(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)
ඉස්සර කියමනක් තිබුනා ‘මඩ සෝදා ගත්කළ ගොවියා රජකමටත් සුදුසුයි’ කියලා.මම දන්නේ මේක මොකට කිවද කියලා. අද ඒ ගොවි ජනතාවට අත්වි ඇති ඉරණම කුමක්ද.උගස් බඩු කඩේ ලගින් යන කොට හැංගිලා යනවා,බැංකුවෙන් සතියකට ලියුම් දෙක තුනක්වත් එනවා.නැත්නම් හිරේ දානවා.එහෙම නැත්නම් තමන්ගේ බිරිද විදෙස් ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා යැයි ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසයි.
සාමාන්‍ය ජනතාව මුලික ආදායම් මාර්ගයක් සොයා ගැනිමට මේ ආර්ථික තත්වය මත නොහැකිවි තිබෙනවා.
අපි ආණ්ඩු හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ ජිවිත සුවපත් කරන්න,සැපවත් කරන්න. අද මේ ආණ්ඩු කිසිවක් රටේ ජනතාව වෙනුවෙන් ඉටුකරලා නැහැ. පිළිකා රෝගයෙන් මැරෙනවා. වකුගඩු රෝගයෙන් මැරෙනවා. හෘද රෝග වලින් මැරෙනවා. අනතුරැ වලින් මැරෙනවා. ගිය අවුරැද්දේ 3045 සිය දිවි හානි කොට ගෙන තිබෙනවා.මිනිස්සුන්ට ජිවිත එපාවි තිබෙනවා.
සහතික වශයෙන්ම මේ දුර්දාන්ත සමාජ ක්‍රමය වෙනස් කළ යුතුයි. එය අපට අත්හල නොහැකි වගකිමක්. කිසිසේත්ම අපට අත්හරින්න බැහැ. කිසිසේතම් අපට අහක බලාගෙන යන්න බැහැ. අපේ ජිවිත වල අපේ ලැබැදියාව, අපේ සොහොයුරා, අපිත් එක්ක ඒකට මේ වාතලයේ හුස්ම ගතයුතු මිනිස්සු විශාල ප්‍රමාණයක් අපට අහිමිකර තිබෙනවා මේ සමාජය.
පොහොර ඇතිව හෝ නැතිව ගොවි ජනතාවගේ ආදායම දෙගුණයක් කරනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අනුරාධපුර රැළියේ කැ මොර දෙමින් කියනවා ඇහුනා.පොහොර ඇතිව හෝ නැතිව ගොවි ජනතාවගේ ආදායම දෙගුණයක් කරනවාලු. කොහොමද එහෙම කරන්නේ.
ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් අනුරකුමාර මහතා මේ බව පැවැසීය.අනුරාධපුර යොවුන් නිකේතනයේදි මෙම සමුළුව පැවැත්වුණි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මඩ සෝදා ගත්කළ ගොවියා රජකමටත් සුදුසු ද?
sharm warn Monday, 14 February 2022 12:13 PM
මේ මිනිස්සු ආවේ බත් පැකට් එකටයි අරක්කු බෝතලේටයි නෙවෙයි. හැබැයි ඉතින් ඡන්දෙ දවසටත්මේ අවබෝධයෙන්ම හිටියොත් මේ රට බේරගන්න පුළුවන් වෙයි. එදාටත් මොකක්හරි තහඩු කෑල්ලකට, 5000 කොළයකට ආත්මය පාවලා දුන්නොත්...!
Sriland Monday, 14 February 2022 12:48 PM
එදා ගොවියා රජෙක් වගේ ජීවත් වුණා. ජේ.ආර්. ගේ කාලයේ තමයි ගොවියන්ට යන එන මං නැතිකළේ.... විවෘත ආර්ථිකයක් ගෙනැල්ලා. අපේ රට ගොඩගන්න තියෙන එකම සහ ලාභම ක්‍රමය ගොවිතැන දියුණු කිරීම...
fairoos Monday, 14 February 2022 01:00 PM
වහල්ලුන්ට මේවා කියලා වැඩක් නෑ.
BamunuarachchiMonday, 14 February 2022 07:55 PM
හිනා හතයි... ගොවියාගේ රජකම ගැන කතා කරන්නේ හරක්මස් කඩ කාරයින්...!
