කොතලාවල පනත ගැන ශ්‍රීලනිප මතය ජනපති අතට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතෙහි එන විශ්ව විද්‍යාල පාලක සභාවල බහුතරය සිවිල් සාමාජිකයන් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. 03 August 2021
ඇමැති ගම්මන්පිලත් ස්වයං නිරෝධායනයට බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් කිහිපදෙනකුට කොරෝනා වයිරසය ආසාදනයවීම නිසා ලබන සිකුරාදා (6) තෙක් එම අමාත්‍යාංශය වසා තබන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 03 August 2021
‘‘ලක්සල‘‘ හිටපු සභාපති ඇතුළු සිවු දෙනා නිදහස් ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය නොකරමින් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවකින් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) හිටපු සභාපතිවරයා ඇතුළු සිවු දෙනකු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී.රාගල මහතා අද (03) නියෝග කළේය. 03 August 2021
ජනපති යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක අද (03) පෙරවරුවේ නිරත විය. 03 August 2021
පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේදී මහරගම ඕ.යි.සීටත් තුවාලයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ අද (3) පෙරවරුවේ පැවැත්වූ උද්ඝෝෂණයේදී ඇතිවූ සිද්ධියකින් මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්,එච් ජනකාන්ත මහතා තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි. 03 August 2021
නැවේ ගින්නේ වගකිව යුත්තන්ට එරෙහි පෙත්සම සළකා බලන්න දිනයක් එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ විනාශයට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝගය කරන්නැයි ඉල්ලා පරිසර විද්‍යාඥවරියකු හා සමාජ ක්‍රියාකාරියකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් 25 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියම කළේය. 03 August 2021
භාවිතා කළ වචනය ගැන පසුතැවීමක් නෑ දෙවිවරුන් ලෙස සලකා ගරු කරන ගුරුවරුන් තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් යොදාගන්නා කිහිපදෙනෙක් වෙනුවෙන් භාවිතා කළ වචනය ගැන තමා තුළ පසුතැවීමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 03 August 2021
ඊ ටී අයි අධ්‍යක්ෂක මණඩලයේ සිව් දෙනාට ඇප තැන්පතුකරුවන්ගෙන් ලබාගත් රුපියල් බිලියන 4 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින ඊටීඅයි සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද(03) නියම කළේය. 03 August 2021
වටරැක අනතුරින් තුනක් මරුට මීගොඩ වැටරැක දුම්රිය ස්ථානය ආසන්නයේදී ලොරි රථයක් හා ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් මාස හතරක් වයසැති දරුවකු ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 03 August 2021
කොතලාවල පනතට සංශෝධන ගේන්න ජනපති සූදානම් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතෙහි කළ යුතු සංශෝධන ඇත්නම් ඒ සියලු සංශෝධන ගෙනඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (3) පැවසීය. 03 August 2021
’’ආණ්ඩුවේ එන්නත් වැඩපිළිවෙළ පංකාදුයි’’ රජය එන්නත්කරණ වැඩසටහන සාර්ථකව කරගෙන යෑම ගැන තමා සතුටු වන බව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී චාණක්‍ය රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද (3)පැවැසීය. 03 August 2021
අන්තරේ සිසුහු මාර්ග බාධකය විසි කරති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයේදි සිසුහු මාර්ග බාධක ඉවත් කරමින් පාර්ලිමේන්තුව දෙසට ඇතුල්වීමට උත්සාහ කිරිම නිසා දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. 03 August 2021
ජනපති කොමිසම රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනකට දුන් නිර්දේශයට අතරු නියෝගයක් දේශපාලන පළිගැනීම පිළිබඳ ජනාධිපති කොමිසමේ අවසන් නිර්දේශ මඟින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර සම්බන්ධයෙන් කර ඇති සදහන් හා නිර්දේශ අනුව ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද ( 03) අතුරු නියෝගයක් නිකුත් කළේය. 03 August 2021
දකුණු පළාතෙන් පැය 24ට ආසාදිතයන් 609 දකුණු පළාතෙන්, අද උදෑසන 09න් අවසන් වූ පැය විසි හතර තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 609ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 03 August 2021
ජනපති හමුදාව කැඳවයි දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදාවන්හි සියලුම සාමාජිකයන් කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. 03 August 2021
