ගල්ගමුවේ නිවෙසකින් මළ සිරුරු තුනක් සොයාගනී ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරු තුනක් අද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 07 August 2021
දරුවන් සම්බන්ධ අසභ්‍ය දර්ශන දැමූ තරුණයෙක් මාට්ටු ළමයින් සම්බන්ධව අසභ්‍ය හා අශිල දර්ශන 500 ක් විවිධ මාධ්‍ය ඔස්සේ ලබාගෙන අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයෙක් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 August 2021
ඩෙල්ටා රෝගීන් රටපුරා දහස් ගණනින් ? ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ රෝගීන් රට පුරා දහස් ගණනින් සිටිය හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. 07 August 2021
වසරකදී කෝටි තුනක ගිනුම් පවත්වාගෙන ගිය කතක් අල්ලයි වසරක් තුළ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ගිනුම් තුනක පවත්වාගෙන ගිය කාන්තාවක් කැළණිමුල්ල ප්‍රදේශයේ දී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 August 2021
තැනින් තැන ටික ටික වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) දිනයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 August 2021
ඇස්ට්‍රාසෙනිකා දෙක පොලිස් ක්ෂේත්‍ර මූලස්ථානයෙන් අද ඇස්ට්‍රා සොනිකා 2 වන එන්නත් මාත්‍රාව ලබා නොගත් යම් අයකු වේ නම් අද 7 දින කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන භූමිය වෙත පැමිණ ලබාගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය 07 August 2021
කොවිඩ් මරණ 98ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 98 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. 06 August 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,910ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,910 දෙනකු අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 August 2021
පානදුර රෝහල් මෘත ශරීරාගාරයේ මෘත ශරීර ගොඩ ගැසේ පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු 22 ක් ඇතුලු මළසිරුරු 45 ක් ගොඩගැසී තිබීමෙන් දැඩි දුර්ගන්ධයක් සමග සෞඛ්‍ය තර්ජනයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි . 06 August 2021
ගම්පහ ගමක 84කට කොරෝනා ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් කෙසෙල්වතුගොඩ ග්‍රාමයෙහි පුද්ගලයන් 84 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි. 06 August 2021
‘‘මරණවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි‘‘ දිනපතා සිදුවන කොරෝනා මරණවල වගකීම ආණ්ඩුව භාර ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 06 August 2021
තවත් ඖෂධ දෙකක් මෙරටදී නිපදවයි සුලභව භාවිතා කරන ඖෂධ වර්ග දෙකක් වන තයිරොක්සින් සහ ට්‍රැමඩොල් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිපදවා එළිදැක්වීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(06) දින රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේදී සිදු විය. 06 August 2021
අන්තරේ සිසුන් දෙදෙනා රිමාන්ඩ් අයුතු ජනරාශිගතව පෙළපාළියක් පවත්වා රාජ්‍ය දේපළවලට අලාභහානි කිරීම, රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට බරපතළ තුවල සිදු කිරීම, සංචරණ සීමා කඩ කරමින් සෙනඟ ප්‍රවාහනය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කඩුවෙළ අධිකරණයට ඉදිරිපත් කළ පස්දෙනාගෙන් දෙදෙනකු රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් තිදෙනකු ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙසත් කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල රත්නායක මහතා නියෝග කළේය. 06 August 2021
එන්නත නොගත් අයට තවත් පහසුකම් වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයකුට දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් පළමු එන්නත් මාත්‍රාව ලබාගැනීමට පහසුකම් සලසා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 06 August 2021
කොතලාවල විශ්වවිද්‍යාලයට මම විරුද්ධ නෑ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට තමා විරුද්ධ නැතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 August 2021
එන්නත් කාඩ් එක නැත්නම් ඌවේ කාර්යාල රැසක දොර වැසේ කොරොනා රෝගය වැළැක්වීම සඳහා ලබා දෙන ප්‍රතිශක්ති එන්නත් ලබා නෙගන්නා පිරිස්වලට ඉදිරියේදි ඌව පළාතේ රාජ්‍ය ආයතනවලට හෝ මුස්ලිම් පල්ලිවට ඇතුලූ විමට අවසර නොදෙන බව ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසාමිල් මහතා පසයි. 06 August 2021
