වරාය පොදු සේවක සංගමය විරෝධතාවක දැනට නතර කර ඇති ඇන්ටිජන් පරීක්ෂණ නැවත ආරම්භ කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද දහවල් කොළම කොටුව වරාය අධිකාරිය ඉදිරිපිට දී පැවැත්විණි. 09 August 2021
ලංගමට දිනකට රුපියල් කෝටි හතරහමාරක පාඩුවක් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් කෝටි හතරහමාරකින් පමණ පහත වැටී ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. 09 August 2021
කොරෝනා අවදානමක්: සුරාබදු දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය වසයි නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීම නිසා සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය තාවකාලිකව වසා දැමූ බව සුරාබදු කොමසාරිස් (නීති ) කපිල කුමාරසිංහ මහතා පැවසීය. 09 August 2021
පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නන් පරීක්ෂාවට බස් දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයන්ගේ රාජකාරී හැදුනුම්පත් අහඹු ලෙස පරීක්ෂා කරන ලෙසට පොලීසියට උපදෙස් ලබාදි ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 09 August 2021
රට ඉදිරියේ තියෙන්නේ “ඩෙල්ටා බෝම්බයක්’’ මෙරට ඉදිරියේ දැන් තිබෙන්නේ පුපුරා යෑමට ආසන්න භයංකාර ’’ඩෙල්ටා බෝම්බයක්’’ බවත් ජනතාව පරිස්සම්කාරී නොවූණහොත් එය කොයි මොහොතේ හෝ පුපුරා යා හැකි බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 09 August 2021
ස්ලිට් ආයතනය ගැන කෝප් විමර්ශන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (ස්ලිට් ආයතනය) රජයට තිබු අයිතිය අහිමි කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ පියවර ගන්නා ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) රජයට නිර්දේශ කර ඇත. 09 August 2021
‘‘දැඩි මතයෙන් ඉවත්ව යථාර්ථය තේරුම් ගන්න‘‘ ආර්ථිකය ශක්තිමත් විය යුතු ගමනේ ගිහින් මිනිසුන් මැරී වැටෙනවා නම් අපිට ආර්ථිකයත්, මිනිස්සුත් දෙකම නැතිවන බව රජය තේරුම් ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය. 09 August 2021
සෙල්ෆි ගන්න ගිය තරුණයා පාලමෙන් වැටී මරුට යාපනය තීවගම් මාර්ගයේ පන්නෙයි පාලම මතදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ ගත් තරුණයෙකු එම පාලමෙන් වැටී මියගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. 09 August 2021
කොවිඩ් රෝගීන්ට නිවෙස්වල ප්‍රතිකාර අද සිට ඇරඹේ සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය දිවයින පුරා අද (9) සිට ආරම්භ කෙරිණ. 09 August 2021
ගම්පහ පාසල් දරුවන්ට එන්නත් දෙන්න සූදානම් ගම්පහ දිස්ත්‍රික්කයෙහි වයස අවුරුදු 12 - 18 ත් අතර පාසල් දරුවන් සදහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 09 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1802ක් කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව අද (9) උදෑසන වනවිට 77,845 ඉහළ යද්දී පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1802 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි. 09 August 2021
පොලු මුගුරුවලින් පහරදි තිදරු පියා මරලා පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කරන ලදැයි සැක සිතිය හැකි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (9) අලුයම් කාලයේදී පිටිගල කරව්ව වෙල්යායේ දමා තිබියදී සොයාගත් බව පිටිගල පොලීසිය කියයි. 09 August 2021
ඔක්සිජන් පිට කෝවිඩ් රෝගීන් 593ක් රට පුරා රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් 593 දෙනෙකු දිවයින පුරා රෝහල්වල දැනට ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය . 09 August 2021
අද දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (9) දිනයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 August 2021
ෆයිසර් එන්නත් ලක්ෂයක් කටුනායකට ශ්‍රී ලංකාව මිලට ගත්, ඇමෙරිකාවේ නිෂ්පාදිත ’’ ෆයිසර් ’’ එන්නත් තවත් මාත්‍රා තවත් ලක්ෂයක් පමණ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 09 August 2021
