(සුජිත් හේවාජූලිගේ)
ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදු කරන බවත් දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග පැවැති සම්මන්ත්‍රණ මාලාවේදී ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය.
ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.
ජනාධිපති අපේක්ෂා කරන ඉලක්ක ජයගැනීමට අවශ්‍ය ශක්තිය දෙමින් ජාතික වැඩපිළිවෙළ විජයග්‍රහණය කරවීමට තවදුරටත් කැපවන බව එම සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීයවේදීහු මෙහිදී කියා සිටියහ.
ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ කෙරෙහි බහුතරයක් ජනතාව ධනාත්මකව සිතන බවත් . එසේ වුව ද පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදු කරන අසත්‍ය මතවාද තරයේ ප්‍රතික්ෂේප කරන බව රැස්ව සිටි පිරිස සඳහන් කළහ.
කෘෂිකර්මාන්තයේ නව ප්‍රවේශයට එම ක්ෂේත්‍රවල පූර්ණ කාලීනව නියැලී සිටින පර්යේෂකයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ සහාය ලබාදීමට සූදානම් බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පැවසූහ.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් විද්වත්හු, ඒ වෙනුවෙන් පවතින බාධා ඉවත් කරගැනීමට රජයට කොන්දේසි විරහිතව සහාය පළ කරන බව ද අවධාරණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුරේට ආපු කට්ටියම වෙන්නැති මේකටත් ඇවිල්ලා හිටියේ...!!!
ඔව් ඔව්.. අභියෝග වැදගත් නෑ තමයි. පොරොන්දු ඉටු කරන්න සැබෑ වුවමනාවක් විතරයි තියෙන්න ඕනෑ. අවාසනවකට වගේ නැත්තෙත් ඒකමයි.
පක්ෂ දේශපාලනයෙන් ඔද්දල් වුණු බොහෝ ජනයාට හොඳ නරක හඳුනා ගැනීමට නොහැකිව රට ජාතිය හඳුනාගැනීමට නොහැකිව පක්ෂ පාටම බදාගෙන සිටින රටක, රට වැට්ටවීමේ කෲර අරමුණින් වැඩ වර්ජන රැළි ඇති කරන රටක තද නීති ඇතිව, හොරුන්ට අවස්ථාව නොදී විනයක් ඇතිව ගියහොත් අපේ රට ගොඩනගා ගැනීමට හැකිවේවි. එසේ වේවායි ! පතමු
එක එක වෙලාවට, එක එක කතා කියවනවා. පොඩ්ඩක් මොලය පරීක්ෂා කර ගත්තොත් හොඳ නැත්ද?
ඒක ඇත්ත... මොලේ තමයි තියෙන්න ඕනෑ...
දුන් වැදගත් පොරොන්දු එකක්වත් ඉටුවෙලා නැහැ. ඉදිරියේදී ඉටුවෙන්නෙත් නැහැ.
එයාට නැති දේවල් ගැන කියන්න එපා. මේ ටිකට කරපු හරිය මදැයි. රට විනාශ කරන්න තව මොනවද ඉතුරු...? මේ නම් තියන අයවත් නැවත එපා...!
පහත දැක්වෙන පොරොන්දු ඉටුකර ඇති බව සතුටින් දැනුම් දෙමු. දුමින්ද නිදහස් කිරීම, තමන්ගේ නඩු සියල්ල නිදොස්කර ගැනීම, පොහොර නැති කිරීම, ගෑස් නැති කිරීම, ජීවන වියදම 500%ක්වත් වැඩි කිරීම...
ඉටුකරපු පොරොන්දු මිනිසුන්ගේ ආදායම කාබානිසියා කරලා මිනිස්සු හාමතේ තියන එකද..?
වහල්ලුන්ට හොඳයි මේ සුරංගනා කතා...!
මීට අමතරව මාස්පතා ලබාගන්නා ණය කන්දක රට හිරකිරීම, චීනයට රට උකස් තබන අතර ඇතැම් දේපළ ඔවුන්ටම විකිණීම.., විනයක් නැති ඇමැති සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් මෙහෙයවීම, නීතියක් නැති රටක් ඇතිකිරීම වැනි බොහෝ ප්‍රගතිශීලී වැඩ මහා විශාල ලෙස මෙයාලා කරලා තියෙනවා නොවේ..
මෙයා ඉටුකරන පොරොන්දු ඔක්කොම කඩවුනු පොරොන්දු මිසක් වෙන මොනවාද? ඔක්කොම කටින් විතරයි. පෙන්වපු සෞභාග්‍යයේ තරමක අසිරිය දැන් ලෝකයටම පේනවා..!