(සුජිත් හේවාජුලිගේ )
රට පුරා කළු ගල් වැඩ බිම් රැසකට ගෙනවිත් තිබූ විවිධ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය විවිධ ප්‍රමාණවලින් පසුගිය කාලයේදී වරින්වර අතුරුදන්වී ඇතැයි වාර්තා වේ.
කළු ගල් වැඩපළවල්වලට ගෙන එනු ලබන පුපුරණ ද්‍රව්‍ය මේ ආකාරයට අතුරුදන්වීම හෝ අස්ථානගතවීම ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ නිසා ඒ සම්බන්ධයෙන් විශේෂිත අධීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කරන්නැයි එම කාර්යාලය රජයට නිර්දේශ කර ඇත.
හම්බන්තොට අම්බලන්තොට ලියන්ගස්තොට ප්‍රදේශයේ කළු ගල් වැඩපොළක පුපුරණ ද්‍රව්‍ය භාවිතා කළ ප්‍රමාණයට සාපේක්ෂව කලු ගල් කැඩීමක් සිදුවී නැතැයි තහවුරුවී ඇත. ඒ අනුව අතිරික්ත පුපුරණ ද්‍රව්‍ය වලට සිදුවූ දේ ගැන කිසිදු තොරතුරක් අනාවරණය නොවන බව එම විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. මෙවැනි සිද්ධීන් තවත් ප්‍රදේශවලින්ද වාර්තාවී ඇත.
ගල් වැඩපළවල්වලින් මෙසේ අතුරුදන්ව ඇතැයි පැවසෙන්නේ ගල් වෙඩි බෙහෙත්, ඇමෝනියම් නයිට්රේට් සහ වෝටර් ජෙල් යනාදී පුපුරණ ද්‍රව්‍ය විශේෂයන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ගබඩාවේ තියලා දවසේ අවශ්‍යතාවය අනුව පොලිස් ආරක්ෂාව යටතේ වැඩබිමට ගෙනගිය කාලයකුත් තිබුණා... ඒ ක්‍රමය නැවත ඇති කරන්න.
ඡන්දයක් ළඟදීම එනවා වගේ...