විමුක්ති එස් රුද්‍රිගු
කටාන ආඬිමුල්ලේ 10 හැවිරිදි මලීෂ දුලක්ෂණගේ මරණයට හේතුව කොරෝනා ආසාදනය වීම බවට තහවුරු වි ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
සෙම් රෝගයක් වැළඳුණු මෙම දරුවාගේ මාපියන් වෙන්නප්පුව ප්‍රදේශයේ පිරිිසක් හා එක්ව නිසි ප්‍රතිකාර නොකොට ආගමික කටයුතුවල යෙදෙමින් දරුවාගේ රෝගය සදහා යාඥා කිරීම් පමණක් කිරීම නිසා දරුවා මියගොස් ඇත.
මියගිය පසුවත් යාඥා කර ඇති අතර මිය යන විට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබී ඇතැයි පොලිසිය විසින් තහවුරු කර ගන්නා ලදි .
එම දරුවාගේ මරණ පරීක්ෂණයේදී ඔහුට කෝවිඩ් රෝගය වැළඳී තිබී ඇතැයි තහවුරු කරගත් බව සෞඛ්‍ය අංශ අද අනාවරණය කරන ලදි.
මේ සම්බන්ධව අත් අඩංගුවට ගත් පියා සහ මිත්තනිය ශරීර ඇප මත මුදා හැරි අතර මව 18 තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබුවේ නම් මෙම දරුවා අදත් ජීවත්ව සිටිනවා විය හැකිය. දරුවන්ට වෙන මෙවැනි ආකාරයේ මරණීය හිරිහැර දිගින් දිගටම අසන්නට ලැබීම කණගාටුවට හා කළකිරීමට පත්වෙන දෙයකි. පසු ගිය කාලයේ මැරෙන තුරු දැරිවියකට වේවැලෙන් පහර දී ඇය මරා දැමූ සිද්ධියක් අපි දැක්කෙමු. මෙම සිද්ධිවලට මුල් වූ පුද්ගලයින් අපරාධ චේතනාවකින් මේවා නොකළත් අවසානයේදී වන්නේ ඉතා විශාල අපරාධයකි. දියුණු මොළයක් තියෙනවා යයි කියන මිනිසුන්ට සමහර අවස්ථාවලදී හරි වැරද්ද නොතේරුණාට තිරිසන් සත්තුවත් තමා යටතේ සිටින පැටවුන්ට මේ ආකාරයට නොසලකයි. මේ සිද්ධි වලට මුල වැරදි මතවාද වලින් මනස අන්ධ වීමයි...
වැලයන පැත්තට මැස්ස ගහනවා මිසක් මතවාද වෙනස් කරන්න, කතා කරන්න යන්නේ කව්ද? මිනිස්සු තමුන් දරන මතයෙන් වෙනස් වෙන්න සූදානම්ද? දේවියන් අදහන්න, වඳින්න ගිය මිනිසුන් බේරා ගන්න දෙවියන්ට බැරි වුණා. ඒත් තුවාල ලබා අසරණ වෙච්චි මිනිසුන්ට දෙවි පිහිටයි, ජේසුපිහිටයි කියනවා. බයිබලයේ කියන හැටියට ඒ කාලේ මෙහෙම ආපදාවක් වුණාම දෙවියන් මිනිසුන්ට කතා කරනවා. දෙවියන් ඒබ්රහම්ට කතා කර උපදෙස් දෙනවා කෝ අද?