අකුරණ ගමකට දැඩි සංචරණ සීමා අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයට අයත් දිප්පිටිය ග්‍රාම නිළධාරි වසමට අද සිට දැඩි සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ කියයි. 05 August 2021
කළුබෝවිල රෝහලේත් කොවිඩ් වාට්ටු පිරෙයි කොරෝනා ආසාදිතයන් ඉහළයාම හේතුවෙන් කළුබෝවිල රෝහලේ ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. 05 August 2021
රටේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අවදානමක කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රටේ සෞඛ්‍ය පද්ධතිය සහ රෝහල් පද්ධතිය බරපතළ අවදානමකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 05 August 2021
කෝට්ටේ නගරාධිපතිට ප්‍රහාරයක් කෝට්ටේ නගරාධිපති අයි. වී. ප්‍රේමලාල් මහතා පිටකෝට්ටේ මංසන්ධියේ දී පුද්ගලයන් දෙදෙනකුගේ පහර කෑමට ලක්ව තුවාල ලබා පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 05 August 2021
“ලාෆ් ගෑස් ගැටලුවට හැකි ඉක්මණින් විසඳුම්’’ ලාෆ් ගෑස් පරිභෝගිකයන් මුහුණ දී සිටින ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් ලබාදීමට සාකච්ඡා කරමින් සිටින බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අලසන්ත අලගියවන්න මහතා අද (05) පෙරවරුවේ පැවසීය. 05 August 2021
කොවිඩ් දරුවන් දෙගුණයකින් වැඩිවෙලා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අද (5) වනවිට ඇතුළත් කරනු ලැබ සිටි කොවිඩ් වැළඳුණු ළමයින්ගේ සංඛ්‍යාව 150ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 05 August 2021
ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයනට අර්ථ සාධකය ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ සේවයේ නියුතු ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන්ට සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ දායකත්වය ලබාදීම අනිවාර්ය කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි. 05 August 2021
කළුගල් කෝරියෙන් විසිවූ කළුගල එක්දරු මවට මරු කැඳවයි පදවිය, සී - යාය ,අටේ ඇළ මාර්ගයේ යතුරුපැදියක් පදවාගෙන ගිය එක්දරු මවකගේ හිස මතට කළුගල් කොරියක ගල් වෙඩිල්ලක් පුපුරුවා හැරීමේදී විසිවූ කළුගලක් හිසේ වැදීමෙන් එම කාන්තාව මරණයට පත්වී ඇතැයි පදවිය පොලිසිය පවසයි. 05 August 2021
අත්අඩංගුවට ගත් ගුරුවරුන් බලන්න ගිය සජිත්ටත් පොලිසියෙන් බාධා ගුරු විදුහල්පති විරෝධතාවයට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රදවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පෙරවරුවේ එම පරිශ්‍රයට පැමිණි අතර එහිදී වරාය පොලිසිය විසින් ඊට බාදා පමුණුවනු ලැබීය. 05 August 2021
ආණ්ඩුව ගෙදර යවන්න 69 ලක්ෂයම පාරට බැහැලා ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය දුන් 69 ලක්ෂයෙන් බහුතරයක් අද ආණ්ඩුව ගෙදර යවන්න පාරට බැස සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 05 August 2021
ක්‍රීඩා සංගම් නියාමනයට පනතක් ජනවාරියේ මැතිසබයට ක්‍රීඩා සංගම් නියාමනය සඳහා පනත් කෙටුම්පතක් ලබන ජනවාරි මාසයේදී ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය. 05 August 2021
තැන තැන අදත් ගුරු විරෝධතා ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳන ලෙසත් කොතලාවල පනත වහා හකුලාගන්නා ලෙසත් රජයට බලකරමින් තෙල්දෙණිය නගරයේ දී අත ගුරු විරෝධතාවක් පැවැත්විණි. 05 August 2021
තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නව සභාපති ලෙස ඕෂධ සේනානායක මහතා රජය විසින් පත් කරනු ලැබ ඇත ඇත. 05 August 2021
කොරෝනා පාලනයට ගිය මුදල කබ්රාල් මැතිසබයට දන්වයි කොවිඩ් පාලනයට රජය මේ දක්වා රුපියල් කෝටි දෙලක්ෂ පන් දහසක් වැය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (5)පැවසීය. 05 August 2021
තහනම් දෑ බන්ධනාගාරයට ගෙන යන්න හැදු නියාමක ඒස්.ටී.එෆ් දැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයට ඇතුළු වන ස්ථානයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමේදී පැළඳ සිටි මේස් තුළ සඟවාගෙන ජංගම දුරකථන බැටරි සහ දුම්කොළ රැගෙන යාමට උත්සාහ දැරූ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 05 August 2021