ඊ.පී.එෆ් අරමුදලින් බදු අය කර ගන්නේ නෑ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථසාධක අරමුදලේ මුදල්වලින් බදු අය කර ගැනීමට කිසිදු තීරණයක් රජය ගෙන නැතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය. මුදල් රාජ්‍ය ඇමතිවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 03 August 2021
අන්තරේ පා ගමන පාර්ලිමේන්තුව දෙසට ගමන් කරයි කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධාතා පාගමන රාජගිරිය ආයුර්වේදය ඉදිරිපිටිය් ආරම්භ වී මේ වන විට පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිටි. 03 August 2021
කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට කොරෝනා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් එහි රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් හය දෙනකු නිරෝධායනය සදහා යොමු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 03 August 2021
නිල්ගල රක්ෂිතයේ ගින්නක් බිබිල නිල්ගල වන රක්ෂිතයේ බුළුපිටිය ප්‍රදේශයේ වනය අද ( 03 ) දවල් පැය තුනක් තිස්සේ ගිනිගැනිම නිසා වනයේ අක්කර සියයක පමණ භුමියේ ගස් වැල් ගින්නෙන් දැවීගොස් තිබේ. 03 August 2021
ඇප දෙන්න විරුද්ධ නොවෙන්න අල්ලස් ගත් පී.සී දැලේ බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියකට අදාල සැකකරුවකුට අධිකරණයේ දී ඇප සම්බන්ධයෙන් විරුද්ධ නොවී සිටීමට අල්ලස් වශයෙන් රුපියල් විසිපන්දාහක මුදලක් ඉල්ලා ලබාගත් බව කියන සාලියවැව පොලිසියේ අධිකරණ අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ වැසිකිළියක් තුළදී අද (03) අත්අඩංගුවට ගනු ලැබ තිබේ . 03 August 2021
පාසල් අරින්නේ ගුරුවරුන්ට දෙවැනි එන්නත් මාත්‍රාව දුන් පසුයි සියලුම ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව දුන් වහාම පාසල් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය. 03 August 2021
අධ්‍යාපනය සඳහා වෙන්වූ ගුවන් විදුලි නාලිකාවක් අධ්‍යාපනය සඳහාම වෙන් වූ විශේෂ ගුවන් විදුලි නාලිකාවක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 03 August 2021
‘‘මේ ආණ්ඩුව නඩුවලින් නිදහස් වීම හැර දෙයක් කළේ නෑ‘‘ ජාතිවාදය වපුරමින්, පාස්කු ප්‍රහාරය, බැදුම්කර මගඩිය තුළින් බලයට පත් වූ ආණ්ඩුව තම තමන්ගේ නඩු වලින් නිදොස් කොට නිදහස් වීම හැර රටට සිදු කර ඇති දෙයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය. 03 August 2021
රටින් රෙදි ගෙන්වීමට පසුගිය කාලයේ කෝටි එක්ලක්ෂ හැටතුන් දහසක් වැය කරලා ශ්‍රී ලංකාවට රෙදිපිළි සහ ඇදුම් ආනයනය කිරීම සඳහා 2015සිට 2019වර්ෂය දක්වා රුපියල් කෝටි එක් ලක්ෂ හැටතුන් දහසක් වැය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවැසීය. 03 August 2021
වන සත්ව පහරදීම්වලදී ගෙවන වන්දි මුදල් ඉහළට වන අලි ඇතුළු ආරක්ෂිත වන සතුන්ගේ පහරදීම් හේතුවෙන් සිදුවන ජීවිත හානිවලදී සහ පූර්ණ ආබාධිතවීමක දී මෙතෙක් ගෙවූ රුපියල් ලක්ෂ 5ක වන්දි මුදල රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 03 August 2021
රටවිරුවන්ට වාහන ගෙන්වීමට සහන විදේශයන්හි රැකියාවල යෙදී සිටින ශ්‍රී ලාංකිකයන්ට(රට විරුවන්ට) තමන්ට අවශ්‍ය වාහනයක් ඒ අය උපයන ඩොලර්වලින් බදු මුදල් ගෙවා මෙරටට එවීම සඳහා වසරක සහන කාලයක් දීමට සලකා බලන බව මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය. 03 August 2021
රට රටවල කොරෝනා අගෝස්තු 1 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 03 August 2021
ඉන්දියානු සාගරයේ භූ කම්පනයෙන් ලංකාවට අවදානමක් නෑ ඉන්දියානු සාගරයේ අන්දමන් දූපත් ආශ්රිත ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුවූ භු කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 August 2021
‘‘මගේ නංගී ඉංග්‍රිසි ලියන්න දන්නේ නෑ‘‘ සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් නැමති තම සහෝදරිය අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු බවත්,තමන් දන්නා තරමින් ඇයට ඉංග්‍රිසි භාෂාව ලිවිමට හැකියාවක් නොමැති බව මිය ගිය ඉෂාලිනිගේ සහෝදරයා වන තිරුප්රසාද් පවසයි. 03 August 2021
මුදල් පනතට එරෙහි පෙත්සම් හතක් කතානායකට ආන්දෝලනයට තුඩු දී ඇති මුදල් පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්වී ඇති පෙත්සම් හතක පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදෙනු ලැබ ඇත. 03 August 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026