(සුජිත් හේවාජුලිගේ )

වාහනවලට ඉන්ධන ලබා දීමේදී කූපන් ක්‍රමයක් හඳුන්වා දෙන්නැයි ඉල්ලීම් කළද ඉහළ පෙළැන්තියේ බලපෑම නිසා එය ක්‍රියාත්මක නොවූ බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ඉහළ පැලැන්තිය එවැනි ක්‍රමයකට කැමති නැතැයිද  හෙතෙම සඳහන් කළේ‍ය.

රටේ ආර්ථිකයට  බලපෑම් ඇති වන විට  මෙවැනි ක්‍රමවලට යෑමට සිදුවන බව පැවසූ  අමාත්‍යවරයා   භාවිතය සීමා  කිරීමෙන් ඉන්ධන  ප්‍රශ්නයට  යම්  විසඳුමක් ලබාගත හැකි බවද  සඳහන් කළේය.

"අපි ඉල්ලන  සියලු දේවල්  ආණ්ඩුවෙන් ඉටුවන්නේ නැහැ." යැයිද ඔහු කීවේය.