ලංකා වතු සේවා සංගමයෙන් නිවේදනයක් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය පාර්ලිමේන්තු පිවිසුම අසළ පැවැත්වූ උද්ඝෝෂණයට සහභාගි වූ ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා පසු පස පොලිසිය හඹායෑම තරගයේ හෙලාදකින බවත් වාහාම එම ක්‍රියාවලිය නතර කරන ලෙසත් එම සංගමයේ නියෝජ්‍ය සභාපති රියෙන්සි විජේමාන්න මහතා ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 08 August 2021
දුම්රිය ප්‍රධාන පාලන අංශයටත් කොරෝනා කොළඹ ප්‍රධාන දුම්රිය පාලන කාර්යාලය තුළ කොරෝනා වයිරසය පැතිර යාම නිසා එම කාර්යාලයේ සේවයට අද දින පැමිණීමට නියමිතව සිට පාලකවරුන් සේවයට වාර්තා කිරීමට අකමැති වීම නිසා නියෝජ්‍ය ගමනා ගමන අධිකාරි සහ සහකාර ප්‍රවාහන අධිකාරිවරුන්ගේ එහි පාලන කටයුතු බාර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 08 August 2021
සෞඛ්‍ය සේවකයන්ට ’’ බූස්ටර්’’ එන්නතක් සෞඛ්‍ය සේවකයන්ට තෙවැනි එන්නතක් (බූස්ටර් ) ලබාදීමට විශේෂ අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 08 August 2021
දෙල්ගොඩ පිපිරීමකින් පියාත් දියණියත් රෝහලට දෙල්ගොඩ නාරංවල ප්‍රදේශයේෙ ගෙබිමක් පිරවීම සදහා පස් ප්‍රවාහනය කළ ලොරි රථයක් එම ගෙවත්තට ඇතුල් කිරීමෙිිදී එම මිදුලේ තිබු යමක් පුපුරා යෑමෙන් ගෙහිමි පුද්ගලයා සහ ඔහුගේ හත් හැවිරිදි දියණිය බරපතළ තුවාල ලබා ලබා රාගම රෝහලට ඇතුලත් කර ඇති බව මීගහවත්ත පොලීසිය පවසයි . 08 August 2021
‘‘කෝවිඩ් මරණවලට කොරෝනා මර්දන බළකාය වගකිව යුතුයි‘‘ වර්තමානයේ සිදුවන මරණවලට කොරෝනා මර්දන බලකාය වගකිව යුතු යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. 08 August 2021
බණ්ඩාරගමින් රෝගීන් 197 බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයෙන් අද 8 වාර්තාව වූ නව කොරෝනා ආසාදිතයන් 197 ත් සමග සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 3106 දක්වා ඉහළ ගොස් ඇතැයි එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය 08 August 2021
ප්‍රතිකාර කටයුතුවලට ත්‍රිවිධ හමුදාවත් කොවිඩ් රෝගීන් යම් ආකාරයකට ඉදිරියේදී වැඩිවුවහොත් ප්‍රතිකාර කටයුතු සහ ඒවාට සහාය දීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්, සෞඛ්‍ය අංශයේ විශ්‍රාමික නිලධාරීන් සහ පෞද්ගලික අංශ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු කණ්ඩායම් අනියුක්ත කරගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ,විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. 08 August 2021
තැපෑලේ වැඩ දින හතරකට සීමා වෙයි කොරෝනා අවදානම් තත්වය හමුවේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සතියේ දින හතරකට සීමා කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. 08 August 2021
පෙම්වතියත් දියණියත් ඝාතනය කළ නරුමයා අල්ලයි වව්නියාව මරදන්කුලම් මුරුගන්ඌර් ප්‍රදේශයේදී නිවසක් තුළ දී මාස 06 ක් වයසැති දියණිය සහ පෙම්වතියගේ ගෙල මිරිකා ඝාතනය කොට නිවසේම පුලුස්සා දැමූ පුදගලයකු වසර 06 කට පසුව අද අත්අත්අඩංගුව ගත් බවට වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 08 August 2021
කඵතර ගොඩගැසුණු කොවිඩ් සිරුරු ආදාහනයට කළුතර මහ රෝහලේ සහ පානදුර මූලික රෝහලේ ගොඩගැසී තිබූ ‘කොවිඩ්’ ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මල සිරුරු ආදාහනය ආරම්භ කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය. 08 August 2021
පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 600කට කොරෝනා පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 600 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටිකොවිඩ් 19’ ආසාදනය වී සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවාය. 08 August 2021
පැය 24 ගම්පහින් ආසාදිතයන් 1839ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි දෛනිකව කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ ආසාදිතයින් 1839 දෙනකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 08 August 2021
දරුවන්ට කැත වැඩ කළ තවත් 10ක් ගැන තොරතුරු ළමයින් සම්බන්ධයෙන් අශිෂ්ට අශීල දර්ශන අන්තර් ජාලයට මුදා මුදාහැරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දස දෙනකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 08 August 2021
එන්නත් ගන්න සුගතදාසයට යන්න එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් කොළඹ පදිංචි පුද්ගලයනට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද දින එම එන්නත ලබාදෙන බව මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙයි. 08 August 2021