ලංකාවට අහිමි වූ ලෝක විවාහක රූ රැජින තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජන තරගාවලිය, ඇමරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්වීමට එම තරගාවලියේ සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත. 05 August 2021
‘රෝහල්වලට වඩා පස් ගුණයක් කොවිඩ් රෝගීන් සමාජයේ සිටිය හැකියි’ රෝහල්ගතව සිටින කොවිඩ් රෝගීන් මෙන් පස් ගුණයක් එම රෝගීන් සමාජයේ සිටිය හැකියැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය. 05 August 2021
පාපන්දුවේ මගඩි රැසක් හෙළිවේ අවසන් වරට පැවැත්වූ පාපන්දු නිලවරණය සංවිධාන කිරීම සඳහා නිලවරණ කමිටු සභාපතිට රුපියල් රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව ) විශේෂ අවධානය යොමුවී ඇත. 05 August 2021
ගම්පහ ආසාදිතයින් 70,817 දක්වා ඉහළ යයි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව අද (5) උදෑසන වනවිට 70,817 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1294 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 05 August 2021
අද දවසේ කාලගුණය සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (5) දිනයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 August 2021
වේයන්ගොඩින් නව කාර්යල දුම්රියක් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා නව දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද පියවර ගත්තේය. එය සෑම දිනකට පෙරවරු 7.00 ට වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කරයි. 05 August 2021
නිරෝධායනය කැඩූ 123ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 123 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 05 August 2021
පොල් පැටවූ බස් 11ක් අල්ලයි සෞඛ්‍ය මාර්ග උපදේශන චක්‍රලේඛවලට පටහැනිව බස් රථවල මගීන් රැගෙන ගිය බස්රථ එකොළහක් සමඟ රියදුරන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 05 August 2021
ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදි අත්අඩංගුවට ගත් 44ට කොරෝනා නෑ ගුරු ,විදුහල්පති උද්ඝෝෂණය අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් 44 දෙනා කොවිඩ් ආසාදිතයන් නොවන බවට හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 05 August 2021
හොර සල්ලි සමග කතක් සැකපිට රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 17 ළඟ තබාගෙන සිටි 41 හැවිරිදි දි කාන්තාවක් මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ දී විශේෂ අත්අඩංගුවට ගත් බව විශේෂ බලකාය කියයි. 05 August 2021
මෙහෙකාර දැරියගේ ගින්න ගැන නිවසේ ආරක්ෂක කැමරාවල නෑ හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ තිබු සී සී ටී කැමරා 16 ක් පරීක්ෂා කළ ද ඉෂාලිනි දැරිය ගිනි තබාගත් බව කියන දර්ශන හා ගින්න නිවු බව කියන දර්ශන එහි කිසිදු සී. සී ටී. වී. කැමරාවක සටහන් වී නොතිඹුණ බව පොලිසිය කියයි. 05 August 2021
කොරෝනා මරණ 82ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 82දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. 04 August 2021
අද ආසාදිතයන් 2,543 ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 823 දෙනකු අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 04 August 2021
කොතලාවල පනතට කොළඹ වෛද්‍යපීඨ සිසුන්ගේ විරෝධය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය පා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹදී අද (04) පැවැත්විණි. 04 August 2021
සයිනොෆාම් පළමු මාත්‍රාව හෙට කොළඹ ස්ථාන පහකදී මෙතෙක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන පහකදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව හෙට (05) දිනයේ ලබාගත හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 04 August 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026