IMG-LOGO

දකුණේ මත් ජාවාරම්කරුවන්ගේ වත්කම් ගැන විමර්ශන

(නිමන්ති රණසිංහ)

ඩුබායි රාජ්‍යයේ සැගව සිටින බව කියන දකුණු පළාතේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක්කටා”නැමැත්තා සහ දකුණේ තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් 20 දෙනකුගේ දේපළ හා වත්කම් පිළිබදව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා හමුවේ අද (21) කරුණු වාර්තා කර ඇත.

කෙටි කාලයක් තුළ විශාල දේපල සහ වත්කම් රාශියක් උපයාගෙන ඇති මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

ඒ අනුව, මේ වන විට ඩුබායි රාජ්‍යයේ ජීවත් වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් තිදෙනකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’, රන්දොඹගේ චරිත් සදකැලුම් නොහොත් “රන්මල්ලී” සහ හේවා කිරින්දගේ දිවාන් පසිදු රත්නායක නොහොත් “ජෝති” යන අයවලුන් සහ තවත් සැකකරුවන් 17 දෙනකු සම්බන්ධයෙන් මෙම පරික්ෂණය ආරම්භ කර ඇති බව නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට බහුදින යාත්‍රාවකින් මෙරට දකුණු මුහුදට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි 350කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 350ට ක ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඉකුත් ජනවාරි මස 24 වැනිදා දකුණු ප්‍රදේශයේ ගැඹුරු මුහුදේදි සැකකරුවන් 17 දෙනකු සමග අත්අඩංගුවට ගත් බව නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු සදහන් කර තිබේ.

 



අදහස් (2)

දකුණේ මත් ජාවාරම්කරුවන්ගේ වත්කම් ගැන විමර්ශන

sharm warn Tuesday, 22 February 2022 09:48 AM

ඇයි දකුණේ විතරක්...? තවත් ඉන්නේ නම් දරපු කට්ටිය බොහෝම ප්‍රසිද්ධයි. ලස්සනට කුඩු සල්ලි ප්‍රසිද්ධියේ සෝද සෝදා... එයාලාවත් ඔය විදිහටම විමර්ශණය කරන්නකෝ...

:       0       0

sam Tuesday, 22 February 2022 12:00 PM

කාගෙද? සාටක දාගත්ත ජරාපක්ෂ හොර නඩේගැන නේද? නියමයි...! ඒ අය තමයි හැම ජරාවැඩක්ම කරන්නේ... !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site