පළාත් කීපයකට තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (8) දිනයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 August 2021
ජයවර්ධනපුර රෝහලේදී සාර්ථක අක්මා බද්ධයක් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ දී ප්‍රථම වරට අක්මා බද්ධ සැත්කමක් සාර්ථකව සිදුකළ බව එම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා ප්‍රකාශ කළේය. 08 August 2021
විදේශිකයන්ගේ වීසා කාලය දික් කරයි ශ්‍රී ලංකාවට මේ වන විට පැමිණ සිටින විදේශිකයන්ගේ සියලු වර්ගයේ වීසා වලංගු කාලය හෙට (8 වැනිදා) සිට ලබන සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා දින 30 කින් දීර්ඝ කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. 08 August 2021
කොවිඩ් මරණ 5,000 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 98 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 August 2021
කිරිපිටි මිල ඉහළ දාන්න දෙන්නෙ නෑ කිරිපිටි මිල රුපියල් 200 කින් පමණ ඉහළ දැමුවහොත් දැන් පවතින කිරිපිටි හිඟයක් නැති වන බවත් එසේ මිල ඉහළට දැමීමට අවසර නොදෙන බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 August 2021
කොවිඩ් ආසාදිතයන් 1,820ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,820 දෙනකු අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 07 August 2021
පෞද්ගලික රෝහලුත් කොවිඩ් රෝගීන්ගෙන් පිරෙයි පෞද්ගලික අංශයේ බොහෝ රෝහල්ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචිමාර්ගවලින් පැවසේ. 07 August 2021
තත්ත්වය භයානකයි: ගෙවල්වලින් එළියට යන්න එපා කොවිඩ් වයිරසය වේගයෙන් පැතිර යන හෙයින් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කටයුත්තකට නිවෙස්වලින් බැහැර නොයන්නැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 07 August 2021
ලොකුම මැණික රට ගෙනියන්න ගුවන් යානයකුත් සූදානම් රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් මෑතකදී හමුවූ විශාලතම ප්‍රමාණයේ මැණික ඇතුළු මැණික් ගල් රැසක් චීනයේ ෂැන්හයි නගරයේ ළඟදී පැවැත්වීමට නියමිත ලෝ ප්‍රකට මැණික් වෙන්දේසියේ අලෙවි කිරීම සඳහා රැගෙන යෑමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැණික් හා මැණික් ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය. 07 August 2021
පිටකොටුව වේල්ලවීදියේ කඩ පෙළක ගින්නක් පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ ප්ලාස්ටික් සා ඇලුමිනියම් භාණ්ඩ අලෙවිකරණ කඩ පෙළක ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව පවසයි. 07 August 2021
කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන්ගේ සමීපතමයන් සොයා මැතිසබේ සීසීටීවී කැමරා පරීක්ෂාවට කොවිඩ් ආසාදනය වූ මන්ත්‍රීවරුන්ගේ සමීපතමයන් සොයා ගැනීමට පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා පද්ධති පරික්ෂා කිරීම වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අරඹනු ලැබ ඇත. 07 August 2021
“සීගිරිය - යාල ප්ලාස්ටික්වලින් තොර සංචාරක ගමනාන්තයක් කරනවා’’ සීගිරිය සංචාරක කලාපය හා යාල ජාතික වනඋද්‍යානය ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු පරිසර හිතකාමි සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 07 August 2021
’’පළාත් සීමා අවභාවිතා කරනු එපා’’ පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 07 August 2021
කලාකරුවන් රැසකට කොවිඩ් මෙරට දක්ෂ ජනප්‍රිය කලාකරුවන් පිරිසකට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ. 07 August 2021
මනුස්සයකුට වගේ දත් තියෙන මාළුවෙක් මනුෂ්‍යයන්ට සමාන ආකාරයට දත් ඇති අසාමාන්‍ය මාළුවකු ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියාවේ ධීවරයකු විසින් අල්ලා ගනු ලැබ ඇති අතර, මෙම පුදුම විදියේ මාළුවා මේ වනවිට පුවත් මැවීමට සමත් වී අවසන්ය. 07 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1762ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් දෛනිකව හමුවීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර අද (7) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1762 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 07 August 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026