IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


විදුලිය-රෝගී නඩත්තුව අත්‍යවශ්‍ය සේවා යටතට

(සුජිත් හේවාජුලිගේ)

විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ ඊට සමාන ආයතන වල  රෝගී නඩත්තුව, පෝෂණය කිරීම රැක බලා ගැනීම  යනාදී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින්  විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

එම කටයුතු මහජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන්  බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

වැඩ වර්ජන හේතුවෙන් විදුලි බල  සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල  කටයුතුවලට  පසුගිය සතිය පුරා  විවිධ බාධා එල්ල විය



අදහස් (17)

විදුලිය-රෝගී නඩත්තුව අත්‍යවශ්‍ය සේවා යටතට

කිරි පුතා Saturday, 12 February 2022 10:44 AM

අපේ රටට දැඩි පාලනයක් නම් අත්‍යාවශ්‍යයි. රාජ්‍ය සේවකයින් විකාරයක් වෙලා තියෙන්නේ... මොකක් හරි හේතුවක් හොයාගෙන වැඩ වරනවා. හැබැයි මුලු පඩියම ගන්නවා.

:       18       53

Dewa Saturday, 12 February 2022 11:04 AM

එන්නේ මොකටද කියලා හරි පැහැදිලියි. මේකවත් හොඳටම කරන්න.

:       5       36

පැරකුම් Saturday, 12 February 2022 11:31 AM

හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කොට සියලු පොදුසේවා අත්‍යාවශ්‍ය ලෙස සලකා කටයුතු කරන ලෙස කලක පටන් අප කළ යෝජනාවන් පරිදි මුලදීම ක්‍රියාත්මක වූවා නම් ජනතාවට මෙවන් දුෂ්කර තත්වයන්ට මුහුණ දීමට සිදුනොවනු ඇත. ඒ සඳහා අවශ්‍ය සියලු නීතිමය ප්‍රතිපාදන ඇත. අවශ්‍ය නම් 2/3 බලයද ඇත. එසේ නම් ඊට හේතුව රජයේ නොහැකියාව හැර අන් කවරක්ද...?

:       8       29

duolicate RalahamiSaturday, 12 February 2022 01:44 PM

අනේ මහත්තයෝ, දැන්වත් ගොන්කතා කියන එක නවත්තගන්න.. රටේ කිරිපිටි නැහැ, සිමෙන්ති නැහැ. එළවළු, අත්‍යාවශ්‍ය බඩුමිල අහස උසට නැගලා. ගොඩක් බෙහෙත් ජාති නැහැ. ඒවා වුණේ වැඩ වර්ජන හින්දාද? නැහැ.. ආණ්ඩුවේ නොහැකියාව නිසා... ගෑස් සිලින්ඩර පුපුරන්නේ වැඩ වර්ජකයෝද? නැහැ.. මේ රජයට අරමුණක් නැහැ. ජනතාව රවටනවා හැර... ඔබත් එන්නේ ජනතාව රවට්ටන්නද?

:       13       32

BamunuarachchiSaturday, 12 February 2022 05:32 PM

ඔබත් ඔය ගොන්කතා නවත්වන්න ඔය ඔක්කොම නැත්තේ රටේ ඩොලර් නැති නිසයි. රටට ඩොලර් ඒම නතර වුනේ කොරෝනා නිසයි. ඒක තේරුම් ගන්න. මීට වඩා ඇත්තක් තිබෙනවා නම් කියන්න. ජනතාව රවට්ටන්නේ මොන මගුලකටද? අමාරුකම රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. ඕක හොම්බට ඇනලා කියා දෙන්න ඕනේ දෙයක් නොවෙයි...

:       39       16

වර්ණකුලසූරිය Saturday, 12 February 2022 08:15 PM

බමුණුආරච්චි කියන්නේ ඩොලර් නැත්තේ කොරෝනා නිසාලු. කැබිනට් ඇමැති උදය ගම්මන්පිල මහතා කියන්නේ විනිමය ගැටළුව කොරෝනා නිසාම නොවේලු. අපි කොයි බමුණාගේ කතාව පිළිගනිමුද?

