IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මොරොක්කෝවේ රයන් ලොවක් හඬවා සමු ගනියි

මොරොක්කෝවේ උතුරු පළාතේ දුෂ්කර ගම්මානයක පිහිටි   මීටර් 32 ක් ගැඹුරු නළ ළිඳකට වැටුණු පස් හැවිරිදි රයන් දරුවා වළට වැටී පැය 100කට පසු මීට සුළු මොහොතකට පෙර ගොඩගත් අතර ඔහුගේ ජීවිතය බේරාගැනීමට සහන කණ්ඩායම්වලට නොහැකි විය.

ලංකාවේ වේලාවෙන් පෙරවරු 2.10 ට පමණ සහන කණ්ඩායම් අඳුරු ගුහාවක  සිර වී සිටි රයන් එළියට රැගෙන ආවත් කාලය ඔවුන්ට හරස් වී තිබුණි. දින 5ක් නැතිනම් පැය 100 කට අධික කාලයක් දිවා රෑ මහන්සි වූවත් කාලය සමග පැවැති සටනින් ඔවුන් පරාජය විය.සහන කණ්ඩායම් රැගෙන ආවේ රයන්ගේ නිසල වූ සිරුර බව බලධාරීහු ප්‍රකාශ කළහ.

ඉකුත් අඟහරුවාදා නළ ළිඳක වළකට වැටුණු රයන් බේරාගැනීම සදහා ආරක්ෂක කණ්ඩායම් සහ සහන කණ්ඩායම් කාලය සමග සටනක් ආරම්භ කරන ලදි.

අඟහහරුවදා දින සිට කාලය සමග සටන් කළ මුදවා ගැනීමේ නිලධාරීන් හට ළිඳට වැටුණු රයන් බේරාගැනීම ඉතාමත් අපහසු කාර්යයක් විය.

එම සහන කණ්ඩායම් නළ ළිඳට සමාන්තරව ඒ ළිඳ අසලින් උමගක් හැරීම ආරම්භ කළහ.එය  මීටර් 32 ගැඹුරු විය. අනතුරුව රයන්ට ළඟා වීම සඳහා තිරස්  අතට උමග හෑරූහ.

බේරාගත් මොහොතේම රෝහල වෙත රැගෙන යාම සදහා ගිලන් රථයක්ද, මූලික ප්‍රථමාධාර දීම සඳහා වෛද්‍යවරුද, එම ස්ථානයේ  සුදානම්ව  රැඳී සිටියහ.පැමිණි ගිලන් රථයේ රයන්ගේ දෙමව්පියෝද එම ස්ථානයට පැමිණියහ.

පැය 100 කට ආසන්න කාලයක් ළිඳේ සිරවී සිටි රයන් වෙත  ආරක්ෂක කණ්ඩායම් සහ සහන කණ්ඩායම් විවිධ බාධක මැද මහත් වෙහෙසක් දරා ළඟා වූහ. නමුත් ඒ වන විටත්
රයන් ගැන තිබූ සියලු බලාපොරොත්තු සුන් කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් හඬවමින් රයන් ජීවන ගමනින් නික්ම ගොස් අවසන්ය.

(විමුක්ති එස් රුද්‍රිගු - පෙනින්සියුලාකටාර් නිව්ස් )

 

https://www.youtube.com/watch?v=lPvxAbDY1no

 

https://www.youtube.com/watch?v=OanEltKrn9I

 



අදහස් (14)

මොරොක්කෝවේ රයන් ලොවක් හඬවා සමු ගනියි

Piumal Sunday, 06 February 2022 07:13 AM

නිවන් සුව ලැබේවා...!!! කිසිදාක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා!!! තෙරුවන් සරණයි...!!!

:       0       51

sujeewa Sunday, 06 February 2022 07:22 AM

නිවන් සුව පැටියෝ...!

:       0       39

[email protected] Sunday, 06 February 2022 07:53 AM

නිවන් සුව අත්වේවා...!

:       0       23

සමිත හිමි කුරුණෑගල Sunday, 06 February 2022 08:39 AM

ඒ පුතාට නැවත සසරේදී එවන් දෙයක් නොවේවා...!

:       1       28

mohomed agarapatana Sunday, 06 February 2022 09:03 AM

ඔබට ස්වර්ගය හිමිවේවා... පුතේ ආමේන්..!

