(කහවත්තේ තුෂාර හෙට්ටිආරච්චි )
පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ බටලන්ද සිංහපුර දී වල් ඌරන් සඳහා ඇද තිබු අනවසර විදුලි රැහනක හසුවී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි පැල්මඩුල්ල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ සිංහපුර ඊරියමුල්ල පදිංචි රම්පටි මනන්නලාගේ පුන්සිරි පුෂ්පකුමාර නැමති තිස්නව හැවිරිදි තිදරු පියෙකු සහ ඊරියමුල්ල කට්ටඩිගේ දිනේෂ් මධුශංඛ නැමති තිස් එක් හැවිරිදි එක් දරු පියෙකි.
මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු වන අතර අනෙක් පුද්ගලයා බහුකාර්යය සංවර්ධන නිලධාරියෙකි.
මියගිය දෙදෙනා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඊයේ රාත්‍රී 10 .45 ට පමණ පතලයක් කැපීම සඳහා ඊරියමුල්ල කුඹුරට යන අතර වල් ඌරන් මැරීම සඳහා යොදා තිබූ අනවසර විදුලි රැහනකට හසු වී මෙම සිදුවීම සිදුව ඇතැයි පැල්මඩුල්ල පොලීසිය කියයි.
විදුලි රැහැනට හසුවී සිටි දෙදෙනා එදින රාත්‍රීයේ ම කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දෙදෙනා මිය ගොස් ඇති බව කහවත්ත මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දෙකම හොරකම් නේද? 10.45ට පතල් කපන්න යන්නේ දවල් කාලයේ කපන්න අවසර ලබාගන්නේ නැතිව... විදුලි රැහැන ඇද්දෙත් හොරෙන්...!