:       4       23

BamunuarachchiSunday, 13 February 2022 08:16 AM

වර්ණකුලසූරිය, බුද්ධ වචනය අනුව මොන බමුණා කිව්වා නිසාවත් නොවෙයි, හරි විමර්ශනයක් කරලා තමන්ගේ බුද්ධියෙන් බලන්න. බුද්ධියෙන් අඩු නම් කරන්න දෙයක් නැහැ. 2005 සිට රටේ සංවර්ධන වැඩ රාශියක් කරලා 2008 දී ලෝක ආර්ථිකය කඩා වැටුණු වෙලාවේ අපි නොවැටී සිටියාම, 2015 රට බාර දෙද්දී ආර්ථික වර්ධනය 6.5%ක් තිබුණා නම් 2020දී රට නැවත බාරගන්නා විට ආර්ථික වර්ධනය 1.5% වැටී තිබුණා නම්, 2020 රට බාර ගන්නාවිට ලැබුණේ ආර්ථිකයෙන් වැටුණු කොරෝනා වසංගතය සමග රටක් නම් ඔබට යමක් හිතන්න ඉතුරුවෙලා තිබෙනවා නේද? කොරෝනා වසංගතය නිසා අපිට නැති වුණු දේවල් මොනවද? 2020 අරුණ පත්‍රය කියන විදිහට වෙද්සර කියා 37000 අහිමිවෙලා, අපේ රට වසාදැමුවා.. විශාල විදේශීය විනිමයක් ගෙනා සංචාර ව්‍යාපාරය බිංදුවටම කඩා වැටුණා.. මෙවන් මොහොතක ආත්මාර්ථකාමී පාදඩ මිනිස්සු රටට ඩොලර් එවීම නැවැත්තුවා... මීටත් වඩා වැටීමක් අපි වගේ දුප්පත් රටකට මුහුණ දෙන්න පුළුවන්ද..? රාජපක්ෂලා පුරුදු වෙන්න රටක් පාලනය කරන මිනිස්සු නොවෙයි. කුලේ වර්ණ වුණාට වැඩක් නැහැ.. බුද්ධිමත්ව සිතන්න බැරි නම්...

:       5       1

රාවණා Saturday, 12 February 2022 11:52 AM

ලෝකේ මොන රටේද ලෙඩ්ඩු මරලා කරන වැඩ වර්ජන නීත්‍යානුකූල වුණේ..? මේ සේවාවන් අනිවාර්යයෙන්ම අත්‍යාවශ්‍ය තමයි. රත්නප්‍රිය මැතිතුමා කියනවා එතුමාගේ වැඩ වර්ජනය නීත්‍යානුකූලයිලු, නමුත් පැහැදිලිවම තව කෙනෙකුගේ ජීවත්වීමට ඇති අයිතිය බිල්ලට දී කරන වැඩ වර්ජන අතිශය අමානුෂිකයි.

:       7       43

RaveendraSaturday, 12 February 2022 01:12 PM

රාවණා මයා වෙත. ඔබ විසින් ඔබගේම මව් බසට නිගා කර ඇති බව ඉතා කණගාටුවෙන් දැන්වීමට කැමැත්තෙමු. "බූරුවන්ට, බල්ලන්ට, පර බල්ලන්ට, තක්කඩින්ට, පල් හොරුන්ට, මහජන දේපළ හොරාකන දේශපාලුවන්ට මෙන්ම අනෙකුත් අයට මැතිතුමා, එතුමා... වැනි වැදගත් ගෞරවාන්විත වචන භාවිතා නොකරන බව කාරුණිකව සලකන්න. මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව සියලුම පුරවැසියන්ට මෙන්ම දියවන්නාව පට්ටියේ "මන්ද බුද්ධිකයින් 226ටම හා රත්නප්‍රිය" නමැත්තාටද කියැවීමට වාසනාව උදාවේවා....!!! අපගේ මව්බිමට යහපතක්ම වේවා...!!!

:       6       33

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 12 February 2022 12:35 PM

දේශපාලඥයින් ගැන සත පහක විශ්වාසයක් අප තුළ නැහැ. ඒත්, අසරණ ලෙඩුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන වෘත්තීය සමිති තක්කඩින්ගේ බලය බිඳදමා ඔවුන් මෙල්ල කිරීමට කටයුතු කළ යුතුයි. රට පත්වී ඇති මේ අවස්ථාවේදී ස්ට්‍රයික් කිරීම මනුෂ්‍යයින් තියා තිරිසනුන් හෝ අනුමත කරන එකක් නැහැ. ඒ වගේම මෙය මුවාවෙන් තමන් ගොඩ යන අසාධාරණ වැඩ කරන්න එපා කියා රජයටත් මතක් කොට සිටිනවා.

