(මනෝ ප්‍රිය ගුණසේකර )

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීතිඥ සංගමය විසින් ප්‍රකාශයට පත් කර කරනු ලබන "ද චීෆ් මැජිස්ට්‍රේට් කෝර්ට් ලෝ ජර්නල්" නීති කෘතිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ හමුවීම් ශාලාවේ දී හෙට (14) සවස 3.00 ට එළිදැක්වේ.

අපරාධ නීතිය සම්බන්ධයෙන් පමණක් පළ කෙරෙන ලංකාවේ පළමු නීති ග්‍රන්ථය වන මෙය නීතිඥ චින්තක ප්‍රනාන්දු මහතාගේ සංස්කාරණයකි.

"ද මැජිස්ට්‍රේට් කෝර්ට් ලෝ ජර්නල් "කෘතිය මහාධිකරණ විනිසුරුවන් ,මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් නීතීඥවරුන් ඇතුළු නීතිය පිලිබද ප්‍රාමාණිකයන්ගේ ලිපිවලින් සමන්විත වේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන "ද මැජිස්ට්‍රේට් කෝර්ට් ලෝ ජර්නල් " නීති කෘතිය දොරට වැඞීමේ උත්සවයට බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඇතුළු විනිසුරුවරු විශාල පිරිසක් ද අධිකරණ සේවා කොමිසමේ ලේකම් සංජීව සෝමරත්න මහතා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා සහ එහි ලේකම් රජිව් අමරසූරිය මහත ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වේ.

ග්‍රන්ථය පිළිබඳ හඳුන්වාදීමේ දේශනය ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් අල්විස් මහතා විසින් පවත්වනු ලැබේ.