:       1       9

amila Sunday, 06 February 2022 11:09 AM

කණගාටුයි දරුවන් ගැන.. 2022 වෙලත් වලකට වැටුණු කෙනෙක් බේරගන්න තාක්ෂණය නැහැ. මේවාට තමයි රොබෝලා හදන්න ඕනෑ..

:       13       7

RobotSunday, 06 February 2022 12:50 PM

ඔබට එම අදහස ආවානම් උත්සාහ කරලා හදන්න. වෙනත් කෙනෙක් හදනකම් බලන් ඉන්නේ නැතිව.. ඔබට මගේ ප්‍රතිචාරයට පිළිතුරක් තිබේ නම් කැමැතියි දැනගන්න.

:       4       12

vikum Sunday, 06 February 2022 11:47 AM

මනුෂ්‍යත්වය වෙනුවෙන් ක්‍රියා කළ හැමෝටම පින්, රයන් අපට දෙන පණිවුඩය නම් ආගම්වාදයත්, වර්ගවාදයත් පසෙකලා මානවත්වය වෙනුවෙන් මිනිසා පෙළගැසිය යුතු බවයි... රයන් ඔබට සුබ නින්දක්... !

:       0       39

ජගත් ලියනගේ Sunday, 06 February 2022 11:53 AM

හරිම කණගාටුයි... ඊයේ ලොව රූපවාහිනී නාලිකාවල මූලික ප්‍රවෘත්තිය වුනේ ඕක... ඒකෙ පෙන්නුවා රයන් හොඳට ඉන්නවා උමඟ තුළ. එයාට කෑමබීම, ඔක්සිජන් සැපයීම කළා නළ මාර්ගයෙන්... කැමරා එකක් පවා යවලා දරුවා නිරීක්ෂණය කළා. ඒත් කාලය හරස් වුණානේ...

:       0       13

Rexi Sunday, 06 February 2022 02:45 PM

රයන් ඔබ ගියේ මේ නරක ලෝකෙන්, ඔබේ ආගම අනුව ඔබේ දෙවියෝ ඔබව ඔහු වෙත කැඳවාගෙන ඔබව පාපයෙන් බේරාගන්න... ඔබ වාසනාවන්තයි දරුවා... ඔබව දෙවියෝ රැකබලාගනීවි...

:       25       7

beau Sunday, 06 February 2022 04:17 PM

අනේ ලස්සන දරුවා... ඔබට නිවන් සුව ලැබේවා පුතේ..!

:       0       20

Raveendra Sunday, 06 February 2022 05:09 PM

පුතේ ඔබට නිවන් සුව අත්වේවා..!!

:       0       21

Ashley Sunday, 06 February 2022 06:46 PM

මේ ජීවිත කොට වුණාට ඔබගේ සැබෑ ජීවිත අපි ළඟයි. දෙවි පිහිටයි පුතා...

:       2       0

Lasantha Sunday, 06 February 2022 07:49 PM

මීටර් 32ක් කියන්නේ අඩි 105ක් විතර. ඒ කියන්නේ තට්‍ටු 10ක බිල්ඩිමක උස. දැඩි සීරීම් තුවාල එක්ක... උස්ම ගන්න බැරුව, කන්න බොන්න නැතුව, අම්මා, තාත්තා දකින්න නැතුව ඒ දරුවා දවස් තුනක් බයෙන්, වේදනාවෙන් කොච්චර දුක් විඳින්න ඇත්ද? මනුෂ්‍ය ගුණවලින් මහා පොහොසත් මිනිස්සු ඒ දරුවාව බේරගන්න අප්‍රමාණ දුක් වින්දත් කර්මයේ කුරීරු බව ඉස්මතු වූ හැටි දකින්න. අපත් සසරේ මෙවන් දුක්වලට මොනතරම් මුහුණ දෙන්න ඇද්ද? සසර ගැන බිය උපදවා ගන්න බුද්ධිමත් මනුස්සයෙක්ට මේකත් ප්‍රමාණවත්... ඒ දරුවා නිවනින් නිවේවා..!! අප සැමටත් හැකි ඉක්මණින් නිවනින් නිවීමට හැකිවේවා!

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site