කොරෝනා පාලනයට මහාචාර්ය තිස්ස විතාරණගෙන් යෝජනාවලියක් රට නොවසා දැඩි සංචරණ සීමා පැනවීමෙන් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ පැතිරීම පාලනය කළ හැකි යැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය. 13 August 2021
කොරෝනා මව සිඟති දියණිය රැගෙන රෝහලෙන් පැන යයි කොවිඩ් 19 ආසාදිත කාන්තාවක් ඇගේ මාස හයක් වයසැති දියණිය ද රැගෙන කෑගල්ල මහ රෝහලෙන් පැන ගොස් ඇතැයි කෑගල්ල රෝහල් පොලිසිය කියයි. 13 August 2021
ලේ දෙන්න ඇප් එකක් ශ්‍රී ලංකාවට අවශ්‍ය රුධිර අවශ්‍යතාව පවත්වාගෙන යෑමට ‘රත්ත’ ලෙස දුරකථන මෙවලමක් (ඇප්) හදුන්වා දෙන බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසීය. 13 August 2021
“දෙවැනි මාත්‍රාවත් දී ක්‍රමානුකුලව රට විවෘත කරන්න’’ බොහෝ රටවල් විවෘත කර තිබෙන්නේ දෙවැනි මාත්‍රාවත් දුන් පසුව වන හෙයින් ලංකාවටම දෙවැනි මාත්‍රාවත් දී ක්‍රමානුකුලව රට විවෘත කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 13 August 2021
දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් දුම්රිය ස්ථානාධිපතිවරු මේ වන විට ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනය ජනතාව ගැන සිතා අද (13) මධ්‍යම රාත්‍රීයේ අනිවාර්යෙන්ම අවසන් කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය. 13 August 2021
ගම්පහින් ආසාදිතයන් 1676 වාර්තා වෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 1676 දෙනෙකු අද (13) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල දත්ත සදහන් කරයි. 13 August 2021
කැලණි ගඟ දෙපස කැත කරන්නන් අල්ලන්න ආරක්ෂක කැමරා කැලණි ගඟට කසල බැහැර කරන්නන් සොයාගැනීම සඳහා හංවැල්ල සිට පෑලිගොඩ දක්වා පාලම් කිහිපයක සී.සී.ටී.වී කැමරා සවි කිරීමට පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 13 August 2021
එන්නත් ගන්න තවත් තැනක් කොළඹ නගරයේ කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් පුද්ගලයන් වෙනුවෙන් එන්නත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ද අද (13) දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙණ පිරිවෙනේ දී ද එන්නත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 13 August 2021
නිරෝධායන නීති කැඩූ 94ක් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 94 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 August 2021
ශ්‍රී ලංකා හමුදාව වෘත්තීය භාවය වෙනුවෙන් ගෞවරය දිනා ගනී ලෙබනනයෙහි එක්සත් ජාතීන්ගේ අන්තර් බලකායේ (යුනිෆිල්) සාම සාධක රාජකාරි සිදු කරන ශ්‍රී ලංකා භට කණ්ඩායම් වෘත්තීයභාවය වෙනුවෙන් ගෞරවයක් දිනා ගෙන ඇති බව එහි දූත මෙහෙයුම් ප්‍රධානි බල සේනාංකාධිපතිවරයා ශ්‍රි ලංකා රජයට දැනුම් දී ඇත. 13 August 2021
ගුරු විෂමතා විසඳන්න ඇමැති අනු කමිටුව රැස්වේ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය ලබන සතියේ ගුරු විදුහල්පති වෘත්තීය සමති සමග වෙන වෙනම සාකච්ඡා කිරීමට කටයුතු යොදා ඇත. 13 August 2021
’එප්සිලෝන්’ එන්නත්වලින් මට්ටු කරන්න බෑ කොවිඩ් 19 ’එප්සිලොන්’ වයිරස විකෘතිය, ’ඩෙල්ටා’ විකෘතියට වඩා බිහිසුණු බවත්, එය එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන බවත් පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයෝ අනතුරු අඟවති. 13 August 2021
පිළිකා රෝගී දැරියගේ ගිණුමට විද්ද අයකු පොලිස් දැලේ හොරණ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන දැරියකට වැළඳී තිබූ පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට ආධාර පිණිස බැංකු ගිණුමකට බැර වී තිබූ රුපියල් ලක්ෂ තුනක් පමණ මුදලක් ඇෆ් එකක් හරහා වංචනික ලෙස ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 12 August 2021
රාජ්‍ය ඇමතිනී සුදර්ශනී දුන් ආදර්ශය කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුතාගේ විවාහ මංගල්‍ය උත්සවයද කල් දමා ඇත. 12 August 2021
තිස්සගේ කෙටුම්පතට එරෙහි පෙත්සමක් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ’’මානව හිමිකම් සංවිධාන (සංස්ථාපිත) පනත් කෙටුම්පත 2021’’ නැමැති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවට තීරණය කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ලේකම් හා නීතීඥවරු දෙපළක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ඉදිරිපත් කළහ. 12 August 2021
දෛනික කොවිඩ් මරණ 150 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 156 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 August 2021
හමුවුණේ එක් ආසාදිතයයි: කැන්බරා ලොක්ඩවුන් ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර අද (12) සිට සතියක කාලයක් සඳහා හදිසියේ ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කළේය. 12 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,420ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,420 දෙනකු අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 12 August 2021
ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට ඇවිත් රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි සෞඛ්‍යය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 12 August 2021
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ දහයකින් මැතිවරණ කමිටුවට යෝජනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 10ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සිය යෝජනා ඊයේ් (11) ඉදිරිපත් කළේය. 12 August 2021
දුම්රිය ස්ථානාධිපතිවරු පැය 24ක් වැඩ වරති ‘කොවිඩ්’ වංසගතයෙන් ආරක්ෂවීමට දුම්රිය කාර්ය මණ්ඩලවලට සෞඛ්‍ය පහසුකම් ලබානොදීම විරෝධය දැක්වීම ඇතුළු ඉල්ලීම් කීපයක් මූලික කරගෙන අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට හෙට (13) මධ්‍යම රාත්‍රීය දක්වා එක්දින සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් එස්. කසුන් චාමර මහතා පවසයි. 12 August 2021
පවුල් සෞඛ්‍ය සම්මුඛ පරීක්ෂණ කල් යයි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි තනතුර සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කල්දැමු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 12 August 2021
‘ලාෆ්‘ අර්බුදය සතියක් ඇතුළත විසදෙයි ලාෆ් ගෑස් සැපයුම සතියක් තුළ යථා තත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා ‘ලංකාදීප’ යට අද (12) පස්වරුවේ පැවසීය. 12 August 2021
රිජ්වේ රෝහලේ කොරෝනා වාට්ටුවල දරුවන් 152ක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් වාට්ටු හතරක් වෙන්කර ඇති අතර අද වන විට දරුවන් 152ක් ප්‍රතිකාර ලබමින් සිටි බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 12 August 2021
කොවිඩ් මළ සිරුරු ආදාහනයේදී මුදල් අයකිරීම නවත්වයි කොවිඩ් වැළඳී මියයන අයගේ මෘතදේහ ආදාහනය කිරීමේ දී ඔවුන්ගේ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකරන ලෙසත් ඒ සඳහා පළාත් පාලන ආයතනවලට වැය වන වියදම මධ්‍ය රජය මගින් ලබා දීමට පියවර ගන්නා බවත් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 12 August 2021
දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අවදානම් පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 12 August 2021
රත්නපුරේ පුස්තකාල-ළමා උද්‍යාන වහයි මේ මාසය අවසන් වනතුරු රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම පුස්තකාල සහ ළමා උද්‍යාන වසා තැබීමටත්, සතිපොළවල වල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැර අනෙකුත් සියලුම භාණ්ඩ අලෙවිකිරීමට ඉඩ නොදීමටත් අද (12) රැස්වූ රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්ය සාදක බලකා කමිටුව තීරණය කළ බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය. 12 August 2021
ඩෙල්ටාවේ තරම ඉදිරියේදී පෙනෙවි ඩෙල්ටා වයිරසය ඉදිරි සති දෙකේදී ප්රබලව ක්‍රියාත්මක වනු ඇති බවත් මේ තත්වය තේරුම් ගෙන සංචරණ හැකිතාක් සීමා කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නව වයිරස ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 12 August 2021
එන්නත් දීම ඡංගම සේවය යුද හමුදාව අරඹයි බස්නාහිර පළාතේ කොවිඩ් මර්දන එන්නත මෙතෙක් ලබාගෙන නොමැති වයෝවෘධ පුද්ගලයින් සහ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද සිට ආරම්භ කරනු ලැබීය. 12 August 2021
’’ලොක්ඩවුන්’’ බැරිනම් ’’ලොකප්’’ කරන්න ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක හෙයින් රට’’ලොක්ඩවුන්’’(සම්පූර්ණයෙන්ම වැසීම) කළ නොහැකි නම් ’’ලොකප්’’ ( පුද්ගල සංචරණය පාලනය ) කරන්නැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. 12 August 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026