JAYATH Monday, 14 February 2022 01:22 PM
මේ සෙනඟ දැකලා කට්ටියට මර උණ ගැනිලා තැනින් තැන උණ විකාරයෙන් දොඩවනවා.. ඒක දේශපාලන මී ගවයෙක් බෙලිඅත්තේදී ජේ.වී.පී. එක කොටි සංවිධානෙට සමාන කරලා තිබුණු බෙලිඅත්තේ මිනිස්සුන්ට ජේ.වී.පී. එක ගැන කියා දෙන්න එයා මොන දේශපාලකයෙක්ද?
kamal Monday, 14 February 2022 01:26 PM
ඒ සැරේ 69 ලක්ෂය මෙතැනට ඇවිත් අප්පුඩි ගහනවා. අපොයි සසර වසන තුරු..!
sharm warnMonday, 14 February 2022 04:23 PM
කමල්, මේක තමයි චතුරාර්ය සත්‍යය අවබෝධ වීම කියන්නේ... 69 ලක්ෂයට දැන් යන එන මං නැහැ. මෙතැනටවත් ඇවිල්ලා තමන්ගේ ජීවිතේ ගොඩගන්න කියලා තමයි හිතෙන්න ඇත්තේ...
Raveendra Monday, 14 February 2022 01:38 PM
මඩ සෝදාගත් කළ ගොවියා රජකමට සුදුසුද? නැද්ද? යන්නවත් නොතේරෙන මෙවැන්නන් අනාගතයේදී රජකමට නොව වැසිකිළි සේදීමටවත් සුදුසු නැති බව බාලාංශ ඉගෙනුම් දරුවෙකුට වුවද පැහැදිලි කරුණකි. එලෙසම සෑම උද්ඝෝෂණයක් මෙන්ම සෑම වැඩ වර්ජනයක් පිටුපසම ඉතා සූක්ෂම ලෙස ක්‍රියාකරන මෙවන් කාලකන්නින් අප රටේ නම් කිසිදාක රජකමට සුදුසු නැති බව ඉතාමත්ම පැහැදිලියි. මක්නිසාදයත් තප්පරයකින් හෝ රට අරාජිත කර බලය ලබා ගැනුමේ ප්‍රබල උත්සාහයක මෙම ජේවීපීයන් සිටින බව ඉතාමත්ම පැහැදිලියි. අන්තරේ ඉන්න බෝලකාරයින් මගින් සරසවි සිසුන්ගේ ඉගෙනීමට අවහිර කරන සහ මහජනතාවට කරදරයක් වන ලෙස හැසිරීම මහජනතාව ඉතාමත්ම පිළිකුල් ලෙස දකින බව නොදැනීම අවාසනාවකි. "උගස් බඩු කඩේ ලඟින් යන කොට හැංගිලා" ගියත් ඒ ගොවියන්ගේ දහඩිය මහන්සියෙන් උපයාගත් රත්රන් බඩු... නුඹලාගේ දරුවන් වෙනත් රටවල ඉගෙනීම සඳහා අවශ්‍ය මුදල් හොයාගත්තේ කෙසේද යන්න කියන්න බලන්න.? මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව සටකපට මූසල හිනාවකින් කාලකන්නි මුණ සරසා ගෙන සිටින අරවින්ද කුමාර නොහොත් අනුර කුමාරට පුද්ගලිකව කියවීමට හැකිවේවා..!!!
ලමයMonday, 14 February 2022 03:30 PM
මල්ලී මේ ලිව්වා වගේම ගෝඨාභයගේ හොඳ නරක ටිකක් අපිට කියලා දෙන්න...
RaveendraMonday, 14 February 2022 05:42 PM
"අයියේ" ගෝඨා ගැන විතරක් නොවේ අපි නම් දියවන්නාව පට්ටියේ "මන්ද බුද්ධිකයින් 226 ගැනම" ලියලා තියෙන්නේ.... අයියල ඉතින් වදින, ගොට්ට අල්ලනඅයට විරුද්ධ මලපෙරේතයින් ගැන විතරයිනේ විවේචනය කරන්නේ. අපි නම් ඔය කාටවත් එක සතේක ණයක් නැති මිනිසුන් "අයියේ ". මේ 226ම අපිට ණයයි "අයියේ"... අපි එවන ඩොලර් වලින් තමයි අයියත් බඩගින්න නිවාගන්නේ. අමතක කරන්න එපා අයියේ...
දාසMonday, 14 February 2022 03:35 PM
මලය මේ කියන කථා බොරුද? ගොවියන් අද ඉන්න අසරණ තත්වය ඔයාට පේන්නේ නැද්ද? ඔයා ජෙප්පොත් එක්ක තරහ නම් ඒක ඒ මිනිස්සුත් එක්ක බේරාගන්න.. හැබැයි මේ මනුස්සයා කියන කථාවලට අපට එකඟ වෙන්න වෙනවා. ඒක මතක තියාගන්න...
