එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචරණ තහනම ලිහිල් කරයි ශ්‍රී ලංකාව ඇතුඵ රටවල් රැසකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පනවා තිබූ සංචරණ තහනම ලිහිල් කරමින් එම අදාල රටවල්වල සුදුසුකම් ලත් මගීන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුල්වීමට සහ ඒ හරහා යෑමට අවසර ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 August 2021
ජනපති මැති සබයට එයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට අද(04) පෙරවරුවේ පැමිණියේය. 04 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1295ක් ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 1295 දෙනෙකු අද (4) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති බවත් මින් 147 ක් වන වැඩිම සංඛ්‍යාව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 04 August 2021
කතානායකවරයාගෙන් රෝහිණීට දැඩි අවවාදයක් සමගි ජන බලවේගයේ රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය කරුණු නොසොයා කළ ප්‍රකාශයකින් මූලාසනයට අගෞරවයක් වී ඇති බවත් මූලාසනය සහ සියලු මන්ත්‍රිවරුන්ගේ ගෞරවය ආරක්ෂා වෙන අයුරින් ඉදිරියේදී කටයුතු කරන ලෙස එම මන්ත්‍රීවරියගෙන් ඉල්ලා සිටින බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවැසීය. 04 August 2021
කොරෝනා ඇඳන් 33,000කින් 30,000ක් පිරි යයි කෝවිඩ් ආසාදිත රෝගීන් සඳහා වෙන්කර ඇති ඇඳන් 33,000 න්,30,000 ක් පමණ ඊයේ (03) වනවිට රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය. 04 August 2021
‘‘දිල්රුක්ෂි ඩයස් යළි සේවයේ පිහිටුවන්නැයි දුන් නියෝගයට පියවරක් ගන්න‘‘ වැඩ තහනමට ලක්වූ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම යාමේ දිනයට පෙර යළිත් සේවයේ පිහිටුවන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චය සභාවෙන් දෙන ලද නියෝගය පිළිබඳව පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 04 August 2021
’’සෙනඟ පිරුණු බස්වලින් කොවිඩ් බෝවීම ස්ථිරයි’’ සෙනඟ පිරුණු බස් රථවලින් කොවිඩ් රෝගය බෝවීම ස්ථිරයෙන්ම සිදුවන්නේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය. 04 August 2021
රත්නපුර රෝහලේ හදිසි නොවන සියලූ සේවා කල්දමයි රත්නපුර ශික්ෂණ මහ රෝහලේ ඊයේ (03) සිට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනෝජ් රෝඞ්රිගෝ මහතා අද( 04) පැවසුවේය. 04 August 2021
ඩෙංගු කීටයන් හඳුනාගන්න පොලිස් නිල සුනඛයින් පොලිස් නිල සුනඛයින් යොදවා ඩෙංගු කීටයන් ඇති ස්ථාන හඳුනා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 04 August 2021
‘යහපාලනය ගුරු වැටුප් ප්‍රශ්න විසඳන්න කැබිනට් අනුමැතියත් දුන්නා’’ යහපාලන රජය සමයේ ගුරු වැටුප් විෂමතාව ඉවත් කරන්නට කැබිනට් අනුමැතිය ද ගෙන ඉතිරිවී තිබුණේ ගෙවීම් කටයුතු කරන්නට පමණක් යැයි ද යහපාලනය එලෙස කටයුතු කළේ රුපියල් 10,000කින් වැටුප වැඩි කර තිබූ පසුබිමක යැයි ද හිටපු අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය . 04 August 2021
නිරෝධායන නීති කැඩු 113 ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 113 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 04 August 2021
’එක්ස්ප්‍රස් පර්ල්’ තිබෙන ස්ථානයෙන් ඉවත් කිරීමට යයි කොළඹ වරාය ආසනන්යේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව දැන් තිබෙන ස්ථානයෙන් ඉවත් කිරීමට සැළසුම් කරමින් සිටින බව එම නෞකාව හිමි සිංගප්පූරු සමාගම ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ. 04 August 2021
මහජන සෞඛ්‍ය පරික්ෂකට කෙළ ගැසූ අයකු අල්ලයි ගිරිඋල්ල කොස්කොළදෙනිය ප්‍රදේශයේ කොවිඩ් රෝගී කාන්තාවක සොයා ඇගේ නිවසට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට කෙළ ගැසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පියා අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි. 04 August 2021
පළාත් කිපයකට අද වැසි වාර කිපයක් සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 August 2021
පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේදි රාජ්‍ය දේපළට හානි කළ දෙකක් සැකපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තුව පිවිසුම ආසන්නයේ දී සංවිධානය කළ විරෝධතාවයේදී රාජ්‍ය දේපළට හානි කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම්වරයා සහ නිදහස අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සාමාජිකාවක ඊයෙ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 04 August 2021
ආසන ගණනට වඩා මගීන් පටවන බස්වලට වැඩ වරදි ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන යන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද සිට අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. 04 August 2021
ක්‍රිකට් ආයතනයේ තව තුනකට කොරෝනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් සේවකයන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උසස් නිලධාරියෙක් පැවැසීය. 04 August 2021
මහරගම ඕඅයිසීට පැය තුන ශල්‍ය කර්මයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ දී පැවැත්වූ උද්ඝෝෂණය අතරතුරදී ඇතිවූ සිද්ධියකදී බරපතළ තුවාල ලැබූ මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්ත මහතාට පැය තුනක ශල්‍යකර්මයට ලක් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි. 03 August 2021
කෘෂිකර්ම ඇමති මහින්දානන්දටත් කොරෝනා ආසාදනයවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. 03 August 2021
විපක්ෂ නායක කොවීඩ් එන්නත ලබාගනී සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) කොවීඩ් එන්නත ලබාගැනීමට කටයුතු කලේය. 03 August 2021
‘‘මේ මොහොතේ සියලු රාජ්‍ය සේවකයන් කැඳවීම අවදානමක්‘‘ රටේ සියලු පුරවැසියන් එන්නත්කරණය කොට රාජ්‍ය ආයතන නිසි සෞඛ්‍ය මාර්ගොපදේශ අනුව සකස් කරන තෙක් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවකයින් සැලසුම් සහගත ක්‍රමවේදයකට අනුව සේවයට කැදවන ලෙස ආණ්ඩුවට බලකර සිටින බව සමගි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මුජිබර් රහුමාන් මහතා පවසයි. 03 August 2021
අද කොවිඩ් ආසාදිතයන් 2,423ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 1,017 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 03 August 2021
කොවිඩ් මරණ 74ක් කොවිඩ් ආසාදිතවූ තවත් 74දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය. 03 August 2021
යුද හමුදාව විහාර මහාදේවි මෙහෙයුමේ අවසන් අදියරේ කොවිඩ් මර්දන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව ලබාගැනීමට නොහැකිව සිටි පිරිස් වෙත දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ආරම්භ කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානය දින දෙකකට පසු අද (3) දිනයේ පාලුවට ගොස් තිබිණි. 03 August 2021
ගුරුවරු - විදුහල්පතිවරු රථ පෙළපාළියකින් හෙට කොළඹ එති ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ප්‍රදේශ හතරකින් කොළඹට රථ පෙළපාලියකින් පැමිණෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියයි. 03 August 2021
ඡන්දෙට ලියාපදිංචියත් ඔන් ලයින් හරහා මාර්ග ගත ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 03 August 2021
පොහොර තහනම ලිහිල් වෙයි යූරියා ඇතුළු රසායනික පොහොර වර්ග කීපයක් එළඹෙන මහා කන්නයේ වගා කටයුතු සඳහා ආනයනයට යළි අවසර දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් අද නිකුත් කරනු ලැබීය. 03 August 2021
‘‘සංචරණ සීමා ඉවත් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්‘‘ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රටපුරා තදින් පැතිර යමින් තිබියදී රජය සංචරණ සීමා ඉවත්කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමකැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරයි. 03 August 2021
3000ක අල්ලසක් ගත් මරණ පරීක්ෂක අල්ලස් දැලේ බේරුවල හදිසි මරණ පරීක්ෂකවරයා රුපියල් 3000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් සහ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් දර්ගා නගරයේ ,අඹගහ හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 03 August 2021
කොරෝනා ආසාදිතයන් 1406ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,406 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 03 August 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026