:       2       27

සිරිසේන Saturday, 12 February 2022 12:42 PM

මං මොකුත් කියන්නේ නැහැ නෑමයි... ඕවා ඉතිං කඩදාසි නේ...!

:       2       16

Shan Saturday, 12 February 2022 01:40 PM

දැන් හැම එකේම ගැසට් සෙල්ලම පටන් අරගෙන වගේ. සල්ගාදු පිටියට මිනිස්සු ගෙනාවා වේලේ කොච්චර කොච්චර කොරෝනා බෝ වෙන්න ඇතිද? ඒවා ගැන කතා කරන්න එකෙක් නැහැ.

:       6       24

BamunuarachchiSaturday, 12 February 2022 04:17 PM

ඔව් ඔව් අපේ කරුමෙට ජෙප්පන්ට රට ගියොත් ගැසට් වෙනුවට තුණ්ඩු කෑල්ලක් තමයි නියෝග එන්නේ. ඉස්කෝලේ ගිහිල්ලා තිබෙනවා නම් රජයේ සෙට් එක කියන්නේ මොකක්ද කියලා ඉගෙන ඇති නේද? ඔයගොල්ලෝ ගිය ජෙප්පන්ගේ පන්තිවල ඉගැන්නුවේ තුණ්ඩු කෑල්ලෙන් තාප්පවල පාප්ප ගාලා පෝස්ටර් අලවලා දැන්වීම් දෙන්න නේද?

:       49       6

BamunuarachchiSaturday, 12 February 2022 04:19 PM

සල්ගාදුපිටියට සෙනඟ ගෙනාවේ නැහැ සෙනඟ ආවා...

:       50       6

Thilina Saturday, 12 February 2022 01:42 PM

අනිවාර්යයෙන් මේ අසාධාරණ තිරිසන් වැඩවර්ජන කුමන හෝ ක්‍රමයකින් නතර කළයුතුයි... රටේ විශාල පිරිසක් රැකියා නැතිවෙලා සෑහෙන්න අසීරුවෙන් ජීවත් වෙනවා. පුද්ගලික අංශයේ ආදායම් අඩුවෙලා... අසීමිත කැපකිරීමක් කරනවා මාසික වේතනය වෙනුවෙන්... මොවුන් ඉහළ පඩි ගන්න උදවිය... තවත් මොනවද මේ වසංගතයක්, ආර්ථික අර්බුදයක් අස්සේ මේ කරන නිවට වැඩ... නැවත වර්ජනය කරනවා නම් රැකියා වලින් නෙරපා දමන්න... සිදුවන පාඩුවත් අයකර ගත යුතුයි...

:       3       12

ganegoda Saturday, 12 February 2022 03:14 PM

ඔය හැම දෙයක්ම එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය දේවල් තමයි. ඒත් ක්‍රියාත්මක නොවෙන එක තමයි ප්‍රශ්නේ..!

:       1       7

beau Saturday, 12 February 2022 04:44 PM

බොහොම හොඳයි... දැන් ඉතින් ජනාධිපති අගමැති මැති, ඇමැති, ප්‍රාදේශීය මන්ත්‍රී සහ ආණ්ඩුවේ සහ ප්‍රාදේශීය සභාවල වැඩකරන අයගේ වඩාත් අත්‍යාවශ්‍ය බවට ගැසට් එකක් ගහන්න..ඔය හරක් මඩුවේ ඉන්න 225ම හොරු.. මහජනයා සඳහා කිසි වැඩක් කරන්නේ නැත. අපෙන්ම කා අපටම වද දෙන එවුන්නේ ඉන්නේ...!

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 81 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


අද කාලගුණය
2025 මැයි මස 11 27 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (11) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 1571 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩදී බසයක් ප්‍රපාතයකට පෙරලී අට දෙනෙක් මරුට:37ක් රෝහලට
2025 මැයි මස 11 847 0

කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අට දෙනකු මියගොස් තවත් 37දෙනකු තුවාල ලබා ඇතැයි පො


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 556 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 580 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 850 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1408 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 361 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site