IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


තරුණ මන්ත්‍රී ගිය ඩී.ජේ. පාටියෙන් මත් පෙති සමග හතක් අල්ලයි

(බී.ජී.චතුරංග)

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, වෛද්‍යවරයකු ඇතුළු දෙසීයකගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවැති ඩී.ජේ. පාටියකට එක්ව සිටි හත් දෙනකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ කාර්යාංශය පවසයි.

අන්තර්ජාලය මගින් මෙම සාදය සංවිධානය කර ඇතැයි ද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ රුපියල් හාරදහසක පමණ මිලකට අලෙවි කරන, දිව යට තබා ගන්නා මත් මුද්දර, රුපියල් 4500 කට අලවි කරන මත් පෙති සහ කේරළ ගංජා සිය බාරයට ගත් බව පොලීසිය පවසයි.

සමාජ මාධ්‍යවලින් සිදු කරන ලද ප්‍රචාරයන්ට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අවුරුදු 20 - 35 අතර වයස්වල පසුවන දෙසියයකට වැඩි තරුණ තරුණියන් පිරිසක් මෙම සාදයට සහභාගි වී සිටි බවත් පොලිසිය පවසයි.

මෙම මත් ද්‍රව්‍ය සාදයට ඇතුල්වීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 3500 ක මුදලක් අය කර තිබූ බවත්, ඇතුල් වූ පසු, මුදල් ගෙවූ අය හඳුනා ගැනීම සඳහා කහ පැහැති අත් පළඳනාවක් පළඳවා තිබූ බවද පොලිසිය පවසයි.

සාදයට ඇතුල් වූ පසු එහි සිටින ජාවාරම්කරුවන්ගෙන් මත් පෙති, මත් මුද්දර, ගංජා ඇතුළු විවිධ මත් ද්‍රව්‍ය මුදලට ලබා ගැනීමට හැකි බව මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බවත්, වැටලීම සිදු කරන අවස්ථාවේදී බොහෝ පිරිසක් මත් ද්‍රව්‍ය පානය කර සිටින අයුරු දැකගත හැකි වූ බව ද පොලිසිය සඳහන් කළේය .

තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ වෛද්‍යවරයා එම සාදයේ ආරාධිතයින් ලෙස පැමිණ සිටි බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කිත්සිරි ජයලත්,නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ජයන්ත පුෂ්ප කුමාර මහතාගේ මෙහෙය වීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 



අදහස් (10)

තරුණ මන්ත්‍රී ගිය ඩී.ජේ. පාටියෙන් මත් පෙති සමග හතක් අල්ලයි

Raveendra Sunday, 13 February 2022 01:22 PM

මොන විකාරයක්ද? නිදහසට කරුණු කෝටියක් දෙන්නම්කෝ අපි දෙන්නම්.. අපි දන්නවද එම හෝටලයේ මත්ද්‍රව්‍ය සමග සාදයක් තියනවා කියලා.? එහෙම දන්නවා නම් අපි යනවද අරාධනාවක් ලැබුණත්? මේ දේශපාලුවාගේ සහ කොන්දොස්තරයගේ නිදහසට කරුණු වලින් කීපයක්.. එබැවින් මේවා මහා විකාර... තවද එම සාදයේ සියලු තොරතුරු සඳහන් වුවත් දේශපාලුවගේ, කොන්දොස්තරයාගේ සහ හෝටලේ නම් මෙම මාධ්‍යවේදියාට සඳහන් කිරීමට නොහැකිවීම අරුමයකි...

:       3       92

abSunday, 13 February 2022 07:27 PM

වැරදි කරන පුද්ගලයන්ගේ නම් හෙලිකිරීම ඉතාම වැදගත්...!

:       1       46

Prabha Sunday, 13 February 2022 03:33 PM

නොමිනේෂන් දෙන්නේ කුඩ්ඩෝ, කසිප්පුකාරයින්ටනම් ඕක පුදුමයට කාරණාවක්ද?

:       0       72

Don Sunday, 13 February 2022 03:36 PM

ඔවුන් දෙදෙනා මේක සංවිධානය කෙරෙව්වා වෙන්නම බැරිද?

:       0       59

විපරමා Sunday, 13 February 2022 06:46 PM

මේ දේශපාලුවාගේ නමත්... ඔය කියන දොස්තර කවුද කියලා කියන්න බැරි තරමට බය ඇති...

:       0       59

Sk Sunday, 13 February 2022 07:52 PM

මන්ත්‍රීතුමා බේරේවි ... අනිත් අය නඩු දාවි...!

:       0       41

මැක්ස් Sunday, 13 February 2022 08:00 PM

එවැනි බලපුලුවන් කාරයින් එතැන සිටියදීත් කුඩ්ඩන් ඇල්ලු පොලිසියට අපගේ ප්‍රණාමය..! .

:       2       66

Bunny Preena Monday, 14 February 2022 10:27 AM

ඩීල් එකක් දාගත්තද දන්නේ නැහැ... හෝටලයේ නම සඳහන් නොකරන්නට... දැන් හැම දේකටම සල්ලි... සල්ලි... සල්ලි... !

:       0       7

Lolitha Raja................................................. Monday, 14 February 2022 11:28 AM

ඔතන හිටියේ කවුද කියලා කියන්න බයද?

:       0       4

siri Monday, 14 February 2022 06:31 PM

මට මතකයි මේ රටේ නීතිය හරිහැටි ආරක්ෂා කරන්න "වැරදි කරන අයගේ පින්තුර සහ සියලු විස්තර පත්තර ඇතුළු සියලුම මාධ්‍යවල පල කරනවා" කියලා එක පාරක් ඔය නීතිය රකිනවයි කියලා කියන කෙනා ප්‍රකාශ කරලා තිබුණා. ඒ වුණාට මේ වගේ දෙයක් කරපු කෙනෙකුගේ පින්තුරේ තියා නමවත් ප්‍රසිද්ධ කරන්න බැහැනේ. සමහරවිට එහෙම කළොත් ඒවා කරන කෙනාගේ ගෙදරට "අසුචි ප්‍රහාර" එල්ලවෙන්නත් බැරි නැහැ. අපරාධ කාරයින් කියලා උසාවියෙන් ඔප්පු වුණු මිනිස්සු එක පෝලිමට "නිදොස් කොට නිදහස් කරන" රටක්නේ මේක...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 155 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 1839 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 937 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 598 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 631 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 1337 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 855 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1409 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 361 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site