ගම්පහ නගරයේ කඩ හෙට සිට වහයි කොරෝනා රෝග තත්ත්වය අධික ලෙස පැතිර යාම සැලකිල්ලට ගනිමින් ගම්පහ නගරයට ජනතාව ඇදී ඒම වලක්වාලීම පිනිස ගම්පහ නගරයේ වෙළඳසල් සහ සියලුම ව්‍යාපාරික ස්ථාන හෙට (16) සිට සතියක කාලයක් වසා තැබෙන බව නාගරික එක්සත් වෙළඳ සංගමය සදහන් කරයි. 15 August 2021
ලංගමයේ 285කට කොරෝනා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් 285 දෙනෙකු මේ වන විට කොවීඩ් ආසාදිතයන් බවට පත්ව ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 15 August 2021
75ක් සපිරෙද්දී එජාප නායකයාගෙන් අලුත් වැඩක් එක්සත් ජාතික පක්ෂයේ 75 සංවත්සරයට සමගාමීව ආරම්භ කරනු ලබන පක්ෂ ප්රතිසංවිධාන ජාලය ශක්තිමත් කිරීම සඳහා විශේෂ වගකීම් විමධ්‍යගත කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 15 August 2021
’’වෛද්‍ය නිර්දේශ හරියට ලැබුණොත් රට වහන්න සූදානම්’’ රට ’’ලොක්ඩවුන්’’(වැසීම )කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 15 August 2021
විනය කැඩූ ක්‍රීඩකයන් ඇමරිකාවට විනය කඩකිරීමේ චෝදනාවට මෑතකදී වසරක ක්‍රිකට් තහනමක් පැනවූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යෑමට සූදානම් වන බවට ක්‍රිකට් ආයතනයට ද නිල නොවන මට්ටමෙන් දැනගන්නට ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 15 August 2021
‘‘මාරාන්තික ක්‍රීඩාවේ අවසානය බරපතළ ඛේදවාචකයක්‘‘ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විශේෂඥයන් ඉදිරිපත් කරන යෝජනා අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමින් ආණ්ඩුව සුපුරුදු පරිදි ’’ ජීවිත සමග ක්‍රීඩා කරමින් ’’ සිටින බවත් එම මාරාන්තික ක්‍රීඩාවෙහි අවසානය මොනතරම් බරපතළ ඛේදවාචකයක් දැයි නුදුරේදීම වටහා ගනු ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 15 August 2021
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සීමා කරයි ’කොවිඩ්’ අවදානම හේතුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සීමා කළ බව එහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා පවසයි. 15 August 2021
ගම්පහ ආසාදිතයන් පැය 24ට 2000 පනී ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින්,අද (15) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 2270 දෙනකු වාර්තා වි ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි. 15 August 2021
කිරි දානයෙන් කොරෝනා පොකුරක් හල්දුම්මුල්ල දඩයම් පොල කිරිඅම්මා දානමය පිංකමක් පැවැත් වූ නිවසකට සහභාගිවූ 14 දෙනකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව කොස්ලන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක චානක මධුරංග මහතා පවසයි. 15 August 2021
මල්වර උත්සවයට ආ 48කට නිවෙසින් පිට වෙන්න බෑ සෞඛ්‍ය අංශයේ අනුමැතියකින් තොරව නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් නොර්වුඩ් ප්‍රදේශයේ නිවසක පැවැත් වූ මල්වර උත්සවයක් නතර කර එම උත්සවයට සහභාගි වු 48 දෙනකු මේ මස (28) දින දක්වා ඔහුන් පදිංචි නිවාසවලම ස්වයං නිරෝධානයට යොමු කළ බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පවසයි. 15 August 2021
පළාත් කීපයකට මද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 August 2021
ව්‍යජ නෝට්ටු සමග සැකකරුවකු අල්ලයි රුපියල් 500, රුපියල් 100, රුපියල් දහසේ, ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සමඟ සැකකරුවන් දෙදෙනකු ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 15 August 2021
මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහර දුන් දෙකක් අල්ලයි දික්වැල්ල කෝන්දෙණිය ප්‍රදේශයේදී දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 15 August 2021
‘කොවිඩ්’ ආසාදිතයන් 11,000 ක් වෛද්‍ය අධීක්ෂණයෙන් නිවෙස්වල ‘කොවිඩ්’ ආසාදිතයන් 11,000 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස් නිරෝධායනයේ සිටින බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥාවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය. 15 August 2021
අධිවේගයට බොරු තොරතුරු දුන්නොත් පිටවන විට වැඩ වරදී අධිවේගී මාර්ගයට ඇතුල්වන වාහන වැරදි තොරතුරු ඉදිරිපත් කළ හොත් ගමනාන්තයේදී එම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 15 August 2021
නිරෝධායන නීති කැඩූ 109 පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 109කු ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 15 August 2021
සඳුදා සිට ස්වයං සංචරණ සීමාවකට යමු ‘කොවිඩ්’ වසංගතයෙන් ජීවිත ආරක්ෂා කරගැනීමට සඳුදා සිට ස්වයං සංචරණ සීමා පාලනයක් ඇතිකරගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 15 August 2021
සමාජයේ ආසාදිතයෝ දිනකට 30,000 ක් :වෛද්‍ය විශේෂඥයෝ අනුමාන කරති පරීක්ෂණවලින් අනාවරණය නොවුණද කොවිඩ් ආසාදිතයන් 30,000ක් පමණ දිනපතා වාර්තා වන බවට අනුමාන කළ හැකි යැයි වෛද්‍ය විශේෂඥයෝ පවසති. 14 August 2021
තවත් ආසාදිතයන් 822ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 822 දෙනකු අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 14 August 2021
කොරෝනා මරණ 160ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 160 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 14 August 2021
ලාම්පු තෙල් ගන්නත් දිගු පෝලිම් දිවයිනේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් පසු ගියද දක්නට ලැබුණු අතර අද ඔරුගොඩවත්ත ලාෆ්ස් පිරවුම් අසල භුමි තෙල් ගැනීම සදහා උදැසන සිටි දිගු පෝලිම් දක්නට ලැබුණි. 14 August 2021
අමාත්‍යංශ හතරක් වෙනස් වන හැඩ කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනකුගේ පමණක් විෂය පථයන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ . 14 August 2021
කොවිඩ් ආසදිතයන් තව 2,423ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,423 දෙනකු අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 14 August 2021
ගුවන්තොටුපලේ රැපිඩ් පී.සී.ආර් අද සිට ඇරඹේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා රැපිඩ් පි.සී.ආර් පරීක්ෂණ අද (14) සිට ගුවන්තොටුපොළේදීම සිදුකෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියාපසිටී. 14 August 2021
බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීම තාවකාලිකව නතර කරයි බන්ධනාගාර ගත රැදවියන් සදහා අමුත්තන් පෙන්වීම තවදුරටත් තාවකාලිකව නැවත දැනුම් දෙනතුරු නතර කර ඇතැයි බබන්ධනාගාර ආරංචිමාර්ග කියයි. 14 August 2021
ඔක්සිජන් ඇණවුම ඉන්දියාවට බාරදෙයි ඉන්දියාවෙන් සතියකට ඔක්සිජන් මෙට්ට්‍රික් ටොන් 100 බැගින් ආනයනය කිරීමට ඇණවුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 14 August 2021
පාර්ලිමේන්තු පොලිසියේ 10කට කොරෝනා පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන් 10 දෙනෙකුට පසුගිය සති දෙකේදී (පසුගිය 2වැනිදා සිට මේ දක්වා) කොරෝනා ආසාදනයවී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ. 14 August 2021
කෝටි පහක කේරල ගංජා - අයිස් වැල්වැටිතුරෙන් අල්ලයි රුපියල් කෝටි 5 ක පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනකු වැල්වැටිතුරේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදා පවසයි. 14 August 2021
ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව දීමට තීරණය කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය. 14 August 2021
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් කෙරෙන ගැසට් නිවේදනය සඳුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලා නීතියක් බවට පත් කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයක් ලබන සදුදා නිකුත් කෙරෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය 14 August 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026