IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් පමණක් නොව  ජනමත විචාරණයකින්ද  සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ  දැනුම් දුන්නේය .

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම්දීම කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123(2)(ඇ) ව්‍යවස්ථාව ප්‍රකාරවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූල නොවන  වගන්තිවලට සංශෝධන යෝජනා කිරීම පනත් කෙටුම්පතෙහි ප්‍රකාශිත අරමුණුවලට අනුකූල නොවන  බැවින්,ඒ  වගන්තිවලට නිශ්චිත සංශෝධන යෝජනා කිරීම ප්‍රායෝගික නොවන බවත්  ඒ  වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූල වන පරිදි වෙනස් කිරීම සඳහා   වගන්ති සංශෝධනය කළ හැකි ආකාරය තීරණය කිරීමෙන්ද  මේ අනුව වැළකිය යුතු යැයි  ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති  බවත්  කතානායකවරයා කීවේය.

 



අදහස් (6)

‘විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි‘

fairoos Tuesday, 22 February 2022 01:21 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව තියනකම් ජනතාවට අබ සරණයි...

:       0       6

dasun Tuesday, 22 February 2022 01:48 PM

තාමත් අපේ අධිකරණය ශ්‍රේෂ්ඨයි...

:       0       2

Damith Tuesday, 22 February 2022 04:04 PM

දැන් බල්ලා වලිගෙ අස්සේ ගහගත්තා වගේ ඕක අකුලගන්නේ නැතිව තියන්න ජනමත විචාරණයක්... අත්‍යාවශ්‍ය හින්දනේ ඕක සම්මත කරගන්න හැදුවේ. දැන් අකුලගන්න එපා. 69 ලක්ෂයක් ඉන්නවනේ... මොකටද බයවෙන්නේ? සර් දැන් ඕක තියන්න...

:       0       6

sharm warn Wednesday, 23 February 2022 09:42 AM

හප්පා... යාන්තම් එයාලත් ස්වාධීන වෙන්න හිතිලා වගේ.... ලොකු දෙයක්... නැතිනම් මෙතන රටක් කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ... මේ විදිහට යන්න දුන්නොත්..

:       2       21

saman Wednesday, 23 February 2022 12:40 PM

අධිකරණ රාමුව තුළ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා.

:       0       8

mp Wednesday, 23 February 2022 12:55 PM

තුනෙන් දෙක නම් හොඳටම ලැබෙයි මේ පාර... ජනමත විචාරණයෙනුත් ජය සිකුරුයි...!

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 277 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site