IMG-LOGO

රජයේ දේපළ බූදලයක් කරගත් මැති ඇමැති ඥාතීන් ගැන සොයන්න බුද්ධිමෙහෙයුම්

(සුජිත් හේවාජුලිගේ )

මැති ඇමැතිවරුන්ගේ පුතුන් හෝ ළඟම ඥාතීන්  වාහන ඇතුළු රජයේ දේපළ අයථා අන්දමින් පාවිච්චි කරමින් පහරදීම් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවල යෙදුණු බවට තහවුරු වුවහොත්  අදාල අමාත්‍යවරයාගේ ඇමැතිධූරය  ඒ මොහොතේම ඉවත් කිරීමට   රජය තීරණයක් ගෙන ඇත.


මැති ඇමැතිවරුන්ගේ පුතුන් හෝ ඥාතීන් වාහන හෝ රජයේ වෙනත් දේපළ අයථා අන්දමින් පාවිච්චි කරමින්  විවිධ නීති විරෝධී කටයුතුවල යෙදීමේ සිද්ධීන්  34ක් පසුගිය වසර දෙකේදී වාර්තාවී ඇතැයි  පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ  වාහන හෝ වෙනත් දේපළ  අයථා අන්දමින් පාවිච්චි කරන මැති ඇමැතිවරුන්ගේ පුතුන්, බිරින්දෑවරුන් හෝ පවුල්වල ඥාතීන් පිළිබඳව වහාම තොරතුරු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ බුද්ධි අංශවලට දැනටමත්  දැනුම්දී ඇතැයි  රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

බුද්ධි අංශ  රජයේ වාහන හෝ වෙනත් දේපළ අයථා අන්දමින් පාවිච්චි කරන මැති ඇමැතිවරුන්ගේ  ඥාතීන් 16 දෙනකු පිළිබඳව   රජයට දැනටමත්  කරුණු වාර්තා කර ඇතැයි දැනගන්නට ඇත.

රජයේ වාහන හෝ වෙනත් දේපළ  ඒ ආකාරයට පාවිච්චි කරන බව තහවුරු වුවහොත් අදාල මැතිඇමැතිවරුන්ට මුලින්ම ඒ පිළිබඳව දැනුම්දීමට  පියවර ගන්නා බව රජයේ ප්‍රකාශකයෙක්
ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මෙවැනි අක්‍රමිකතා සිදු වන්නේ නම්  වහාම ඒ පිළිබඳව  දැනුම් දෙන ලෙස මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ටද  දැනුම්දී ඇත .

සිය පුත්‍රයා ඇතුළු කණ්ඩායමක් රජයේ වාහන දෙකක් රැගෙන ගොස්  රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට බාර දෙන ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන  රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා එම අමාත්‍යධූරයෙන් පසුගියදා ඉල්ලා අස්විය. මේ ඉල්ලා අස්වීම සිදුවූයේ  ජනාධිපතිවරයා ඔහු කැඳවා  එම සිද්ධිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.



 

 



අදහස් (12)

රජයේ දේපළ බූදලයක් කරගත් මැති ඇමැති ඥාතීන් ගැන සොයන්න බුද්ධිමෙහෙයුම්

Harith Saturday, 12 February 2022 11:07 AM

බුද්ධි අංශයක් දාන්න දෙයක් නෑ. ඕන කෙනෙක් දන්නවා...!

:       26       20

පැරකුම් Saturday, 12 February 2022 11:36 AM

කවුරුත් කළබල වෙන්න එපා. මේවා නිකං පුහු සංදර්ශණ පමණයි.

:       35       20

MO77 Saturday, 12 February 2022 11:42 AM

ඔය මහ පුටුවේ පවුල් පරම්පරාවේ දේවල් පළමුව එව්වා නම් හොඳ නැද්ද? ඔයා අයථා ගනුදෙණු, වංචා, දූෂණ කොමිස් ගැන. මේක හරියට අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද ගැන හොයනවා.. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ ගැන කතා නැතුව...

:       44       18

යෝගා Saturday, 12 February 2022 01:03 PM

රැල්ලට කෑගහන්නේ නැතුව ඔයා දන්න දෙයක් තියෙනවා නම් සාක්ෂි සහිතව විපක්ෂයට බාර දෙන්නකෝ...!

:       28       62

sachith Saturday, 12 February 2022 12:24 PM

අර ඉස්සර සිංදුවක් මතක් වුණා. ‘‘මේවා දැකලා පණ යන තරමට මටම හිනා... හා හා ..‘‘

:       33       17

Dharmatileke Saturday, 12 February 2022 12:51 PM

නිදහසින් පස්සේ අහපු හොඳම ආරංචිය... හැබැයි මේක වෙයිද? ‘‘දෙයියෝ දනී...‘‘

:       3       37

C.K.Lankaputhra. Saturday, 12 February 2022 01:00 PM

අනේ මේ... මගේ කට....!

:       17       15

ravin Saturday, 12 February 2022 01:43 PM

එක නොට්ටිගෙ පුතෙකුට වැරදුණේ දෙබරුන්ට ගල් ගැහුව නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ... අනික තමා ලොක්කාට ගණන නොයැව්ව එක... රාජ්‍ය දේපළ අවභාවිතාව හරියටම හෙව්වොත් 225ම ගෙදර...!

:       21       9

Ruhunu Saturday, 12 February 2022 01:56 PM

ජනාධිපති, අගමැති බූදලයක් කරගත්තාට කමක් නැද්ද?

:       18       9

sam Saturday, 12 February 2022 03:23 PM

රජයේ දේපළ තමන්ගේ බූදලයක් කරගෙන රටම ගසාකන්නේ මේ සෙට් එක බෙල්ලවටේ දාගත් රාජපක්ෂ හොරනඩේ සහ ඔවුන්ගේ හෙංචයියලානේ... නුඹලාට හෙණම ගහනවා.. කාලකණ්ණි...

:       28       8

wije Saturday, 12 February 2022 03:49 PM

මේවා නිදොස් කොට නිදහස්...!

:       18       8

Indunil Saturday, 12 February 2022 04:16 PM

අපරාදෙ ඔව්වාට යන සල්ලි...!

:       16       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site