචාරය කළැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ව්‍යාපාරිකයකුගේ බැංකු ගිණුමක ඉතා කෙටි කලක් තුළදී රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් සංසරණය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ ඊයේ (18) කරුණු වාර්තා කළේය. 19 January 2021
කසළ තේ කිලෝ 29,000 ක් එස් ටීඑෆ් බාරයට ’’ශ්‍රී ලංකා තේ ’’ ලේබලය යටතේ අපනයනය කිරීමට සැලසුම් කර තිබූ කසළ තේ කිලෝ 29,000 ක් බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි . 19 January 2021
වගකීම පැහැර හැරිය ආයතන රටටම විනයක් බස්නාහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 473ක් සෞඛ්‍ය ආරක්ෂ නීති අනුගමනය නොකරන බව පසුගියදා අපගේ ‘ලංකාදීප’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ප්‍රවෘත්තිය විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හෙළිකර ඇති පරිදි මේ ආයතන 473ට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ ඉදිරියේදී නඩු පැවරෙනු ඇත. 19 January 2021
කොරෝනා පාලන එන්නත මාර්තුවේදි ලංකාවට කොරෝනා පාලනය සඳහා ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානම් වන එන්නත ලබන මාර්තු මාසයේදී පමණ භාවිතයට ලබා දීමට හැකිවනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(19) පැවසීය. 19 January 2021
ඛනිජතෙල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව අද කෝප් කමිටුවට ඛනිජ තෙල් ගබඩාකිරීමට සහ බෙදාහැරීමට අදාල විශේෂ විගණන වාර්තාව අද(19) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය. 19 January 2021
වසාදැමුණු හබරාදුව ප්‍රාදේශීය සභා කාර්යාලය යළි විවෘත කරයි වසා දමා තිබූ හබරාදුව ප්‍රාදේශීය සභා කාර්යාලයේ රාජකාරිය කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව අද (19) යළි ආරම්භ කළ බව සභාපති දිල්ශාන් විදානගමගේ මහතා පවසයි. 19 January 2021
ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් නෙළුව සතිපොළේ 11ට කොරෝනා නෙළුව සතිපොළේ වෙළදුන් හා වෙළෙන්දියන් 11 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලදි තහවුරුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 19 January 2021
තෝණිගල ගල්කොරියක නීතිවිරෝධීව පුපුරණ ද්‍රව්‍ය ගබඩා කරලා ආනමඩුව තෝනිගල ප්‍රදේශයේ ගල්කොරියක නීතිවිරෝධි ලෙසින් ගබඩා කර තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ ( 18දා ) රාත්‍රියේ කළ වැටලිමක දි අත්අඩංගුවට ගත හැකිවු බව ආනමඩුව පොලිසිය කියයි. 19 January 2021
යාපනයේ පොදු වෙළඳසැල් යළි අරී යාපනය දිස්තී‍්‍රක්කයේ පැවති කොරෝනා අවදානම් තත්වයත් සමග වසා දැමුණු පොදු වෙළදසැල් යළිත් විවෘත්ත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. 19 January 2021
මත්තල ගුවන් තොටුපොලේ ගිනි නිවන භටයෙකුට කොරෝනා මත්තල ගුවන් තොටුපොලේ ගිනි නිවිම් ඒකකයේ භටයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (18) තහවුරුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 18 January 2021
ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල අගුලු දමයි ආරක්ෂාවට ඇතිවූ තර්ජනයක් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි කැපිටල් ගොඩනැගිල්ල වසා දමා තිබේ. 18 January 2021
රංජන්ට මන්ත්‍රී අසුන අහිමිවන ලකුණු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඬුවම් නියම වීමත් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන අහිමි වන බව නීතීපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (18) දැනුම් දී ඇතැයි වාර්තා වේ. 18 January 2021
අද දිනයේදී ආසාදිතයන් 627 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 295 දෙනෙකු අද (18) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.30 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 18 January 2021
කොරෝනා මරණ සංඛ්‍යාව 270 ට නගී කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයින් හය දෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) නිවේදනයනක් නිකුත් කරමින් කියා සිටියේය. 18 January 2021
සියලු කොටස් මිල දර්ශකය ඉහළම අගය වාර්තා කරයි කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය අද (18) වාර්තා කළේය. 18 January 2021
අවුරුදු 8 ක දරුවෙකු අපයෝජනය කළ 7 ක් දැලේ වයස අවුරුදු 8 ක පිරිමි ළමයෙකු අපයෝජනය කළ බව කියන තරුණයන් 7දෙනෙකු අද (18) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 18 January 2021
කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් තවත් ආසාදිතයෝ 15 ක් කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ අද (18) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ දී කර්මාන්ත ශාලාවලින් තවත් සේවක සේවිකාවන් 15 දෙනෙක් කෝවිඩ් ආසාදිතයන් බව තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. 18 January 2021
දළදා මාළිගාවේ කටයුතු සුපුරුදු පරිදිම මහනුවර ශ්‍රී දළදා මාළිගා පොලීසියේ නිලධාරීන් පිරිසකට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබුණත් දළදා මාළිගාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිසිවෙකුට කෝවිඩ් ආසාදනය වී නැති බවත් දළදා මැඳුරේ දෛනික කටයුතු සුපුරුදු පරිදි සිදු කරන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. 18 January 2021
බස්නාහිර පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතියේ බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතිය ඇතුළත සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය, ජී.එල් පීරිස් මහතා පැවසීය. 18 January 2021
කෝටි දෙකකට වාලම්පුරියක් විකුණන්න ගිය 6ක් අල්ලයි රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති වාලම්පුරියක් ව්‍යාපාරිකයෙකුට විකිණීමට ගිය සිදුවීමකට සම්බන්ධ පුද්ගලයන් 6දෙනෙකු අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද(18) අම්බලන්තොට පෞද්ගලික ලැගුම්හලකදී අත්අඩංගුවට ගන්නා ලදී. 18 January 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026