කොච්චිකඩේ පාස්කු බෝම්බකරුගේ පියා නිදහස් පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ දී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ පුපුරවාගෙන මියගිය අලව්දීන් අහමඩ් මුවාත් නමැති මරාගෙන මැරනු බෝම්බකරුගේ පියා සියලු චෝදනා වලින් නිදහස් කිරීමට කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (06) නියෝග කළේය. 06 August 2021
දූත මණ්ඩලවලට වැය කළ කෝටි 91ක් වතුරේ විදේශ දූත මණ්ඩල පත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටිය 91 කට වැඩි මුදලක් පසුගිය සමයේදී වැය කර ඇතත් ඉන් නිසි පතිඵල ලැබී නැතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 August 2021
මධ්‍යම අධිවේගයේ දූෂණ හොයන්න කමිටුවක් මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගිය යහපාලන රජය සමයේදී සිදුවී ඇති දූෂණ වංචා සෙවීමට කමිටුවක් පත් කරන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 August 2021
ජනපති අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහ නා හිමි බැහැ දකී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජගිරිය, කලපළුවාව, තපෝවන භාවන මධ්‍යස්ථානය වෙත ඊයේ (5) පැමිණ අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක හිමියන් බැහැ දැක උන්වහන්සේට සිය සුභාශිංසන පුද කළේය. 06 August 2021
විවාහ උත්සවවලට නැවත සීමා කෝවිඩ් 19 වසංගතයේ වත්මන් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන විවාහ මංගල සහ වෙනත් එවැනි අවස්ථාවන්ට සහභාගී වන ජන සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කර ඇති බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 06 August 2021
‘‘රට වහන්නේ නෑ’’ කෝවිඩ් ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ අද (6) දහවල් පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 06 August 2021
රන්ජන් රාමනායකට කොරෝනා ආසාදනය වේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අඟණකොළපැලැස්ස කොවිඩ් මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව බන්ධනාගාර කොමසාරි (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි. 06 August 2021
මුතුරාජවෙල මැනීම් මාස 06න් ඉවර කිරීමට එකඟවෙයි මුතුරාජවෙල අභය භූමියේ 1, සහ 2 කොටස් වලට අයත් මායිම් ලකුණු කිරීම මාස හයක් තුළ සිදු කර අවසන් කිරීමට වන ජීවී අධ්යක්ෂ ජනරාල් එකගත්වය පල කර ඇතැයි නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 06 August 2021
දිස්ත්‍රික්ක 11කින් ඩෙල්ටා රෝගීන් තවත් පනස් හතර දෙනෙකු සොයාගනී දිවයිනේ දිස්ත්‍රික්ක එකොළහක නගර 26කින් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ තවත් රෝගීන් 54 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති. 06 August 2021
“උද්ඝෝෂණකරුවන් ගැහුවත් කරබාගෙන ඉන්නැයි පොලීසියට උපදෙස් දුන්නා’’ උද්ඝෝෂණයේ යෙදී සිටින ගුරුවරුන් හෝ වෙනත් කිසිවෙකු ගැහුවත් කරබාගෙන සිටින ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවැසීය. 06 August 2021
මරණ ඉහළ යයි කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම වැඩ කොරෝනා වයිරසය ආසාදිත තත්ත්වයෙන් මියයන රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බැවින් රෝහල්වල මෘත ශරීරාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා කලුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි. 06 August 2021
ජනපති ලේකම් ලෙස පෙනී සිටි වඩ්ඩා අල්ලයි ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති අධ්යක්ෂවරයා වශයෙන් පෙනී සිටිමින් , වරාය,තෙල් සංස්ථාව ඇතුලු රජයේ ප්‍රසිද්ධි ආයතනවල රැකියා ලබා දෙන බව පවසා පුද්ගයන් රැසකගෙන් මුදල් වංචා කළ වඩු කාර්මිකයකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (6) පෙරවරවේ දික්වැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 06 August 2021
මැතිසබයේ කාරක සභා හතරකට නව සාමාජිකයෝ කාරක සභා හතරකට නව සාමාජිකයන් පත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය. 06 August 2021
මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න වෙනම දින දෙකක් මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා වෙනම දින දෙකක කාලයක් වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැන්වීය. 06 August 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026