(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු සිදුකිරීම නිසා එම ස්ථානයෙන් වාහන ධාවනය සීමාකර තිබේ.

නැවත දැනුම් දෙන තෙක් එම මාර්ගයේ පෙරවරු 6.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ දෙසට මංතීරු දෙකක් සහ හොරණ දෙසට මංතීරුවක් ලෙස රථ වාහන ගමනාගමනය සීමා කර ඇති බවත් නැවතත් පස්වරු 3.00 සිට පසුදින පෙරවරු 6.00 දක්වා කොළඹ දෙසට මංතීරුවක් සහ හොරණ දෙසට මංතීරු දෙක්ක් රථ වාහන සඳහා විවෘත බවත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා සහ පස්වරු 4.00 සිට රාත්‍රී 8.00 දක්වා මගී බස් රථ හැර සියලුම බර වාහන පාලම මතින් ගමනාගමනය අත්හිටුවා ඇති බව ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් කියයි.