කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අදත් වාර්තාවක් කොළඹ කොටස් වෙළෙඳපොළ එහි ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළතම අගය වාර්තා කරමින් ඒකක 13,000 පළමු වරට පසු කරමින් නව වාර්තාවක් අද (5) පිහිටුවීය. 05 January 2022
ටික් ටෝක් ඝාතනයට සිසුන් තුනක් ඇතුළු 6ක් රිමාන්ඩ් ටික් ටොක් සමාජ ජාලා වීඩියෝ රඟදක්වන 17 හැවිරිදි දරුවෙකු පිහියෙන් ඇන ඝාතනය කළේ යැයි කියන සිද්ධියට අදාළව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අත්අඩංගුවට ගත් බාල වයස්කාර දරුවන් 06 දෙනා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය අද (05) නියෝග කළාය. 05 January 2022
රජයේ රැකියා අහිමි වූ උපාධිධාරීන් රැකියා ඉල්ලා උද්ඝෝෂණයේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේදී වයස් සීමා කොන්දේසිය, සේවක අර්ථසාධක අරමුදල් හිමිවීම මත රැකියා නොලැබීම ආදී හේතු මත රැකියා අවස්ථා අහිමිවූ උපාධිධාරීන් සංවිධානය කළ උද්ඝෝෂණ හා සත්යග්රහ කිහිපයක් කොළඹ දී අද (5) පැවැත්විණි 05 January 2022
භානුක රාජපක්ෂ ක්‍රිකට් පිටියෙන් සමුගනියි ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අද (5) පෙරවරුවේ දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 05 January 2022
බාර්වල මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම ලබන සතියේ වෙළෙඳපොළේ (බාර්) ඇති මත්පැන් බෝතල්වලට ස්ටිකර් ඇලවීම ලබන සතියේ ආරම්භ කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා ලංකාදීපයට පැවැසීය. 05 January 2022
බෞද්ධ ශිෂ්ඨාචාරය ප්‍රශ්න පත්‍රය සමඟ උත්තර පත්‍රත් දීලා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබු අ.පො.ස උසස්පෙළ තෙවනවාර විභාග පරික්ෂණයේ බෞද්ධ ශිෂ්ඨාචාරය විෂයේ ii වැනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සමග පිළිතුරු ද මුද්‍රණය කර තිබි ඇත. 05 January 2022
ලක්ෂ 100 ක අයිස් එක්ක වරාය සේවක ඇතුඵ 4 ක් මාට්ටු රුපියල් ලක්ෂ එකසිය හතරක් පමණ වටිනා අයිස් කිලෝ එකයි මිලිග්‍රෑම් විස්සක් සමග ත්‍රිකුණාමලය වරායේ සේවයේ නියුතු බව කියන ප්‍රධාන සැකකරු ඇතුළු හතර දෙනෙකු අද (5) අඟුලාන මංසන්ධියේදී අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි. 05 January 2022
මෝරුන් මැරූ 5 ක් අත්අඩංගුවට වඳවෙමින් යන සත්වයකු වන මෝරුන් මරා ගොඩබිමට රැගෙන එමින් සිටී ධීවරයින් පස්දෙනෙක් අද (05) අත්අඩංගුවට ගත්බව බේරුවල වෙරළ ආරක්ෂක බළකාය කියයි. 05 January 2022
‘ලිට්ට්‍රෝ ගෑස් නිලධාරීන් කට උත්තර දෙන්න තාම ගිහින් නෑ‘ ගෑස් ටැංකි පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහා ලිට්ට්‍රෝ සමාගමේ නිලධාරීන් මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නැතැයි රහස් පොලිසිය තමාට දැනුම් දුන් බව සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 05 January 2022
‘ආහාර හිඟ වුණොත් තියෙන තැනකින් ගන්නවා‘ ආහාර හිඟයක් ඇති වුණොත් ලෝකයේ සෑම රටක්ම සිදු කරන්නේ තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 05 January 2022
‘තෑගි මල්ලක් කියා දුන්නේ ව්‍යසන මල්ලක්‘ නව වසරේ තෑගි මල්ලක් ලෙස ආණ්ඩුව ජනතාවට ලබාදී ඇත්තේ ව්‍යසන මල්ලක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 05 January 2022
රටේ ආරක්ෂාවත් උල්ලංඝනය වෙලා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පැමිණි රාජපක්ෂ ආණ්ඩුව යටතේ රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත්, සමාජ ආරක්ෂාවත් උල්ලංඝනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 05 January 2022
ඔමික්‍රෝන් වළක්වන්න යෝජනාවක් විදේශයන්හි සිට පැමිණෙන සියලු දෙනා මෙරටට ඇතුල්වීමේදී පීසීආර් පරීක්ෂණයට ( Entry p.c.r) ලක් කිරීම මේ මොහොතේදී ඉතා වැදගත් බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 05 January 2022
‘පාන් ගෙඩියක් ගන්න කරත්තෙක මුදල් ගෙනියන්න වෙයි‘ සල්ලි අච්චු ගසා මුදල් බෙදා දීමෙන් රටේ ඩොලර් ප්‍රශ්නයට හෝ ආර්ථික ප්‍රශ්ණයට විසදුම් සෙවිය නොහැකි බව විජ්ජා පෙන්වන ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා තේරුම් ගත යුතුව ඇතැයි සමගි ජන බලවේගය සහකාර ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා පැවසීය. 05 January 2022
