
(සුජිත් හේවාජුලිගේ)
ඉදිරි යල කන්නයේදී ( මාර්තු- සැප්තැම්බර් ) ගොවීන්ට උපරිම ලෙස සහයවීම සඳහා රට පුරා සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා නිලධාරියකු බැගින් යොමු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
මෙරට කෘෂිකර්මාන්තය ඉහළම තැනකට එසවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් මත තමා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පැවසූ යුද හමුදාපතිවරයා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු සැලසුම් සකසා අවසන් කර ඇතැයිද සඳහන් කළේය.
කෘෂිකර්මයට සම්බන්ධ ආයතන සහ නිලධාරින් සමඟ සම්බන්ධවී (සම්බන්ධීකරණය ) ගොවීන්ට පොහොර සැපයීමේ සිට අස්වැන්න ලබාගැනීම දක්වාවූ සියලු කටයුතු සඳහා විවිධාකාරයට උදව් කිරිම මෙම හමුදා නිලධාරීන්ට පැවරෙන වගකීම බවද ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.
කොවිඩ් එන්නත්කරණයේදී උපරිම ලෙස දායකත්වය දැක්වූ ආකාරයටම රටේ කෘෂිකර්මාන්තය ඉහළ නැංවීම සඳහාද ඉහළම දායකත්වය දැක්වීමට යුද හමුදාව සූදානම් බවත් ජනාධිපතිවරයා ඒ සඳහා තමාට අවශ්‍ය උපදෙස් සියල්ල ලබාදී ඇති බවත් යුදහමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
කෘෂි කර්මාන්තය ඉහළ නැංවීම සඳහා විවිධ පාර්ශ්ව ඉදිරිපත් කර ඇති යෝජනාද මෙහිදී සැලකිල්ලට ගන්නා බව පැවසූ ඒ මහතා උතුරු නැගෙනහිර ඇතුළු තෝරාගත් බිම් ප්‍රදේශවල යුදහමුදා සාමාජිකයන් යොදවා විවිධ වගා ව්‍යාපෘති දැනටමත් අරඹා ඇතැයිද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට පන්සල් වල බණ කියන්න හමුදාව දාන්න.. එච්චරයි දැනට ආමි එක නොකරන්නේ.. කෝමත් අද ගොඩක් හාමුදුරුවන් ගැළපෙන්නේ යුද්ධ කරන්න මිසක්, බණ කියන්න නෙමේ...!
රටේ හැම තීරණාත්මක අවස්ථාවකදීම රටට ආදරය කරන පිරිසක් හැටියට ඉදිරියට ආවේ හමුදාවයි. කළගුණ දන්න මොළය තියෙන මිනිස්සුන්ට මේක හොඳට තේරෙනවා. මෙම ප්‍රශ්නයෙන් ගොඩ එන්න යුද හමුදාව මහත් කැපවීමකින් වැඩකරන බවට කිසිම සැකයක් නැහැ. මොකද හමුදාවේ වැඩිපුරම ඉන්නේ ගමේ ගොවිපවුල්වල සාමාජිකයින්...
දැන් නම් කාබනික වගා ව්‍යාපාරය සාර්ථක වන බව විශ්වාස කරන්න පුළුවන්. අනාගත පරපුරට වස විසෙන් තොර ආහාර ලැබේවා...!
සිවිල් කටයුතුවලට හමුදාව මැදිහත් වීම බරපතල ප්‍රශ්නයක් නොවෙයි. ගොවියගේ බෙල්ලෙන් අල්ලලා කාබනික ගොවිතැන් කරවන්න මට පුළුවන් කියලා කෙනෙක් කිව්වා මතකයි..
ගොඩක් හොඳයි. නමුත් ප්‍රමාණවත් නැහැ. වගා නොකළ සම්පූර්ණ ඉඩමම දෙන්න ඔවුන්ට වගාකරන්න.
වසමේ වගාකරන බෝග ප්‍රමාණයන්, අස්වැන්නේ ප්‍රමාණය අස්වනු නෙලන දිනය කෘෂි කර්ම නිලධාරි දන්නවාද? රාජ්‍ය සේවකයින් වැඩක් කරන්නේ නැති නිසා තමයි හමුදාව මැදිහත් වෙන්න වෙන්නේ. කිසිම විනයක් නැති එක එක දේශපාලන පක්ෂවල ක්‍රියාකරුවන් ජනාධිපතිතුමාගේ දැක්මට වැඩ කරන්නේ නැහැ.
ශාහ්! මරුනේ. කුඹුර හමුදාවට අඳේට දීලා ගොවියා වෙන ජොබ් එකක් කරන්න දුන්නා නම් වැඩේ සිම්පල්නේ. ගොවියොත් කැමතිවෙයි.
ශවේන්ද්‍ර, අන්න මැදමුල්ලනේ වැසිකිළි වළත් උතුරනවලු...
අස්වැන්නේ කොපමණ කොටසක් ඔහුට දෙන්න ඕනෑද?
ඉතා හොඳ වැඩක්...!
හමුදාවෙන් කීඩෑවන්ට, පුරුක් පණුවන්ට අනතුරු හඟවාවිද? හමුදාවට නින්දා නොකර නිලඇඳුම ගලවලා දේශපාලනය කරන්න.
යුද භටයෙක් කුඹුරට ආවා කියලා වී වගාවට අවශ්‍ය නයිට්‍රජන් කුඹුරට ලැබෙනවාද? පාරම්පරිකව කුඹුරු කොටපු ගොවියාට මොනවද උගන්වන්නේ? එන්නකෝ කුඹුරට... අපි යුද්ධ කරන හැටි කියලා දෙන්නම්...!
සවේන්ද්‍රට බැරිවෙයිද නන්දසේන වගේ පඹයින් ටිකක් හදලා කුඹුරුවල හිටවන්න... වගා පාළුව නවත්ත ගන්නවත් උදව්වක් වෙයි නේද?