(ළහිරු හර්ෂණ)

ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසියේදී,  වෙන්දේසිකරුවෙක් වූ  හියු ඇඩ්මේඩස් (Hugh Edmeades) රෝගාතුරව බිම ඇද වැටී තිබේ. 

මේ හේතුවෙන් වෙන්දේසිය තාවකාලිකව නවතා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සඳහා ලංසු තබන අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුව ඇත.

ඒ වන විට වනිදු හසරංගට ඉදිරිපත්ව තිබූ ලන්සුව ඉන්දීය රුපියල් ලක්ෂ 1075 කි.