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවෙක් රෝහලේදී මරුට පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව ට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (4) පස්වරුවේ මියගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර ඇත. 05 January 2022
අවුරුදු දෙකක උපන් නිවුන්නු ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගැබිනි කාන්තාවක නිවුන්නු දරුවන් බිහි කළ අතර, දරු දෙදෙනා උපන් දිනය වසර දෙකකට යෙදීම සුවිශේෂී සිදුවීමක් විය. 05 January 2022
රාජිතටත් කොරෝනා සමගි ජනබලවේගය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ. 05 January 2022
වෛද්‍ය නිලධාරීන්ගේ මාරුවීම් ගැන තීරණ ගන්න උපදෙස් වෛද්‍ය නිලධාරීන්ගේ මාරුවීම් සම්බන්ධයෙන් ගැටළුවට සියලු දෙනාගේ එකඟතාවය මත විසඳුමකට එළඹෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. 05 January 2022
එන්නත් කාඩ්පත තාක්ෂණ කිරිමේ කටයුතු ඇරැඹේ පොදු ස්ථාන වලදී එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමට අදාළ තාක්ෂණික කටයුතු ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 05 January 2022
මඩකළපු මුහුද රළු වෙයි:ධීවර කටයුතු නතර වෙයි මඩකලපුව දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ධිවරයන් මුහුදු යෑමෙන් වැළකි ඇතැයි වාර්තා වෙයි. 05 January 2022
කුරුණෑගල රෝහල ලෙඩුන් ලෙඩකරවයි කුරුණෑගල ශික්ෂණ රෝහල සතු දහනාගාරයක් අක්‍රියවීම නිසා, රෝහල් භූමිය තුළ සායනික අපද්‍රව්‍ය ගොඩගැසීමෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහලට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයකට පත් වී සිටිති. 05 January 2022
පොලොන්නරුවේ අලි මරණ ඉහලට පොලොන්නරුව වනජීවී කලාපයේ පසුගිය වසරේ අලි මරණ 71ක් සිදුවී ඇතැයි වනජීවී නිලධාරීහු කියති. 05 January 2022
ඉන්දියාවෙන් ඔමික්‍රෝන් පැමිණීම වැලැක්වීමට වැටක් ඔමික්‍රෝන් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් හා සැලකිල්ලක් දැක්වීමට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් තීරණය කර ඇත. 05 January 2022
සතොසෙන් අද සිට ජලය අඩු මිලට ලංකා සතොස නමින් ජල බෝතල් අලවිය අද (5) සිට ආරම්භ කරන බවත් පාවිච්චි කරන ලද එම හිස් ජල බෝතලයක් රුපියල් 10 කට නැවත මිලදී ගන්නා බවත් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 05 January 2022
ටික් ටෝක් ඝාතනයට සිසුන් තුනක් ඇතුළු හයක් මාට්ටු ග්‍රෑන්ඩ්පාස් රන්දිය උයන මහල් නිවාස සංකීරණය ආසන්නයේදී 17 හැවිරිදි බාලවයස්කරුවකු පිහියෙන් ඇන මරා දැමීමේ සිද්ධියට පාසල් සිසුන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් 6 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 05 January 2022
පළාත් කීපයකට අදත් තද වැසි නැගෙනගිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (5) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 January 2022
’ඔමික්‍රොන්’ පෙනහළුවලට කරන බලපෑම අඩුයි ’කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය සෙසු විකෘති මෙන් බරපතල රෝගාබාධ ඇති නොකරන්නේ එය පෙනහළුවලට බලපෑමක් නොකරන නිසා යැයි හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් අනාවරණය කර තිබේ. 05 January 2022
සුසිල් ඉවත් කිරීම ගැන කණගාටුවක් ඇතිවුණා සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කළ බව ඇසීමෙන් තමාට කණගාටුවක් ඇතිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 04 January 2022
අලුත් ආසාදිතයෝ 629 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 629 දෙනකු අද (4) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 04 January 2022
දුමින්ද නාගමුවට ඇප අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය (04) දා නියෝග කළේය. 04 January 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026