(සුජිත් හේවාජුලිගේ )
අධිභාර බදු පනත් කෙටුම්පත මඟින් සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ බාර අරමුදලින් බදු අය කිරීමට ගෙන ඇති තීරණයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ලංකා කොමියුනිස්ට් පක්ෂයද විරෝධය පළ කර ඇත.
ආණ්ඩුවේ තවත් හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඊට විරෝධය පළ කරන බව ඊයේ ප්‍රකාශ කළේය
සිය පක්ෂය රැස්වී මේ තීරණය ගත් බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරුද්ධ වුණාට කමක් නැහැ. වරප්‍රසාද භුක්ති විඳගෙන ආණ්ඩුවේම ඉන්න. ඉඳලා අන්තිමට ආණ්ඩුව ශක්තිමත් කරන්න ඕනෑ කියලා පනතට අත උස්සන්න. ජනතාව ගොනාට අන්දන්න හැමදාම බැහැ. ලබන ඡන්දෙදි ගෙදර අරිනවා.
ආ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයකුත් තිබෙනවද? මෙච්චර කල් මොවුන් රටට මොනවාද කළේ? නිකන් ගොබ්බයින් වගේ අපි විරුද්ධයි කියන්න එපා... ජනතාවට තේරුම් ගන්න හේතුව කියාපල්ලා...
ඔබත් ඔය ගොන් කතා නවත්වන්න.. ඔය ඔක්කොම නැත්තේ රටේ ඩොලර් නැති නිසයි. රටට ඩොලර් ඒම නතර වුනේ කොරෝනා නිසයි.. ඒක තේරුම් ගන්න. මීට වඩා ඇත්තක් තිබෙනවා නම් කියන්න. ජනතාව රවට්ටන්නේ මොන මගුලකටද? අමාරුකම රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. ඕක හොම්බට ඇනලා කියා දෙන්න ඕනේ දෙයක් නොවෙයි. ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ කීයක් තිබෙනවද? ජෙප්පොත් දෑකත්තයි, මිටියයි ප්‍රදර්ශනය කරනවා. තව කොමියුනිස්ට් පක්ෂයක් කියන ගොයියොත් දෑකත්තයි, මිටියයි ප්‍රදර්ශනය කරනවා. දැන් ඔරිජිනල් කොමියුනිස්ට් කාරයෝ කව්ද?
රට විනාශය කරා ගෙනගිය ප්‍රධාන පක්‍ෂ දෙකේ පාලනය අවසන් කර අළුත් බලවේගයකට රට බාර නොදුන්නොත් අපට ගොඩයෑමක් නෑ. සියලුම වමේ පක්‍ෂ අතීතයේ ගන්නා ලද වැරදි තීරණ ගැන ස්වයං විවේචනයක් කර ජාතික ජන බලවේගය සමග එකතුවිය යුතුයි.