
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කේවල සහ සමානුපාතික නියෝජන ක්‍රමයන් මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමුවී ඇත.
ඒ අනුව නියෝජිතයින් සියයට 60 ක් කේවල ක්‍රමය යටතේද සියයට 40ක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ද තෝරාගැනීම පිළිබඳ සාකච්ඡා විය.
මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එසේම පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීම අරමුණු කරගෙන සෑම දේශපාලන පක්ෂයක්ම නාමයෝජනා ලැයිස්තුවෙන් කාන්තාවන්ට වැඩි ඉඩක් ලබාදීම පිළිබඳවද මෙහිදී සාක්ච්ඡා විය.
මීට අමතරව මැතිවරණයේදී ජය ගන්නා පක්ෂයට ප්‍රසාද මන්ත්‍රී ආසනක් ලබාදීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණ.
එසේම පළාත් පාලන ආයතන වල දැනට සිටින නියෝජිතයින් ප්‍රමාණය අඩු කළ යුතු බවද මෙහිදී අවධානය යොමුවිය.
තවද මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී සේවය සහ එම්. ටී. වී. (පෞද්ගලික) නාලිකාව විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා සභාගත කිරීමද මෙහිදී සිදුවිය.
මෙම විශේෂ කාරක සභා රැස්වීමට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, රවුෆ් හකීම්, ඒම්.ඒ්. සුමන්තිරන්, මනෝ ගනේෂන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුන්, විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ දැන් තියෙනවට වඩා අපට කොකා පෙන්නන ක්‍රමයක්ද?
ඔව්, ඉතින් දිනාගන්න පුළුවන් හොඳම ක්‍රම සහ විධි, දහම්ගැට, ජිල්මාට් ඔක්කොම ගහමු...
අපේක්ෂකත්වය ඉල්ලීම සඳහා ගම් මට්ටමෙන් කසිප්පු පෙරන හා විකිණීම කරන අයට අවස්ථාව නොදීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් සේ සලකන්න. එසේ කළොත් රටේ සාරධර්ම ඇති කිරීමට හේතුවේවි...!
ඔය බඩකඩිත්තුව නැති වුණායි කියලා රටට පාඩුවක් නැහැ....!
නොහැකියාව පෙන්වමින් බෝලේ හතර අතේ විසිකරමින්, පච කෙළමින් අවුරුදු ගාණක් තිස්සේ ඕක ඇද ඇද ඉන්නේ නැතිව තියලා ඉවරයක් කරන්න.