නිරෝධායන නීති කැඩූ 130ක් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 130 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 09 August 2021
ගුවන් හමුදා ගබඩාවෙන් ඇමෝනියා ඉස්සූ ගුවන් හමුදාවේ සිව් දෙනෙක් දැලේ ගුවන් හමුදාවට අයත් කටුනායක පුපුරණ ද්‍රව්‍ය ගබඩාවෙන් ඇමෝනියා නයිට්රේට් නැමැති පුපුරන ද්‍රව්‍ය සොරා ගැනීම සම්බන්ධයෙන් ගුවන් හමුදා සැරයන්වරයකු,නාවික හමුදා සුළු නිලධාරියකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 09 August 2021
තෙවැනි මාත්‍රාවකට ජනපතිගෙන් උපදෙස් ජනතාවට තෙවැනි එන්නතක්(බූස්ටර්) අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 08 August 2021
කාබනික පොහොර දෙන්න පෙර පස පිරික්සයි මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර ගොවි ජනතාවට ලබා දීම සඳහා සිදු කරන පාංශු පරීක්ෂණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සඳහන් කර සිටී. 08 August 2021
ආසාදිතයන් තවත් 726ක් වාර්තා වෙයි කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 726 දෙනකු අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 08 August 2021
කොරෝනා මරණ 94ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 94 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කර ඇත. 08 August 2021
නෙළුව නගරය දින දෙකක් වහයි නෙළුව පොලිස් බල ප්‍රදේශය තුල කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහල යාම නිසා හෙට(09) සිට 11 වනදින දක්වා දින තුනක් නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමිමට තිරණය කල බව නෙළුව වෙළඳ සංගමයේ සභාපති ඉහල ගමගේ අජිත් මහතා පවසයි. 08 August 2021
කොරෝනා ආසාදිතයන් 2230ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,230 දෙනකු අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 08 August 2021
එන්නත් සටන දිගටම කොරෝනා මර්දන එන්නත් ලබාගැනීම සඳහා කොළඹ විහාරමහාදේවි උද්‍යානය සහ කොළඹ නගරයේ ස්ථාන කීපයකම අද දවසපුරා දිගු පොලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති. 08 August 2021
පානදුර රෝහලට ශීතාගාරයක් පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මියයන පුද්ගලයන්ගේ මළසිරුරු තැන්පත් කිරීම සඳහා අවශ්‍ය ශීතාගාරයක් පානදුර මූලික රෝහල වෙත පරිත්‍යාග කිරීම එම ප්‍රදේශයේ දානපතිනියක් වන සන්ධ්‍යා සල්ගාදු මහත්මිය මූලිකව අද සිදුවිණි. 08 August 2021
60ට වැඩි අයට එන්නත් දෙන්න දින තුනක් කෝවිඩ් එන්නතේ ප්‍රථම මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 වැඩි හා බරපතල රෝගාබාධ ඇති ජනයාට ලබන අඟහරුවාදා සිට තුනක් තුළ එන්නත් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 08 August 2021
ආරාලි දූපතේ දී දිවි පිදූ විරෝවෝ සමරති 1992 අගෝස්තු 08 වැනිදා යාපනය ආරාලි තුඩුවේ දි එල්ටීටීඊ අධිපීඩන බෝම්බයකට ගොදුරු වී ජීවිතක්ෂයට පත් වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන්ගේ 29 වැනි ගුණානුස්මරණ උත්සවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අනුකූලව අරාලි තුඩුවේදී අද පැවැත්විණි. 08 August 2021
සතොසේ සීනි මෙට්‍රික්ටොන් 37ක් හොරා කලා වෙන්නප්පුව කොස්ගස්හන්දිය සතොස ශාඛාවේ සීනි මෙට්‍රික්ටොන් 37 ක සොරකමක් සම්බන්ධයෙන් එම ශාඛාවේ කළමනාකාරිනිය අත්අඩංගුවට ගෙන ඇති බව සතොස උසස් නිලධාරියෙක් පැවැසීය. 08 August 2021
මල්වර උත්සවයකට ආ පිරිසක් පන්නා දමයි සෞඛ්‍ය උපදෙස් උල්ලංගණය කරමින් අහංගම ප්‍රදේශයේ අද (8) පැවැත්වෙමින් තිබු මල්වර උත්සවයක් තහනම් කළ බව අහංගම මහජන සෞඛ්‍ය පරික්ෂක එම් පී ගයාන් අසංක මහතා පවසයි. 08 August 2021
‘‘ගෑස් හිඟයක් ඇති වෙන්නේ නෑ‘‘ රට තුළ කිසිම ගෑස් අර්බුධයක් ඇතිවන්නේ නැහැ. රටට අවශ්‍ය ගෑස් සැපයීමට අපට හැකියාව තිබෙනවා. ඒ සදහා අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන අප සතුව පවතිනවා යැයි ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි. 08 August 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026