(ඩයනා උදයංගනී)

උතුරු උතුරු මැද, නැගෙනහිර සහ  ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී  හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලකුළ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ බස්නාහාර නුවර,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

බස්නාහාර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි.