’’පොඩි ලැසී’’ යළි රිමාන්ඩ් පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් ’’පොඩි ලැසී’’ නමැත්තා ලබන 18 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (04) නියෝග කලේය. 04 January 2022
නිධන් ගන්න ගිය කතක් ඇතුළු 4 ක් මාට්ටු මාතලේ පලාපත්වල කිරිගල්පොත්ත ප්‍රදේශයේ ඉඩමක නිධානයක් ගැනිමේ අරමුණින් කැණිම් සිදු කළ බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු අද (04) අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස දුෂණ විමර්ශන කාර්යංශය කියයි. 04 January 2022
’’සහන පැකේජයෙන් රටේ අති උද්ධමනයක් ඇතිවිය හැකියි‘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හඳුන්වා දුන් සහන පැකේජය තුළින් රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදයට විසඳුමක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 04 January 2022
සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමැති ධූරයෙන් ඉවතට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 04 January 2022
පළාත් කිහිපයකට විටින් විට වැසි උතුරු, නැගෙනගිර, උතුරු මැද සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (4) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 January 2022
ටික් ටොක් වීඩියෝවෙන් බාලවයස්කරු මරුට ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් අතරතුර ඇති වූ ගැටුමකින් ග්‍රෑන්ඩ්පාස් රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ දී 17 හැවිරිදි බාලවයස්කරුවක්ට පිහියෙන් ඇන මරා දමා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 04 January 2022
වාරියපොළ ප්‍රා.සභාපතිට ධූරය අහිමි වෙයි වාරියපොල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.එම්.ටී.බී. දිසානායක මහතා මෙම ජනවාරි මස 01 වෙනි දින සිට ධූරයෙන් ඉවත් කළ බවට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහත විසින් 2022 01 03 දින අංක 2261/04 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පතකර ඇත. 04 January 2022
රජය අයි.එම්.එෆ් සමග සාකච්ඡා කිරිමට යයි ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළු සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කීවේය. 04 January 2022
බොරැල්ලේ ස්වර්ණාභරණ කොල්ලයේ ප්‍රධාන සැකකරු මාට්ටු බොරැල්ල නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලකට ඇතුළු වී වෙඩි තබා සේවකයන් බියකර රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා රන් ආභර කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මාවනැල්ල ප්‍රදේශයේදී මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාතේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. 04 January 2022
දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුව යළි ඇවිළෙයි දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයට අයත් ප්‍රධාන පැරැණි ගොඩනැගිල්ලේ යළිත් වරක් ගින්නක් හටගත්තේය. 04 January 2022
මහවැලි ගඟේ සංවේදී කලාපයක වැලි ගන්න අවසර දීලා ත්‍රිකුණාමලය සාපි නගර් ප්‍රදේශයේ මහවැලි ගඟේ හෙක්ටයාර් 27 භූමි ප්‍රමාණයක් යන්ත්‍ර සුත්‍ර යොදා වැලි කැණිමට නීති විරෝධීව අවසරයක් ලබා දී ඇතැයි පරිසරවේදීහුු පෙන්වා දෙති. 03 January 2022
රජයෙන් මේ මස සිට සහන මල්ලක් කොව්ඞ් වසංගතය සහ ආර්ථික ගැටළු වලින් පීඩා විඳින ජනතාවට සහන ලබාදීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදීමට රජය තීන්දු කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේදී අද රාතී‍්‍ර පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 03 January 2022
පොලිසිය සැකකරුවකු අල්ලන්න මහජන සහාය පතයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විමර්ශනයකට අදාළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. 03 January 2022
පාකිස්තානයේදී ඝාතනය වූ ප්‍රියන්තගේ බිරියට ලක්ෂ 25ක් පාකිස්ථානයේදී අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳට හා දරුවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු සුභ සාධන අරමුදලින් ලබාදෙන ලක්ෂ 25 ක් අද ලබා දුන්නේය. 03 January 2022
චීන පොහොර අර්බුදය සමථයට අවසර ජීවානුහරණය කළ කාබනික පොහොර එවීමට වු එකඟතාවය අනුව කටයුතු නොකරමින් ක්ෂුද්‍ර ජීවීන් අඩංගු කාබනික පොහොර එවු බව කියන ‘චින්ඩා ඕ’ චීන සමාගමට එරෙහිව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම පැවරූ නඩු දෙක සමථයකට පත් කරගැනීමට අවසර දුන් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ‘චින්ඩා ඕ’ චීන සමාගමේ දේශිය නියෝජිතයාට ණයවර ලිපි මඟින් මුදල් ගෙවීම වළක්මින් මහජන බැංකුවට හා දේශිය නැව් සමාගමට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය විසුරුවා හැරීමටද විනිසු 03 January 2022
කොරෝනා ආසාදිතයන් අදත් 300 සීමාවේ කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 365 දෙනකු අද (3) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 03 January 2022
අධිවේගී බස් ගාස්තුවත් ඉහළ යයි ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව මගී ප්‍රවාහන සාමාන්‍ය සේවා බස් ගාස්තු සියයට 17.44 කින් ඉහළ දැමීමත් සමඟ අධිවේගී මාර්ග බස් ගාස්තු ද ඉහළ දැමූ බවත් ඒ අනුව කොළඹ සිට කතරගම දක්වා ගාස්තුව රුපියල් 1210 ක් දක්වා ඉහළ දැමූ බවත් ාජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. 03 January 2022
මුදල් ඇමැතිගෙන් රටේ ආර්ථික විශේෂ හෙළිදරව්වක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් එම අමාත්‍යාංශයේදී තව සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතය. 03 January 2022
නිරෝෂන් ප්‍රේමරත්න ස්වාධීන රූපවාහිනි නව සභාපති ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත්කරනු ලැබ ඇත. 03 January 2022
‘‘මතයක් ඉදිරිපත් කළාට රජය අතර ගැටුමක් නෑ‘‘ ආණුඩුව දරන මතයට වෙනස් මතවාදයක් ඉදිරිපත් කළ පමණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා රජය අතර ගැටුමක් පවතින බවට කිසිවකුටත් තීරණය කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (3) පැවසීය. 03 January 2022
පොලිසියේ අටක් ගිය මස කොරෝනාවට බිලි කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් දෙසැම්බර් මාසයේදී පමණක් පොලිස් නිලධාරීන් 08 දෙනකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 03 January 2022
කොරෝනා මරණ අදත් 18ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය. 03 January 2022
බස් ගාස්තුව වැඩි වෙන්නේ මෙහෙමයි ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 17.44 කින් ඉහළ දැමීමත් සමඟ සාමාන්‍ය සේවා බස් ගාස්තුව අවස්ථා 350 ක් යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (03) නිකුත් කළ ගාස්තු චක්‍රයට අනුව රුපියල් 1,109 ක් පැවැති ඉහළතම බස් ගාස්තුව රුපියල් 1,303 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 03 January 2022
ගෑස් වරද සභාපතිවරයා හා නිලධාරීන්ගේ රට තුළ ගෑස් පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවූයේ ගෑස් සමාගමේ සභාපතිවරයා සහ නිලධාරීන් හරියට වැඩ නොකළ නිසා යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 03 January 2022
දරුවන්ට අමානුෂික වද දුන් පියා රිමාන්ඩ් සිය දරුවන් දෙදෙනා නිරුවත් කර ගස් බැද ඇගට මිරිස් කුඩු දමා අමානුෂික ලෙස වද හිංසා සිදු කළ පියා හැටන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරිමට දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ඒ.එල්.හෙට්ටිවත්ත මෙනවිය අද (03) නියෝග කළාය. 03 January 2022
‘රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න සියලුදෙනා එක් වෙන්න‘ රට වෙනුවෙන් නිසි යුතුකම් හා වගකීම් ඉටු කිරීමට සියලු දෙනා එක්විය යුතු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 03 January 2022
අරාබි ස්වදේශ ඇමැති අපේ සම්පත් අගයයි ශ්‍රී ලංකාවේ ජල සම්පත සුවිශේෂ බවත්, එය ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතාම වැදගත් බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍ය අහමඩ් අලිසයික් මහතා ඩුබායිහිදී අද (03)පැවසීය. 03 January 2022
කොටස් වෙළෙඳපොළ වාර්තාගත දිනක වර්ධනයක් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (3) දිනයේ ඒකක 399.81 කින් ඉහළ යමින් ඉතිහාසයේ දිනකදී වර්ධනය වූ වැඩිම ඒකක සංඛ්‍යාව වාර්තා කළේය. 03 January 2022
ජල ගාස්තු වට්ටම අත්හිටුවයි ජල ඒකක 25 ට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ලබාදුන් සියයට 10 ක වට්ටම මෙම මස (ජනවාරි) සිට අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 03 January 2022
ඉම්රාන් ඛාන්ගේ පරණ බිරිඳගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක වන රිහාම් ඛාන් ගමන් කරමින් සිටි ඇගේ මෝටර් රථයට යතුරු පැදිවලින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇත. 03 January 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026