ශාන්Monday, 14 February 2022 03:40 PM
ඒ වගේද ගොඩනැගිල්ලක් වත් නැති ඇමරිකන් සමාගමකින් බලශක්තිය ගන්න ගිවිසුම් ගහපු එක... එතකොට 600 ගාණට තිබ්බ පෝර එක 1200 ගානේ ගෙන්නපු එක... හොඳට තිබ්බ ගොවිතැන නැති භංගස්ථාන කරලා පිටරටින් හාල් ටොන් ගණන් ගේන එක. එව්වා හොඳ ඇති නේ...
Dilan Rathnaweera Monday, 14 February 2022 01:44 PM
නැහැ නොවැ. දැන් ඕක අලුතෙන් කියන්නේ..., මංකොල්ල කන්නේ රත්තරන් නම් ඇමැති කමටත් සුදුසුයි...
kapila Monday, 14 February 2022 01:46 PM
ගොවියගේ වියදම හතර ගුණයකින් වැඩි කරලා ආදායම දෙගුණයකින් වැඩි කළහැකියි. අනුරට ඕක තේරුම් ගන්න බැරිද...?
SUNIL MILANO Monday, 14 February 2022 02:10 PM
යහපාලන කාලයේදී ගොවිමහතුන් වස බීලා මැරුණු බව මේ කාලකණ්ණි අපතයින්ට දැන් අමතකයි.
ලමයMonday, 14 February 2022 02:45 PM
දැන්නම් වසත් හොයාගන්න අමාරුයි.. ඒවා ගේන්නත් සල්ලි නෑ...!
දාසMonday, 14 February 2022 02:47 PM
මල්ලී නිකමට අහන්නේ ඔයත් ආවාද රට බේරගන්න සර්ට කතිරේ ගහන්න ඉතාලියේ ඉඳලා...?
අප්පුහාමි Monday, 14 February 2022 02:16 PM
ඕක මෙහේ එකෙක් කිව්ව එකක් නෙවෙයි බොල... කිව්වෙ රොබට් නොක්ස් 1600 ගණන්වල... දන්න දේකුත් නැහැ. ගොන් ජෙප්පෝ...!
SUNIL MILANO Monday, 14 February 2022 02:42 PM
මේ අපතයින් ණයට කහිනවා...!!!
kamal Monday, 14 February 2022 03:20 PM
ලේ සෝදාගත් කළ හිටපු ත්‍රස්තයා රජකමට සුදුසු වේවිද?
මාමMonday, 14 February 2022 05:16 PM
ඇයි නැත්තේ මල්ලී? මිනිමරු කරුණා දේශප්‍රෙමියෙක් කරලා පක්ෂෙ උපසභාපතිකමත් දුන්නේ මලයගේ ලොකු සර්...!
නන්දන සේන Monday, 14 February 2022 05:50 PM
දැන් මේ අර මිලානෝ, මේ මිලානෝ කියලා අදහස් දක්වන්නේ... අර කොටින්ට බයේ, මෙඩිකල් කන්ඩෙම් කරගෙන, ඇමරිකාවට පැනලා ගියපු මුකුත්ම කරගන්න බැරි 'විරුවා' ජනාධිපති කරන්න ඉතාලියෙන් ආපු නිසා වෙන්න පුළුවන්නේ...
Bamunuarachchi Monday, 14 February 2022 07:51 PM
1989 ජීවිත 65000ක් විනාශ කළ, දුප්පත් රටේ බස් ගිනිතිබ්බ, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බ, තැපැල් කන්තෝරු ගිනි තිබ්බ, රට ආපස්සට ඇද්ද ජෙප්පන් රටේ බලය ඉල්ලන්න සුදුසුද?
Sudath Tuesday, 15 February 2022 02:08 PM
ඉස්සර තමයි මඩ සෝදාගත් කළ ගොවියා රජකමට සුදුසුයි කිව්වේ.. දැන් නොමිලේ පොහොර වගා හානි වුණොත් රජයෙන් වන්දි දෙන්න ඕනෑ.. බැංකු ණය කපා හරින්න ඕනේ... ඒ ඔක්කෝටම බදුගෙවන අපි 150ට 200ට හාල් අරගෙන කන්න ඕනේ දැන් අපිටයි, බැංකුවලින් ලියූ යනකොට හැංගෙන්න වෙලා තියෙන්නේ ජවිපෙ කියන්නේ රටට කොඩිවිනයක් මේ අය ඉන්නකන් මේ රට කවදාක්වත් දියුණු කරන්න බෑ...!